සමිඳාණන් වහන්සේ කතා කොට, ‘ආහබ්, රාමොත්-ගිලියද්ට ගොස් එහි දී මරණයට පත් වන පිණිස එහි යෑමට ඔහු පොළඹවන්නේ කවරෙක් දැ’යි ඇසූ සේක. එක් කෙනෙක් මේ ආකාරයට ද තව කෙනෙක් ඒ ආකාරයට ද උත්තර දුන්නෝ ය.
1 රාජාවලිය 22:19 - Sinhala New Revised Version 2018 මීකායා කතා කොට, “එබැවින් ඔබ සමිඳාණන් වහන්සේගේ වචනය ඇසුව මැනව. සමිඳාණන් වහන්සේ තම සිංහාසනයේ වැඩ හිඳිනු ද, මුළු ස්වර්ග සේනාව උන් වහන්සේ ළඟ උන් වහන්සේගේ දකුණු පැත්තේ ද වම් පැත්තේ ද සිටිනු ද මම දිටිමි. Sinhala New Revised Version මීකායා කතා කොට, “එබැවින් ඔබ සමිඳාණන් වහන්සේගේ වචනය ඇසුව මැනව. සමිඳාණන් වහන්සේ තම සිංහාසනයේ වැඩ හිඳිනු ද, මුළු ස්වර්ග සේනාව උන් වහන්සේ ළඟ උන් වහන්සේගේ දකුණු පැත්තේ ද වම් පැත්තේ ද සිටිනු ද මම දිටිමි. Sinhala Revised Old Version මීකායා කථාකොට: එබැවින් ඔබ ස්වාමීන්වහන්සේගේ වචනය ඇසුව මැනවි. ස්වාමීන්වහන්සේ තමන්ගේ සිංහාසනයේ හිඳිනවාත් මුළු ස්වර්ග සේනාව උන්වහන්සේ ළඟ උන්වහන්සේගේ දකුණු පැත්තේද වම්පැත්තේද සිටිනවාත් දුටුමි. |
සමිඳාණන් වහන්සේ කතා කොට, ‘ආහබ්, රාමොත්-ගිලියද්ට ගොස් එහි දී මරණයට පත් වන පිණිස එහි යෑමට ඔහු පොළඹවන්නේ කවරෙක් දැ’යි ඇසූ සේක. එක් කෙනෙක් මේ ආකාරයට ද තව කෙනෙක් ඒ ආකාරයට ද උත්තර දුන්නෝ ය.
තවද, එක් දිනෙක සගලොව රාජ සභාවෙහි ඇමති මණ්ඩලය සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි රැස් වූ අවස්ථාවේ දී විරෝධකාරී සාතන් ද ඔවුන් අතර විය.
නැවත සගලොව රාජ සභාවෙහි ඇමති මණ්ඩලය සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි රැස් වූ විට සාතන් ද ඔවුන් අතර විය.
ඔබ අතර බොරු දෙවි දේවතාවන් නොසිටිය යුතු ය; විදේශීය දෙවි දේවතාවන් හට නමස්කාර නොකළ යුතු ය.
ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේ දර්ශනය කළහ. උන් වහන්සේගේ සිරි පා යට නිල් අහස් තලයේ කාන්තිය බඳු නීල මාණික්‍යමය පදික වේදිකාවක් වැනි දෙයක් විය.
මෝසෙස්, ආරොන්, නාදාබ් සහ අබිහු ද ඉශ්රායෙල්වරුන් අතර මූලිකයන්ගෙන් හැත්තෑදෙනෙක් ද කන්දට නැඟ,
එම්බා ජෙරුසලම! ඔබේ ප්‍රධානීහු ද සෙනඟ ද සොදොමේ හා ගොමොරාවේ සිටි අය වැනි ය. සමිඳුන් වදාරන දේට සවන් දෙන්න. දෙවිඳුන් උගන්වන දේ සිතට ගන්න.
ජෙරුසලමේ සිටින, එහි සෙනඟ පාලනය කරන අහංකාර මනුෂ්‍යයෙනි, සමිඳුන් වදාරන වචනයට සවන් දෙන්න.
“ජාකොබ්ගේ වංශයේ හා ඉශ්රායෙල් වංශයේ හැම පවුලක් ම සමිඳාණන් වහන්සේගේ පණිවුඩයට සවන් දෙන්න.
