Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 13:24 - Sinhala Revised Old Version

24 ඔහු ගියායින් පසු මාර්ගයේදී සිංහයෙක් ඔහුට සම්බවී ඔහු මැරුවේය. ඔහුගේ මළකඳ මාර්ගයෙහි දමනලද්දේය, කොටළුවා ඒ ළඟ සිටියේය; සිංහයාත් මළකඳ ළඟ සිටියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 ඔහු පිටත් ව ගිය පසු මාර්ගයේ දී සිංහයෙක් ඔහුට සම්බ වී ඔහු මැරුවේ ය. ඔහුගේ මළකඳ මාර්ගයෙහි දමනු ලැබූ විට කොටළුවා සහ සිංහයා ඒ ළඟ සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 ඔහු පිටත් ව ගිය පසු මාර්ගයේ දී සිංහයෙක් ඔහුට සම්බ වී ඔහු මැරුවේ ය. ඔහුගේ මළකඳ මාර්ගයෙහි දමනු ලැබූ විට කොටළුවා සහ සිංහයා ඒ ළඟ සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 13:24
9 හුවමාරු යොමු  

එවිට ඔහු: නුඹ ස්වාමීන්වහන්සේගේ හඬට කීකරුනූණ නිසා නුඹ මා ළඟින් අහක්ව ගිය කෙණෙහිම සිංහයෙක් නුඹ මරන්නේයයි කීවේය. ඔහු ළඟින් ඔහු අහක්ව ගිය කෙණෙහිම සිංහයෙක් ඔහුට සම්මුඛවී ඔහු මැරුවේය.


එය සිංහයෙකු ඉදිරියෙන් මනුෂ්‍යයෙක් පලායද්දී වලසෙකුට අසුවෙන්නාක්මෙන්ය; නොහොත් ගෙට ඇතුල්වී තමාගේ අත භිත්තියේ තබන විට සර්පයෙක් ඔහුට දෂ්ටකරන්නාක්මෙන්ය.


අලසයා කථාකොට: සිංහයෙක් මාර්ගයේ සිටියි; වීථිවල සිංහයෙක් ඇතැයි කියන්නේය.


අලසයා කථාකොට: පිටත සිංහයෙක් ඇත. වීථිවලදී මට මැරෙන්ට වේයයි කියන්නේය.


ඔහු පස්සට හැරී ඔවුන් දැක ස්වාමීන්වහන්සේගේ නාමයෙන් ඔවුන්ට ශාපකෙළේය. එවිට වැළහින්නියන් දෙන්නෙක් කැලෑවෙන් ඇවිත් ඒ ළමයින්ගෙන් සතළිස් දෙදෙනෙකු ඉරා දැමුවෝය.


තවද ඔහු කෑ බී පසු ඔහු විසින් ආපසු කැඳවාගන එනලද ප්‍රොපේත තැනට කොටළුවා සූදානම්කර දෙන ලද්දේය.


කොටළුදෙනද මා දැක මේ තුන් වරක්ම මා ඉදිරියෙන් ඉවත හැරුණාය. ඈ මා කෙරෙන් ඉවත නොහැරුණා නම් සැබවින් මා විසින් නුඹ මරා ඈ ඉතුරුකරනලද්දේ නොවේදැයි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්