එබැවින් සාරා, “දරු උපතක් නොලැබිය හැකි මහලු වියට පැමිණි පසුත්, මා අඹු-සැමි ප්රීතිය භුක්ති විඳින්න ද? ඇරත් මාගේ සැමියාත් දැන් මහල්ලෙකි”යි කියාගනිමින් සිනාසුණා ය.
1 රාජාවලිය 1:17 - Sinhala New Revised Version 2018 ඈ එතුමාට පිළිතුරු දෙමින්, “මාගේ ස්වාමීනි, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ඔබේ දාසී හට ඔබ දිවුරමින්, ‘සැබැවින් ම ඔබේ පුත් සලමොන් මට පසු ව රජ වී මාගේ සිහසුන අරා හිඳගන්නේ ය’යි කීවෙහි ය. Sinhala New Revised Version ඈ එතුමාට පිළිතුරු දෙමින්, “මාගේ ස්වාමීනි, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ඔබේ දාසී හට ඔබ දිවුරමින්, ‘සැබැවින් ම ඔබේ පුත් සලමොන් මට පසු ව රජ වී මාගේ සිහසුන අරා හිඳගන්නේ ය’යි කීවෙහි ය. Sinhala Revised Old Version එවිට ඈ: මාගේ ස්වාමිනි, ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගැන ඔබගේ මෙහෙකාරීට ඔබ දිවුරමින්–සැබවින් නුඹේ පුත්රවූ සාලමොන් මට පසුව රජ වී මාගේ සිංහාසනය පිට හිඳගන්නේයයි කීවෙහිය. |
එබැවින් සාරා, “දරු උපතක් නොලැබිය හැකි මහලු වියට පැමිණි පසුත්, මා අඹු-සැමි ප්රීතිය භුක්ති විඳින්න ද? ඇරත් මාගේ සැමියාත් දැන් මහල්ලෙකි”යි කියාගනිමින් සිනාසුණා ය.
ඔබ ගොස් දාවිත් රජු ළඟට පැමිණ, ඔහු අමතා, ‘මාගේ ස්වාමීන් වන රජතුමෙනි, සැබැවින් ම ඔබ පුත් සලමොන් මට පසු ව රජ වී ඔහු මාගේ සිහසුන අරා හිඳගන්නේ ය, කියා ඔබේ දාසී හට ඔබ දිවුරුම් දුන්නා නොවේ ද? එසේ නම්, අදොනියා රජ වී සිටින්නේ මන්දැ’යි ඔහුගෙන් අසන්න.
ඔබ එහි රජතුමා සමඟ කතා කරන විට මම ද ඔබට පසු ව පැමිණ ඔබේ වචන ස්ථීර කරන්නෙමි”යි කීවේ ය.
එහෙත්, දැන් අදොනියා කුමරු රජ වී සිටියි. මාගේ ස්වාමීන් වන රජතුමෙනි, ඔබ එය නොදන්නෙහි ය.
‘ඔබේ පුත් සලමොන් මට පසු ව රජ වී මා වෙනුවට මාගේ සිහසුන අරා හිඳින්නේ ය’යි ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් මා ඔබට දිවුරුම් දුන් ලෙස සැබැවින් ම අද දවසේ කරමි”යි දිවුළේ ය.
ඒ අයුරින් සාරා ආබ්රහම්ට “මාගේ ස්වාමියා” යයි කියමින් කීකරු වූවා ය. ඔබත්, බිය නොවී යහපත කරන්නහු නම් ඇගේ දරුවෝ වන්නහු ය.