එබැවින්, මා විසින් ජෙරුසලමෙන් බබිලෝනියට පලවා හරිනු ලැබූ විප්‍රවාසීන් සියල්ලෙනි, නුඹලාගේ සමිඳාණන් වහන්සේ වන මාගේ වචනයට සවන් දෙන්න.’
එම්බා, ජුදාහි ඉතිරි ව සිටින කුඩා පිරිස, සමිඳාණන් වහන්සේගේ වචනය අහන්න. මෙසේ වදාරන්නේ ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ ය. නුඹලා මිසර දේශයට පා තබා එහි ගොස් ජීවත් වන්නට ඉටාගන්නහු නම්,
“මනුෂ්‍ය පුත්‍රය, දිවැස් වැකි කියන ඉශ්රායෙල්හි දිවැසිවරුන්ට විරුද්ධ ව නුඹ දිවැස් වැකි කියමින්, සිය සිතින් දිවැස් වැකි මවා කියන්නන්ට මෙසේ කියන්න: සමිඳාණන් වහන්සේගේ පණිවුඩය අසන්න.
“ ‘එබැවින්, එම්බා වෙසඟනක වන ජෙරුසලම! සමිඳාණන් වහන්සේගේ පණිවුඩයට සවන් දෙන්න. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක:
එබැවින් සමිඳාණන් වහන්සේ වදාරන දේට සවන් දෙන්න. ඉශ්රායෙල් සෙනඟට විරුද්ධ ව දිවැස් වැකි කියන්නට වත්, ඊසාක්ගේ දරු පරම්පරාවට විරුද්ධ ව වචනයක් කියන්නට වත් එපා යයි ඔබ කියන්නෙහි ය.
එවිට, “සමිඳාණන් වහන්සේ මේ අශ්වාරෝහකයන් එවා ඇත්තේ පොළොව පරීක්ෂා කර බලන පිණිස ය”යි රටමරඳ ගස් අතර සිටි මිනිසා කීවේ ය.
එවිට ඔහු මේ අනාවැකිය කී ය: “බෙයෝර්ගේ පුත්, බාලාම්ගේ පණිවුඩය මේ ය. ඇස් පැහැදුණු මිනිසාගේ කියමන මේ ය.
“මේ බාලයන්ගෙන් එකෙකු වත් හෙළා නොදැකීමට වගබලාගන්න. මන්ද, ‘ස්වර්ගයෙහි ඔවුන්ගේ දේව දූතයෝ ස්වර්ගයෙහි වැඩ වසන මාගේ පියාණන් වහන්සේ ඉදිරියෙහි නිරතුරු ම සිටිති’යි මම ඔබට කියමි.
“මනුෂ්‍ය-පුත්‍රයාණන් සියලු දේව දූතයන් පිරිවරාගෙන තේජශ්‍රීයෙන් පැමිණෙන කල, එතුමාණෝ තමන්ගේ මහිමාන්විත සිංහාසනයේ වැඩහිඳින සේක.
එසේ නම් දේව දූතයෝ කවරහු ද? ඔව්හු සියල්ලෝ ම ගැළවීමේ උරුමය ලබන්නට සිටින්නවුන් උදෙසා සේවය පිණිස එවන ලද ආත්මයෝ ය.
දේව දූතයන් ගැන: “උන් වහන්සේ ස්වකීය දූතයන් සුළං ද, ස්වකීය සේවකයන් ගිනි ජාලාවක් ද කරන සේකැ”යි වදාරන සේක.
එහෙත් ඔබ ළඟා වී සිටින්නේ සියොන් කන්දට ය; ජීවමාන දෙවියන් වහන්සේගේ නගරය වූ ස්වර්ගීය ජෙරුසලමට ය; කෝටි සංබ්‍යාත දේව දූත සේනාවන්ගෙන් යුත් මහා රැස්වීමට ය;
එවිට මා බැලූ කල, සිංහාසනය ද ජීවමාන සත්ත්වයන් ද කුලදෙටුවන් ද සිසාරා සිටි මහා දේව දූත පිරිසක් දිටිමි. ඔවුන්ගේ හඬ ද මට ඇසුණේ ය. ඔවුන්ගේ ගණන දස දහසක් වර දස දහසක් ද දහස් වර දහසක් ද විය.
සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය සාවුල් කෙරෙන් පහ ව ගියේ ය. සමිඳාණන් වහන්සේ එවූ දුෂ්ටාත්මයක් ඔහු කැළඹුවේ ය.