Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ක්‍රියා 24:9 - Sinhala New Revised Version 2018

9 ජුදෙව්වරු ද ඊට එකඟ ව පැමිණිලි කරමින්, “ඒ සියල්ල සැබෑ ය”යි සම්මත කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 ජුදෙව්වරු ද ඊට එකඟ ව පැමිණිලි කරමින්, “ඒ සියල්ල සැබෑ ය”යි සම්මත කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

9 යුදෙව්වෝ ද චෝදනා කරන්නට හවුල් වෙමින්, ඒවා සත්‍ය බව සහතික කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 යුදෙව්වරුද ඒ කාරණා එසේමයයි කියමින් පැමිණිල්ලට එකඟවූවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 24:9
13 හුවමාරු යොමු  

මිනිසුනි, ඔබ මට කොපමණ කල් හරසර වෙනුවට ගැරහුම් දෙන්නහු ද? නිෂ්ඵල දෙයට නැමී, මුසාවාදයට ඇදී යන්නහු ද?


ඔබේ පියා යක්ෂයා ය. එබැවින් ඔබේ කැමැත්ත ඔබේ පියාගේ ආශාවන් ඉටු කිරීම ය. මුල සිට ම ඔහු මිනීමරුවෙකි. සත්‍යය ඔහු තුළ පිහිටා නැති බැවින්, ඔහු සත්‍යයෙහි නොපිහිටියේ ය. ඔහු බොරු කියන කල ඔහුගේ නියම ගතියෙන් ම කතා කරයි. මන්ද, ඔහු බොරුකාරයෙකි. ඔහු බොරුවේ පියා ය.


ඔහුට වරද තබන පිණිස ඔබ වෙතට ඒමට අණ කෙළේ ය. අප මොහුට විරුද්ධ ව ගෙනෙන පැමිණිලි සියල්ල ගැන මොහුගෙන් ම විචාරා දැනගන්නට ඔබට පුළුවනැ”යි කී ය.


විජාතීන්ට ගැළවීම සලසන පණිවුඩය දේශනා කිරීම පවා අපට තහනම් කර ඇත. මෙසේ ඔව්හු තමන්ගේ පාපවල කෙළවරට ම පැමිණ සිටිති. අවසාන කොට, දැන් දේව උදහස ඔවුන් පිට පැමිණ තිබේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්