ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 රාජාවලිය 2:32 - Sinhala New Revised Version 2018

ඔහු තමාට වඩා ධර්මිෂ්ඨ, වඩා යහපත් මිනිසුන් දෙදෙනෙකු එනම්, නේර්ගේ පුත් ඉශ්රායෙල් සේනාවට අධිපති අබ්නේර්ට ද ජෙතෙර්ගේ පුත් ජුදා සේනාවට අධිපති අමාසාට ද පහර දී, මාගේ පිය වූ දාවිත් රජතුමාට නොදැනුවත් ව ඔවුන් කඩුවෙන් මරාදැමූ බැවින්, සමිඳාණන් වහන්සේ ඔහුගේ ලේ ඔහුගේ ම හිස පිට මෙසේ ආපසු පමුණුවනු ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔහු තමාට වඩා ධර්මිෂ්ඨ, වඩා යහපත් මිනිසුන් දෙදෙනෙකු එනම්, නේර්ගේ පුත් ඉශ්රායෙල් සේනාවට අධිපති අබ්නේර්ට ද ජෙතෙර්ගේ පුත් ජුදා සේනාවට අධිපති අමාසාට ද පහර දී, මාගේ පිය වූ දාවිත් රජතුමාට නොදැනුවත් ව ඔවුන් කඩුවෙන් මරාදැමූ බැවින්, සමිඳාණන් වහන්සේ ඔහුගේ ලේ ඔහුගේ ම හිස පිට මෙසේ ආපසු පමුණුවනු ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔහු තමාට වඩා ධර්මිෂ්ඨවූ වඩා යහපත්වූ මනුෂ්‍යයන් දෙදෙනෙකු එනම් නේර්ගේ පුත්‍රවූ ඉශ්‍රායෙල් සේනාවට අධිපතියා වූ අබ්නේර්ටද යෙතෙර්ගේ පුත්‍රවූ යූදා සේනාවට අධිපතියා වූ අමාසාටද ගසා මාගේ පියවූ දාවිත් නොදැනුවත්ව ඔවුන් කඩුවෙන් මරාදැමූ බැවින් ස්වාමීන්වහන්සේ ඔහුගේ ලේ ඔහුගේම හිස පිටට මෙසේ පමුණුවනවා ඇත.

පරිච්ඡේදය බලන්න



1 රාජාවලිය 2:32
24 හුවමාරු යොමු  

මින් මතු නුඹ පොළෝ තලය මත සාප ලද්දෙක් වේ වා! නුඹ අතින් හෙළූ නුඹේ සහෝදරයාගේ ලෙය උරා බීමට මෙන් පොළොව කට අයාගෙන ඇත. එම පොළොවෙන් නුඹ නෙරපාදමනු ඇත.


එවිට රූබන් පිළිතුරු දෙමින්, “ ‘ළමයාට විරුද්ධ ව පව් නොකරන්න,’ කියා මා ඔබට කීවා නොවේ ද? එහෙත්, ඔබ ඇහුම්කන් නුදුන්නහු ය. එබැවින්, මෙන්න, ඔහුගේ ලේ ගැන අප දැන් වන්දි ගෙවිය යුතු ය”යි කී ය.


මිනිසා, මිනිසෙකුගේ ලේ වගුරුවයි ද ඔහුගේ ලේ ද මිනිසෙකු විසින් ම වගුරුවනු ලැබේ. ඒ මන්ද, මිනිසා, දෙවියන් වහන්සේගේ ස්වරූපය අනුව මවනු ලැබූ බැවිනි.


දාවිත් කතා කරමින්, “මේ ලේ වැගිරීමේ වරදට වගකිව යුත්තේ ඔබ ම ය. මන්ද, ‘මම සමිඳාණන් වහන්සේගේ අභිෂේක ලත් තැනැත්තා මැරුවෙමි’යි කීමෙන් ඔබ ඔබේ ම කටින් ඔබට විරුද්ධ ව සාක්ෂි දුන්නෙහි ය”යි කීවේ ය.


තවද, අබ්සලොම් ජෝවාබ් වෙනුවට අමාසා සේනාපතියා වශයෙන් පත් කළේ ය. අමාසා වූකලී ඉෂ්මායෙල් ජාතික ඉත්රාගේ පුත්‍රයා ය. ඉත්රාගේ බිරිඳ නාහාෂ්ගේ දුව වන අබිගායිල් ය. තවද, ඈ ජෝවාබ්ගේ මව වන ශෙරුයාගේ සහෝදරී ය.


ඒ වරද ජෝවාබ්ටත්, ඔහුගේ පියාගේ මුළු වංශයටත් පඩිසන් දේ වා! ජෝවාබ්ගේ වංශයෙහි ප්‍රමේහ රෝගයක් ඇති කෙනෙකු හෝ කුෂ්ඨ රෝගියෙකු හෝ හැරමිටි වාරුවෙන් යන කෙනෙකු හෝ කඩුවෙන් වැටෙන කෙනෙකු හෝ කෑම හිඟ වූ කෙනෙකු හෝ නො‍සිටින කාලයක් කිසි කලෙක නො‍වේ වා!”යි කීවේ ය.


මෙසේ නේර්ගේ පුත් අබ්නේර් මැරීම රජ්ජුරුවන්ගේ කැමැත්ත නො‍වූ බව මුළු සෙනඟ ද සියලු ඉශ්රායෙල්වරු ද ඒ දවසේ දැනගත්හ.


