Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 රාජාවලිය 14:29 - Sinhala New Revised Version 2018

29 රෙහොබෝවම් පිළිබඳ ඉතිරි කරුණු ද ඔහු කළ සියල්ල ද රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

29 රෙහොබෝවම් පිළිබඳ ඉතිරි කරුණු ද ඔහු කළ සියල්ල ද රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

29 රෙහොබොවම්ගේ අනික් කාරණාද ඔහු කළ සියල්ලද යූදා රජුන්ගේ ලේකම් පොතෙහි ලියා තිබෙනවා නොවේද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 14:29
22 හුවමාරු යොමු  

සලමොන්ගේ ජීවිතයේ සෙසු කරුණු ද ඔහු කළ සියල්ල ද ඔහුගේ ප්‍රඥාව ගැන ද සලමොන්ගේ ක්‍රියා සඳහන් ඉතිහාස ග්‍රන්ථයේ ලියා නොතිබේ ද?


ජෙරොබෝවම් පිළිබඳ ඉතිරි කරුණු වන ඔහු කළ යුද්ධ ද ඔහු රජකම් කළ හැටි ද ඉශ්රායෙල් රජවරුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබේ.


රජතුමා සමිඳාණන් වහන්සේගේ මාලිගාවට එන සියලු ප්‍රස්තාවන්හි දී මුර භටයෝ ඒවා උසුලාගෙන අවුත් නැවත මුරගෙට ගෙන ගියෝ ය.


ආසා පිළිබඳ ඉතිරි කරුණු ද ඔහුගේ සියලු බලවන්තකම් ද ඔහු කළ සියල්ල ද ඔහු ගොඩනැඟුවාවූ නගර ද ජුදාහි රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද? එහෙත්, ඔහුගේ මහලු වයසේ දී, ඔහුගේ පාදවල වූ රෝගයකින් ඔහු දුක් වින්දේ ය.


රෙහොබෝවම් සහ ජෙරොබෝවම් අතර ඔහුගේ මුළු ජීවිත කාලයේ දී යුද්ධ තිබිණි.


අබියාම් පිළිබඳ ඉතිරි කරුණු ද ඔහු කළ සියල්ල ද ජුදා රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද? අබියාම් සහ ජෙරොබෝවම් අතර යුද්ධ පැවතිණි.


ජෙහෝෂාපාට්ගේ සෙසු ක්‍රියා ද ඔහු පෙන්වූ දස්කම් ද කළ යුද්ධ ද ජුදා රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?


තමාගේ පිය වූ ආසාගේ කාලයෙහි ඉතුරු වූ දේවාල සල්ලාලයන් ඔහු රටින් නෙරපාදැමී ය.


ඔහුගේ සේවකයෝ නැඟිට කුමන්ත්‍රණය කොට, සිල්ලාට යන මාර්ගයෙහි තිබෙන මිල්ලෝහි නිවාසයේ දී ජෙහෝවාෂ් මරාදැමූ හ.


අමශියාගේ අනෙක් ක්‍රියා ජුදා රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?


ෂල්ලුම්ගේ අනෙක් ක්‍රියා ද ඔහු කළ කුමන්ත්‍රණය ද ඉශ්රායෙල් රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබේ.


ජෝතාම්ගේ අනෙක් ක්‍රියා ද ඔහු කළ සියල්ල ද ජුදා රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?


උශ්ශියාගේ අනික් ක්‍රියා ද ඔහු කළ සියල්ල ද ජුදාහි රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?


ආහාස් කළ අනෙක් ක්‍රියා ජුදාහි රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?


හෙසකියාගේ අනෙක් ක්‍රියා ද ඔහුගේ සියලු බලවන්තකම් ද ඔහු පොකුණ සහ ජල කාණුවත් සාදා නුවරට වතුර ගෙනා හැටි ද ජුදාහි රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?


මනස්සේගේ අනෙක් ක්‍රියා ද ඔහු කළ සියල්ල ද ඔහු කළ පාපය ද ගැන ජුදා රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?


ආමොන් කළ අනෙක් ක්‍රියා ජුදා රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?


ජොෂියාගේ අනෙක් ක්‍රියා ද ඔහු කළ සියල්ල ද ජුදා රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?


ජෙහෝයාකිම්ගේ අනික් ක්‍රියා ද ඔහු කළ සියල්ල ද ජුදා රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?


ජෙහෝරාම්ගේ අනික් ක්‍රියා ද ඔහු කළ සියල්ල ද ජුදා රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?


අමශියාගේ සෙසු ක්‍රියා මුල පටන් අග දක්වා ජුදාහි රජුන්ගේ ද ඉශ්රායෙල් රජුන්ගේ ද පොතෙහි ලියා තිබෙනු නොවේ ද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්