එවිට නාතාන් සලමොන්ගේ මව වන බැත්-ෂෙබාට කතා කොට, “අපේ ස්වාමීන් වන දාවිත් රජ නොදැනුවත් ව හග්ගිත්ගේ පුත් අදොනියා රජ වී සිටින බව ඔබට සැළ නොවී ද?
1 රාජාවලිය 1:13 - Sinhala New Revised Version 2018 ඔබ ගොස් දාවිත් රජු ළඟට පැමිණ, ඔහු අමතා, ‘මාගේ ස්වාමීන් වන රජතුමෙනි, සැබැවින් ම ඔබ පුත් සලමොන් මට පසු ව රජ වී ඔහු මාගේ සිහසුන අරා හිඳගන්නේ ය, කියා ඔබේ දාසී හට ඔබ දිවුරුම් දුන්නා නොවේ ද? එසේ නම්, අදොනියා රජ වී සිටින්නේ මන්දැ’යි ඔහුගෙන් අසන්න. Sinhala New Revised Version ඔබ ගොස් දාවිත් රජු ළඟට පැමිණ, ඔහු අමතා, ‘මාගේ ස්වාමීන් වන රජතුමෙනි, සැබැවින් ම ඔබ පුත් සලමොන් මට පසු ව රජ වී ඔහු මාගේ සිහසුන අරා හිඳගන්නේ ය, කියා ඔබේ දාසී හට ඔබ දිවුරුම් දුන්නා නොවේ ද? එසේ නම්, අදොනියා රජ වී සිටින්නේ මන්දැ’යි ඔහුගෙන් අසන්න. Sinhala Revised Old Version නුඹ ගොස් දාවිත් රජු ළඟට පැමිණ ඔහුට කථාකොට: මගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි–සැබවින් නුඹේ පුත්‍රවූ සාලමොන් මට පසුව රජවී ඔහු මාගේ සිංහාසනය පිට හිඳගන්නේය කියා ඔබගේ මෙහෙකාරීට ඔබ දිවුරුම් දුන්නා නොවේද? එසේවීනම් අදොනියා රජ වී සිටින්නේ මන්දැයි ඔහුට කියන්න. |
එවිට නාතාන් සලමොන්ගේ මව වන බැත්-ෂෙබාට කතා කොට, “අපේ ස්වාමීන් වන දාවිත් රජ නොදැනුවත් ව හග්ගිත්ගේ පුත් අදොනියා රජ වී සිටින බව ඔබට සැළ නොවී ද?
ඔබ එහි රජතුමා සමඟ කතා කරන විට මම ද ඔබට පසු ව පැමිණ ඔබේ වචන ස්ථීර කරන්නෙමි”යි කීවේ ය.
ඈ එතුමාට පිළිතුරු දෙමින්, “මාගේ ස්වාමීනි, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ඔබේ දාසී හට ඔබ දිවුරමින්, ‘සැබැවින් ම ඔබේ පුත් සලමොන් මට පසු ව රජ වී මාගේ සිහසුන අරා හිඳගන්නේ ය’යි කීවෙහි ය.
නාතාන් කතා කොට, “මාගේ ස්වාමීන් වන රජතුමෙනි, ‘අදොනියා කුමරු මට පසු ව රජ වී මාගේ සිහසුන අරා හිඳගත යුතු ය’යි ඔබ කීවෙහි ද?
‘ඔබේ පුත් සලමොන් මට පසු ව රජ වී මා වෙනුවට මාගේ සිහසුන අරා හිඳින්නේ ය’යි ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් මා ඔබට දිවුරුම් දුන් ලෙස සැබැවින් ම අද දවසේ කරමි”යි දිවුළේ ය.
ඉන්පසු ඔහුට පිටුපසින් ඔබ ආ යුතු ය. ඔහු ද අවුත් මාගේ සිහසුන අරා හිඳගත යුතු ය. ඔහු මා වෙනුවට රජ වනු ඇත. ඔහු ඉශ්රායෙල්වරුන් ද ජුදාවරුන් ද කෙරෙහි අධිපතියා කොට පත් කෙළෙමි”යි කීවේ ය.
තවදුරටත් රජ තෙම කතා කරමින්, ‘මාගේ ඇස්වලින් දකින හැටියට අද මාගේ සිංහාසනයෙහි හිඳගැනීමට කෙනෙකු දුන් ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා!’කියා කීවේ ය”යි අදොනියාට සැළ කෙළේ ය.
සලමොන් ද තම පිය දාවිත් රජුගේ සිංහාසනය අරා හිඳගත්තේ ය. ඔහුගේ රාජ්‍යය ද ස්ථීර ලෙස පිහිටුවන ලදී.
සමිඳාණන් වහන්සේ මට බොහෝ පුත්‍රයන් දුන් සේක. එහෙත්, ඉශ්රායෙල්වරුන් කෙරෙහි සමිඳාණන් වහන්සේගේ රජකම් කිරීමේ සිංහාසනයේ හිඳින පිණිස මාගේ සියලු පුත්‍රයන් අතරෙන් මාගේ පුත් සලමොන් තෝරාගත් සේක.
එවිට සලමොන් තමාගේ පිය වූ දාවිත් වෙනුවට රජ ව සමිඳාණන් වහන්සේගේ සිංහාසනයෙහි හිඳ සමෘද්ධිමත් විය. සියලු ඉශ්රායෙල්වරු ඔහුට කීකරු වූ හ.
එතුමන්ගේ රාජ බලය වැඩි වර්ධනය වන්නේ ය; එම රාජ්‍යයේ සාමයට කෙළවරක් නොවන්නේ ය; මෙතැන් සිට සදහට ම දාවිත් රජුගේ සිහසුනේ වැඩ හිඳින එතුමන්ගේ රාජ්‍යය ස්ථිරව පිහිටුවන ලෙස එතුමාණෝ යුක්තියෙන් ද ධර්මිෂ්ඨකමින් ද රජකම් කරන සේක. සව් බලැති සමිඳුන්ගේ උද්‍යෝගයෙන් මෙය අධිෂ්ඨාන කළ සේක.”
එලෙස ම ඉශ්රායෙල්හි රජකම් කරන පිණිස සෑම කල්හි ම දාවිත්ගේ පරපුරෙන් කෙනෙකු නැඟී එන බවට මාගේ මෙහෙකරු වූ දාවිත් සමඟ මා කළ ගිවිසුමත්, මාගේ සේවක පූජකයන් වන ලෙවීවරුන් සමඟ මා කළ ගිවිසුමත් අවලංගු කිරීමට පුළුවන්කමක් නැත.
ඔහු රාජකීය සිංහාසනය අරා හිඳින කල, ලෙවීවරුන් වන පූජකවරුන්ගේ පොතේ හැටියට මේ ව්‍යවස්ථාවෙන් පිටපතක් ලියාගෙන තමා ළඟ තබාගත යුතු ය.