එහෙත්, සතර වන පරම්පරාවේ දී ඔව්හු නැවත මෙහි පැමිණෙන්නෝ ය. මන්ද, අමෝරිවරුන්ගේ දුෂ්ටකම තව ම නිම වී නැති හෙයිනැ”යි වදාළ සේක.
1 තෙසලෝනික 2:16 - Sinhala New Revised Version 2018 විජාතීන්ට ගැළවීම සලසන පණිවුඩය දේශනා කිරීම පවා අපට තහනම් කර ඇත. මෙසේ ඔව්හු තමන්ගේ පාපවල කෙළවරට ම පැමිණ සිටිති. අවසාන කොට, දැන් දේව උදහස ඔවුන් පිට පැමිණ තිබේ. Sinhala New Revised Version විජාතීන්ට ගැළවීම සලසන පණිවුඩය දේශනා කිරීම පවා අපට තහනම් කර ඇත. මෙසේ ඔව්හු තමන්ගේ පාපවල කෙළවරට ම පැමිණ සිටිති. අවසාන කොට, දැන් දේව උදහස ඔවුන් පිට පැමිණ තිබේ. සිංහල කාලීන පරිවර්තනය අන්‍ය-ජාතීන් ගැලවීම ලබන පිණිස ඔවුන්ට වචනය කතා කිරීමෙන් අප වැළැක්වීමෙනි. මේ අයුරින් ඔවුහු නිරතුරු තම පාප උපරිම සීමාව දක්වා ගොඩගසා ගනිති. අවසානයේදී දෙවියන්වහන්සේගේ උදහස ද ඔවුන් පිට වැටී ඇත. Sinhala Revised Old Version අන්‍යජාතීන් ගැළවෙන පිණිස ඔවුන්ට කථාකිරීම අපට තහනම්කරති. මෙසේ ඔව්හු නිතරම තමුන්ගේ පව් සම්පූර්ණ කරති. උදහස තීන්දුවටම ඔවුන් කෙරෙහි පැමිණ තිබේ. |
එහෙත්, සතර වන පරම්පරාවේ දී ඔව්හු නැවත මෙහි පැමිණෙන්නෝ ය. මන්ද, අමෝරිවරුන්ගේ දුෂ්ටකම තව ම නිම වී නැති හෙයිනැ”යි වදාළ සේක.
ලෝ වැසි සියල්ලෙනි, මා වෙත එන්න; දැන් මාගේ ගැළවීම ලබාගන්න. මා හැර අන් දෙවි කෙනෙක් නොමැත.
සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “උඩඟු අය ද නපුරු අය ද පිදුරු පෝරණුවක දැවෙන්නාක් මෙන් දැවී යන දවසක් පැමිණෙන්නේ ය. ඒ දවසේ දී කිසිවෙක් ඉතිරි නොවන සේ දැවී යන්නෝ ය.
“සමිඳාණන් වහන්සේගේ මහා භයානක දවස පැමිණෙන්නට පෙර මම දිවැසිවර එලියා නුඹලා වෙත එවන්නෙමි.
එවිට ඔහු ගොස් තමාට වඩා අශුද්ධ වෙන ආත්මයන් සත් දෙනෙකු කැඳවාගෙන එන්නේ ය. ඔව්හු, එහි පිවිස එය අරක්ගනිති. මෙසේ ඒ මිනිසාගේ දෙ වන තත්ත්වය පළමු තත්ත්වයට වඩා නපුරු වන්නේ ය. මේ නපුරු පරම්පරාවට ද එසේ ම වනු ඇත.”
රාජ්‍යය පිළිබඳ මේ සුබ අස්න සියලු ජාතීන් හට සාක්ෂියක් වන පිණිස ලොව පුරා ප්‍රකාශ කරනු ලබන්නේ ය. එවිට අවසානය පැමිණෙන්නේ ය.”
යුද්ධ හා යුද්ධ පිළිබඳ කටකතා ඔබට ඇසෙනු ඇත. ඒවාට බිය නොවන්න. මන්ද, මේ සියල්ල සිදුවනු නියත ය. එහෙත්, අවසානය තව ම පැමිණ නැත.
උන් වහන්සේගේ අතෙහි කුල්ල ඇත. උන් වහන්සේ සිය කමත හොඳ හැටි පිරිසිදු කර, ධාන්‍ය අටුවල රැස් කොට, බොල් නොනිවෙන ගින්නෙන් දවන සේකැ”යි කී ය.
අදහා බව්තීස්ම-ස්නාපනය ලබන තැනැත්තේ ගැළවීම ලබන්නේ ය; එහෙත්, අදහා නොගත් තැනැත්තේ වරදකරු යයි තීන්දුව ලබන්නේ ය.
එහෙත් ජුදෙව්වරු එම ජනකාය දැක, ඊර්ෂ්‍යාවෙන් පිරී, පාවුලු කී කාරණාවලට විරුද්ධ ව කතා කරමින් අපහාස කළහ.
එහෙත් ජුදෙව්වරු සැදැහැවත් කුල ස්ත්‍රීන් ද නුවර ප්‍රභූන් ද පොළඹවා, පාවුලු සහ බාර්ණබස්ට විරුද්ධ ව පීඩාකාරී තත්ත්වයක් ඇති කර, තමන්ගේ පෙදෙස්වලින් ඔවුන් පිටතට නෙරපාදැමූ හ.
