1 පේත්‍රැස් 3:10 - Sinhala New Revised Version 2018 ශුද්ධ ලියවිල්ලෙහි මෙසේ කියා ඇත: “ජීවිතයට ප්‍රේම කරන, වාසනාවන්ත දවස් දැකීමට කැමැති තැනැත්තේ තමාගේ දිව නපුරෙන් ද තොල් වංචා සහගත වදනින් ද වළක්වාගනී වා! Sinhala New Revised Version ශුද්ධ ලියවිල්ලෙහි මෙසේ කියා ඇත: “ජීවිතයට ප්‍රේම කරන, වාසනාවන්ත දවස් දැකීමට කැමැති තැනැත්තේ තමාගේ දිව නපුරෙන් ද තොල් වංචා සහගත වදනින් ද වළක්වාගනී වා! සිංහල කාලීන පරිවර්තනය මන්ද, “ජීවිතයට ප්‍රේම කරන්නට හා භාග්‍යවත් දවස් දකින්නට ආශා කරන කවරෙක් වුව, තම දිව නපුරෙන් ද තම තොල් රැවටිලි කතාවෙන් ද දුරුව තබා ගනිත්වා. Sinhala Revised Old Version මක්නිසාද: ජීවිතයට ඇලුම්වෙන්ටත් යහපත් දවස් දකින්ටත් කැමති තැනැත්තේ තමාගේ දිව නපුරෙන්ද තමාගේ තොල් වංචා කථාකිරීමෙන්ද වලක්වාගනීවා. |
මිනීවළට යාමෙන් එතුමාණෝ මා මිදූ සේක; දැන් මාගේ ජීවිතයට එළිය දැක්ක හැකි ය’යි කියනු ඇත.
ඔබේ තෝරාගත් සෙනඟගේ ශුභසිද්ධිය දකින්නත්, ඔබට අයිති අය සමඟ ජය ගී ගයන්නත්, ඔබේ උරුමයෙන් මහිමය ලබන්නත් මට ඉඩ දුන මැනව.
එවිට ඔබ දිගායු වළඳන්නෙහි ය; චිරාත් කාලයක් ජීවත් වන්නෙහි ය: සව් සිරින් වැඩිවන්නෙහි ය.
ප්‍රඥාව සෙවීමේ අදහස තිබිය දී ම මුළු මිනිස් ලොවෙහි මනුෂ්‍යයා යා යුතු යහ මඟ කුමක් ද කියාත්, මිනිස් වර්ගයාට ප්‍රීතිය දෙන්නේ කුමක් ද කියාත් දැනගන්න පිණිස මාගේ සිත ගත පිනවීමට මම තීරණය කර ගතිමි.
උන් වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ යහපත ගැන මාගෙන් විචාරන්නේ මන් ද? යහපත් ව සිටින්නේ එක ම එක කෙනෙකි. එහෙත්, ඔබ ජීවනයට ඇතුළු වන්න කැමැත්තෙහි නම් ආඥා පිළිපදින්නැ”යි ඔහුට වදාළ සේක.
සිය ජීවිතය රැකගන්න තැත් කරන යමෙක් වේ ද ඔහු එය නැති කරගනියි. මා උදෙසාත්, සුබ අස්න උදෙසාත් සිය ජීවිතය පුදන යමෙක් වේ ද, ඔහු එය රැකගනියි.
ජේසුස් වහන්සේ නතානියෙල් තමන් වෙත එනු දැක, “මෙන්න, හොරබොරු නැති, සැබෑ ඉශ්රායෙල් ජාතිකයෙකැ”යි ඔහු ගැන වදාළ සේක.
තම ජීවිතයට ඇලුම් කරන්නා එය නැති කරගනියි; මෙලොව තම ජීවිතයට ද්වේශ කරන්නා එය සදාතන ජීවනය සඳහා රැකගනියි.
මෙය ඔබේ ජීවය වන හෙයින් එය වටිනා දෙයකි. ජොර්දාන් ගඟෙන් එතෙර වී අයිති කරගන්නට යන දේශයෙහි මේ දේ පිළිපදින්නහු නම් ඔබ චිරාත් කාලයක් ජීවත් වන්නහු ය”යි කීවේ ය.
යමෙක් තමාගේ දිව දමනය නොකර, තම සිත රවටාගැනීමෙන්, තමා භක්තිවන්තයෙකැ යි සිතන්නේ නම්, ඔහුගේ ආගමෙන් වැඩක් නැත.
එබැවින් සියලු ආකාර ක්‍රෝධ ද සියලු ආකාර රැවටිලි ද වංකකම් ද, ඊර්ෂ්‍යා ද අගුණ කතා ද පහ කරදමන්න.