තවද, ඔහු ආහාර පාන වැළඳූ පසු ඔහු විසින් ආපසු කැඳවාගෙන එන ලද දිවැසිවරයාට යෑම සඳහා කොටළුවාට සෑදලය යොදන ලදී.
1 රාජාවලිය 13:24 - Sinhala New Revised Version 2018 ඔහු පිටත් ව ගිය පසු මාර්ගයේ දී සිංහයෙක් ඔහුට සම්බ වී ඔහු මැරුවේ ය. ඔහුගේ මළකඳ මාර්ගයෙහි දමනු ලැබූ විට කොටළුවා සහ සිංහයා ඒ ළඟ සිටියෝ ය. Sinhala New Revised Version ඔහු පිටත් ව ගිය පසු මාර්ගයේ දී සිංහයෙක් ඔහුට සම්බ වී ඔහු මැරුවේ ය. ඔහුගේ මළකඳ මාර්ගයෙහි දමනු ලැබූ විට කොටළුවා සහ සිංහයා ඒ ළඟ සිටියෝ ය. Sinhala Revised Old Version ඔහු ගියායින් පසු මාර්ගයේදී සිංහයෙක් ඔහුට සම්බවී ඔහු මැරුවේය. ඔහුගේ මළකඳ මාර්ගයෙහි දමනලද්දේය, කොටළුවා ඒ ළඟ සිටියේය; සිංහයාත් මළකඳ ළඟ සිටියේය. |
තවද, ඔහු ආහාර පාන වැළඳූ පසු ඔහු විසින් ආපසු කැඳවාගෙන එන ලද දිවැසිවරයාට යෑම සඳහා කොටළුවාට සෑදලය යොදන ලදී.
එවිට ඔහු, “ඔබ සමිඳාණන් වහන්සේගේ අණට කීකරු නොවූ නිසා මා ළඟින් අහක් ව ගිය කෙණෙහි ම සිංහයෙක් ඔබ මරන්නේ ය”යි කීවේ ය. ඔහු අහක් ව ගිය කෙණෙහි ම සිංහයෙක් ඔහුට සම්බ වී ඔහු මැරුවේ ය.
ඔහු පස්සට හැරී ඔවුන් දැක සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ඔවුන්ට සාප කෙළේ ය, එවිට වැළහින්නන් දෙදෙනෙක් කැලෑවෙන් අවුත් ඒ ළමයින්ගෙන් සතළිස්දෙදෙනෙකු ඉරා දැමූ හ.
අලසයා වැඩට නොයන පිණිස මෙසේ කියයි: “පාරේ සිංහයෙක් ඇත, වීදියේ නිදැල්ලේ දුවන සිංහයෙක් ඇත.”
ඒ දවසේ දී සිදු වන්නේ, සිංහයෙකුගෙන් බේරී දුවන මිනිසෙකු වලසෙකුට අසුවීම වැනි දෙයකි. නැතහොත්, මිනිසෙකු තම නිවෙසට පැමිණ බිත්තියේ අත තැබූ විට සර්පයෙකු දෂ්ට කිරීම වැනි දෙයකි.
කොටළුවා මා දැක තුන්වරක් පාරෙන් ඉවතට ගියේ ය. ඌ එසේ ඉවතට නොගියේ නම්, සත්තකින් ම නුඹ මරා දමා ඒ සතාගේ පණ බේරාගන්නට මම හිතාගෙන සිටියෙමි”යි කීවේ ය.