එහෙත් අන්තියෝකියෙන් ද ඉකෝනියෙන් ද ජුදෙව්වරු අවුත් සමූහයන් පොළඹවා ගෙන, පාවුලුට ගල් ගසා, ඔහු මළහ යි සිතා නුවරින් පිටතට ඇද්දෝ ය.
එහෙත් අදහා නොගත් ජුදෙව්වරු විජාතීන් කළඹා, ඔවුන්ගේ සිත් සහෝදරයනට විරුද්ධ ව පෙළඹුවහු ය.
විජාතීන් ද ජුදෙව්වරුන් ද තමන්ගේ ප්‍රධානීන් සමඟ ඔවුන්ට නිග්‍රහ කරන්නටත් ගල් ගසන්නටත් අදහස් කළ කල්හි,
එහෙත් පාවුලු බෙරියාවෙහිදීත් දෙවියන් වහන්සේගේ වචනය ප්‍රකාශ කළ බව ඇසූ තෙසලෝනිකයේ ජුදෙව්වරු එතැනට පැමිණ, සමූහයා අවුස්සා කැළඹීමක් ඇති කළෝ ය.
එහෙත් සමහරුන් මුරණ්ඩු ව, අකීකරු ව, සමූහයා ඉදිරියෙහි ඒ ධර්ම මාර්ගය හෙළා දකිමින් කතා කළ කල්හි ඔහු ඔවුන්ගෙන් ඈත් වී, ශ්‍රාවකයන් වෙන් කරගෙන, තුරානස්ගේ ශිල්පශාලාවෙහි දවස්පතා තර්ක කරමින් සිටියේ ය.
තමන්ගේ දරුවන් චර්මඡේදනය නොකරන්නටත්, ජුදෙව් වත්පිළිවෙත් නොපවත්වන්නටත් උගන්වමින් මෝසෙස්ට පිටුපා යන්නට විජාතීන් අතර සිටින ජුදෙව්වරුන්ට ඔබ උපෙදස් දෙන බව ඔවුන්ට සැළ වී තිබේ.
පහන් වූ කල ජුදෙව්වරු කුමන්ත්‍රණයක් කර, පාවුලු මරනතුරු නොකා නොබී සිටීමට දිවුරුමකින් බැඳුණෝ ය.
ඔහු ආ කල, ජෙරුසලමෙන් පැමිණි ජුදෙව්වරු පාවුලු වටකර සිට ඔහුට විරුද්ධ ව, ඔප්පු කළ නොහැකි, බරපතල වූ බොහෝ චෝදනා ඉදිරිපත් කළහ.
අන් කිසිවෙකු මඟින් ගැළවීමක් නැත; මන්ද, අපේ ගැළවීම සලසා දෙන ලද අන් කිසි නාමයක් මුළු ලොවෙහි ම මිනිසුන් අතර නැත.”
මම නම් මාගේ ම ප්‍රයෝජනය නොසොයා, බොහෝ දෙනෙකුගේ ගැළවීම පිණිස, ඔවුන්ගේ ප්‍රයෝජනය සොයා, සියල්ලෙහි දී සියල්ලන් සතුටු කරමි.
සහෝදරවරුනි, චර්මඡේදනය අවශ්‍ය බව මම තවමත් ප්‍රකාශ කරම් නම්, කුමක් නිසා තව ම පීඩා කරනු ලබම් ද? එය ඇත්තක් නම් කුරුසිය පිළිබඳ මා ප්‍රකාශ කරන දේ තවත් බාධාවට හේතුවක් නොවේ.
එහෙයින් ඔබ නිසා මා දුක් විඳින බැවින්, අධෛර්ය නොවන ලෙස ඉල්ලමි. ඒ ගැන ඔබ ආඩම්බර විය යුතු ය.
සැදැහැවතුන්ගෙන් ඉතා සුළු තැනැත්තාටත් වඩා සුළු වූ මට, මේ වරප්‍රසාදය දෙන ලද්දේ, ක්‍රිස්තුන් වහන්සේගේ අසීමිත ධන සම්භාරය, විජාතීන්ට දේශනා කිරීමටත්,
තවද, මරණයෙන් උත්ථාන කරනු ලැබූ, පැමිණෙන්නට යන උදහසින් අප මුදන්නා වූ, තමන් වහන්සේගේ පුත්‍රයාණන් වූ ජේසුස් වහන්සේ ස්වර්ගයෙන් වඩිනු බලාපොරොත්තුවෙමින් ඔබ සිටින ආකාරය ගැන ද ඔව්හු කතා කරති.
විනාශයට නියම වූ අය, ගැළවීම අත්කර දෙන සත්‍යය ප්‍රේමයෙන් නොපිළිගත් බැවින්, දුෂ්ට ලෙස රවටනු ලබන්නෝ ය.
එහෙත් ඒ පොළොව කටු ගස් ද, ගොකටු ද දරයි නම් ඉන් වැදගැම්මක් නැත; සාපය ඒ පිට පැමිණෙයි. දැවී යාමෙන් එය අවසන් වේ.
නපුරුකම් කරන්නා, නපුරුකම් කරමින් ද, අපිරිසිදුකම් කරන්නා, අපිරිසිදුකම් කරමින් ද සිටී වා! දමිටු තැනැත්තා දමිටු ක්‍රියා කරමින් ද, ශුද්ධ තැනැත්තා ශුද්ධවන්ත කමෙහි පවතිමින් ද සිටී වා!”යි කී ය.