මා රජු වශයෙන් අභිෂේක ලැබූ නමුත්, අද මම දුර්වල ව සිටිමි; ශෙරුයාගේ පුත්‍රයන් වන මේ මනුෂ්‍යයෝ මට වඩා බලවත් ය; නපුර කරන්නාට ඔහුගේ නපුරුකම ලෙස සමිඳාණන් වහන්සේ විපාක දෙන සේක් වා”යි කීවේ ය.


තමාගේ ගෙයි, තමාගේ යහනේ සිටිය දී, දැහැමි මිනිසෙකු මරාදැමූ දුෂ්ට මිනිසුන්ට ඊට කොපමණ වැඩියෙන් එසේ කරන්නට යුතු ද? එබැවින් ඔහුගේ ලේ වැගිරීමේ වරදට ඔබෙන් පළි ගෙන ඔබ දැන් මිහි පිටින් පහ කරදැමීම මට යුතු නො‍වේ දැ”යි ඇසුවේ ය.


තවදුරටත් රජ තෙම ෂිමෙයිට කතා කරමින්, “ඔබ මාගේ පිය වූ දාවිත්ට කළ සියලු දුෂ්ටකම් ඔබ ඉතා හොඳින් දන්නෙහි ය. එබැවින්, සමිඳාණන් වහන්සේ ඔබේ හිස පිට ඔබේ දුෂ්ටකම ආපසු හරවන සේක.


“තවද, ශෙරුයාගේ පුත් ජෝවාබ් විසින් මට කරනු ලැබූ දේ එනම්, ඉශ්රායෙල් හමුදාවල සෙන්පතීන් දෙදෙනා වූ නේර්ගේ පුත් අබ්නේර්ටත්, ජෙතෙර්ගේ පුත් අමාසාටත් කළ දේ ඔබ දන්නෙහි ය. ඔහු ඔවුන් මරා, සාමය ඇති කාලයේ දී යුද්ධ ලේ වගුරුවා මාගේ ඉඟපටියෙහිත්, මාගේ පා වහන්වලත් යුද්ධ ලේ තැවරුවේ ය.


ඔබ ස්වර්ගයෙහි සිට එය අසා වදාරමින් ක්‍රියා කළ මැනව; ඔබේ මෙහෙකරුවන් විනිශ්චය කළ මැනව; වරදකරුවාට නිසි විපාකය අනුව ඔහුට දඬුවම් දුන මැනව; නිවැරදිකරුවාට ඔහුගේ නිදොස්කම අනුව ඔහුට විපාක දුන මැනව.


ඉශ්රායෙල් රජුන්ගේ අඩි පාරේ ගමන් කරමින්, ආහබ්ගේ වංශය කළ පරිදි ජුදාවරුන් ද ජෙරුසලමේ වැසියන් ද අන් දෙවිවරුන් ඇදහීමට පමුණුවා, ඔබේ පියාගේ වංශය වන, ඔබට වඩා යහපත් වන ඔබේ සහෝදරයන් මැරූ බැවින්,


සමිඳාණන් වහන්සේ ඔබේ සෙනඟටත්, ඔබේ දරුවන්ටත්, ඔබේ භාර්යාවන්ටත්, ඔබේ සියලු සම්පත්වලටත් මහත් පීඩාවකින් පීඩා කරනු ඇත.


ඔවුන් කළ නපුර ඔවුන් පිට ම ආපසු එයි, ඔවුන්ගේ ඒ දුෂ්ටකම ද ඔවුන්ට ම යළි පටිසන් දෙයි.


සමිඳුන්ගේ යුක්තිය ගැන මම තුති ගී ගයමි. අති උත්තම හිමිතුමාණන් හට තුති ගී පවසමි.


එබැවින් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “මාගේ ජීවමාන නාමයෙන් දිවුරා මෙසේ කියමි: ඔහු සුළු කෙළේ මාගේ දිවුරුම ය; ඔහු කඩ කෙළේත් මාගේ ගිවිසුම ය; මම ද ඔහුට දුර්විපාක දෙන්නෙමි.


එහෙත්, ඔබ එලෙස නොකරන්නහු නම්, සමිඳාණන් වහන්සේට විරුද්ධ ව ඔබ හැම පව් කරන්නහු ය. ඔබේ පාපය ද ඔබ පිට පැවරෙන බව දැනගන්න.


මෙසේ වූයේ, ජෙරුබ්බාල්ගේ පුත්‍රයන් සැත්තෑදෙනාට කරන ලද අයුක්තියේත්, ඔවුන්ගේ ලේ වැගිරීමේත් ප්‍රතිවිපාකය ඔවුන් මැරූ ඔවුන්ගේ සහෝදරයා වන අබිමෙලෙක් පිටත්, ඔහුගේ සහෝදරයන් මැරීමට අනුබල දුන් ෂෙකෙම් වැසියන් පිටත් පැමිණෙන පිණිස ය.


ෂෙකෙම්හි මිනිසුන්ගේ දුෂ්ටකමේ ප්‍රතිවිපාකය දෙවියන් වහන්සේ ඔවුන් පිට පැමිණෙවු සේක. මෙසේ ජෙරුබ්බාල්ගේ පුත් ජෝතාම් කළ සාපය ඉෂ්ට විය.


සාමුවෙල් ඔහුට කතා කරමින්, “සමිඳාණන් වහන්සේ අද ඉශ්රායෙල් රාජ්‍යය ඔබෙන් ගෙන ඉරා ඔබට වඩා යහපත් ඔබේ අසල්වැසියෙකුට දී තිබේ.