ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 රාජාවලිය 18:45 - Sinhala New Revised Version 2018

ඉක්බිති මඳ වේලාවකින් අහස වලාකුළුවලින් ද සුළඟින් ද අඳුරු විය. මහත් වැස්සක් ද ඇති විය. ආහබ් රථයට නැඟී ජෙශ්‍රෙයෙල් නම් නගරයට ගියේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඉක්බිති මඳ වේලාවකින් අහස වලාකුළුවලින් ද සුළඟින් ද අඳුරු විය. මහත් වැස්සක් ද ඇති විය. ආහබ් රථයට නැඟී ජෙශ්‍රෙයෙල් නම් නගරයට ගියේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඉක්බිති මද වේලාවකින් අහස වලාකුල්වලින්ද සුළඟින්ද අඳුරුවුණේය, මහත් වැස්සක්ද විය. ආහබ් රථයට නැගී යෙස්‍රෙයෙල්ට ගියේය.

පරිච්ඡේදය බලන්න



1 රාජාවලිය 18:45
12 හුවමාරු යොමු  

ගිලියද්වරුන්, අෂූර්වරුන්, ජෙශ්‍රෙයෙල්වරුන්, එප්‍රායිම්වරුන්, බෙන්ජමින්වරුන් සහ සියලු ඉශ්රායෙල්වරුන් කෙරෙහි ඔහු රජකමට පත් කෙළේ ය.


සාවුල්ගේ ද ඔහුගේ පුත් ජොනතන්ගේ ද ඇටකටු බෙන්ජමින් රටේ ශේලාහි තිබෙන සාවුල්ගේ පිය වූ කිෂ්ගේ සොහොන් ගෙයි තැන්පත් කොට රජු විසින් අණ කරන ලද සියල්ල ඔව්හු කළෝ ය. ඉන්පසු දේශය වෙනුවෙන් කරන ලද කන්නලව්වට දෙවියන් වහන්සේ සවන් දුන් සේක.


ඉන්පසු මෙසේ සිදු විය. සමාරියේ රජු වන ආහබ්ගේ මාලිගාවට සමීපව ජෙශ්‍රෙයෙල් නගරයේ නාබොත්ට මිදි වත්තක් තිබිණි.


උන් වහන්සේ ජෙශෙබෙල් ගැන ද කතා කොට, ‘ජෙශ්‍රෙයෙල් නගරයේ පවුර ළඟ දී බල්ලෝ ජෙශෙබෙල් කන්නෝ ය.


රථයට නැඟ ජෙශ්‍රෙයෙල්ට ගියේ ය. කුමක් නිසා ද ජෝරාම් එහි ඔත්පල ව සිටියේ ය. ජුදාහි රජ වූ අහසියා ද ජෝරාම් බලන්නට එහි අවුත් සිටියේ ය.


දඬුවමක් වශයෙන් හෝ පොළොව සරුසාර වන පිණිස හෝ දිව්‍ය කරුණාවේ ලකුණක් වශයෙන් හෝ මේ සියල්ල සිදු වෙයි.


ඒ ඉශ්රායෙල් ජාතිකයා පසුපස ගොස් කූඩාරමට ඇතුළු වී, ඔහුගේ හා ඒ ස්ත්‍රියගේ බඩ සිදුරු කරගෙන යන ලෙස දෙදෙනාට ම ඇන්නේ ය. එවිට ඉශ්රායෙල් ජනයා අතර පැතිර ගිය වසංගතය නැවතිණි.


ඉන්පසු ඔහු නැවත යාච්ඤා කෙළේ ය. එවිට අහසින් වැසි වැස, පොළොවේ පලදාව ඇති විය.


ජෝසෙප්ගේ පරපුරේ අය කතා කොට, “කඳු රට අපට මදි ය. මිටියාවත් රටෙහි, එනම්, බෙත්-ෂෙයාන්හි ද ඊට අයිති නගරවල ද ජෙශ්‍රෙයෙල් මිටියාවතෙහි ද වාසය කරන සියලු කානානිවරුන්ට යකඩ රථ තිබේ ය”යි කීවෝ ය.


ඔවුන්ගේ පළාතට ජෙශ්‍රෙයෙල් ද කෙසුල්ලොත් ද ෂුනෙම් ද


එවිට සියලු මිදියන්වරු ද අමලෙක්වරු ද පෙරදිග වැසියෝ ද එකට රැස් ව ජොර්දාන් ගඟෙන් මෙගොඩට අවුත්, ජෙශ්‍රෙයෙල් මිටියාවතෙහි කඳවුරු බැඳගත්තෝ ය.