Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 45:22 - Sinhala New Revised Version 2018

22 ලෝ වැසි සියල්ලෙනි, මා වෙත එන්න; දැන් මාගේ ගැළවීම ලබාගන්න. මා හැර අන් දෙවි කෙනෙක් නොමැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 ලෝ වැසි සියල්ලෙනි, මා වෙත එන්න; දැන් මාගේ ගැළවීම ලබාගන්න. මා හැර අන් දෙවි කෙනෙක් නොමැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

22 පොළොවේ සීමාවල සිටින සියල්ලෙනි, මා වෙතට හැරී ගැළවෙන්න. මක්නිසාද මම දෙවියන්වහන්සේය, වෙන කෙනෙක් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 45:22
29 හුවමාරු යොමු  

පුත්‍රයාණන් වහන්සේ දැක උන් වහන්සේ අදහාගන්නා හැම කෙනෙකු ම සදාතන ජීවනය ලැබීම මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත ය. මම ද අන්තිම දවසේ දී ඔවුන් උත්ථාන කරන්නෙමි”යි වදාළ සේක.


එහෙත්, මම සමිඳාණන් වහන්සේ දෙස බලා සිට, මාගේ ගැළවීම වන දෙවියන් වහන්සේ කෙරෙහි බලාපොරොත්තු වන්නෙමි. මාගේ දෙවියන් වහන්සේ මට සවන් දෙන සේක.


ඇදහිල්ලේ කර්තෘවරයාණන් ද එහි පරිපූරකයාණන් ද වන ජේසුස් වහන්සේ දෙස ම නෙත් යොමා, අපට දිවීමට ඇති ධාවනය නොපසුබට, වීර්යයෙන් දුවමු. උන් වහන්සේ තමන් ඉදිරියෙහි වූ ප්‍රීතිය නිසා, කුරුසියේ අවමානය නොතකා, එහි වධ විඳ දෙවියන් වහන්සේගේ සිංහාසනයේ දකුණත අසුන් ගත් සේක.


“මම දාවිත්ගේ වංශයට ද ජෙරුසලමේ සෙනඟට ද කරුණාවේ හා අයැදීමේ සිතක් දෙන්නෙමි. ඔව්හු තමන් විසින් ඇන තුවාළ කරන ලද්දා වූ තැනැත්තා දෙස බලා, නැති වූ එක ම පුත්‍රයා ගැන වැලපෙන අය මෙන් වැලපෙන්නෝ ය; එක ම පුත්‍රයා ගැන ශෝක වන්නාක් මෙන් ශෝක වන්නෝ ය.


අපේ දෙවියන් වහන්ස, ඔබ ඔවුන් විනිශ්චය නොකරන සේක් ද? මන්ද, අපට විරුද්ධ ව එන මේ විශාල සෙනඟ ඉදිරියෙහි සිටින්න අපට ශක්තිය නැත: අපි කුමක් කරමු ද කියාත් නොදනිමු. එබැවින්, අපේ ඇස් ඔබ දෙස ම යොමු කර තිබේ.”


ඉදිරියට අවුත් නුඹලාගේ නඩුව දන්වා එකිනෙකා සමඟ මන්ත්‍රණය කරගනිත් වා! සිදුවන්න යන දේ බොහෝ ඉහත දී කීවේ කවරෙක් ද? එසේ කෙළේ සමිඳාණන් වන මම නොවෙම් ද? මා හැර අන් දෙවි කෙනෙක් නැත. මම ධර්මිෂ්ඨ ගැළවුම්කාර දෙවිඳාණෝ ය; වෙන දෙවි කෙනෙක් ඇත්තේ ම නැත,


එතුමාණෝ මට මෙසේ වදාළ සේක: “ඉතිරි ව සිටින ඉශ්රායෙල්වරුන් එනම්, ජාකොබ් වංශයේ ජනයා නැඟිටුවා පුනරුත්ථාපනය කිරීමට මාගේ සේවකයා ලෙස නුඹ පත් කිරීම සුළුපටු දෙයක් නොවනු ඇත. එනම්, මුළු ලොව ගළවනු පිණිස සියලු ජාතීන් හට නුඹ ආලෝකයක් වන්න මම සලස්වන්නෙමි.”


ගැළවුම්කාර දෙවිඳුනි, ඔබේ ප්‍රබල ක්‍රියා මඟින් අප ගළවාගත මැනව; මුළු පොළොවේ ද ඈත සමුදුරේ ද බලාපොරොත්තුව ඔබ වන සේක.


මේ හසුන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ සේවකයෙකු ද අපෝස්තුළුවරයෙකු ද වන සීමොන් පේදුරුගෙනි. මෙය ලියා එවන්නේ, අපගේ දෙවියන් වහන්සේ ද ගැළවුම්කාරයාණන් ද වන, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ධර්මිෂ්ඨකමින් අප මෙන් ම අනර්ඝ ඇදහිල්ලක් ලැබූ ඔබ වෙතට ය.


මාගේ ඇටකටු ගණන් කළ හැකි තරමට පෑදී ඇත. සතුරෝ මා දෙස රවා ඔරවා බලති.


මාගේ සෙනඟගෙන් සමහරෙක් දුර බැහැර සිට පැමිණෙති; සමහරෙක් උතුරෙන් හා බස්නාහිරෙන් ද සමහරෙක් සීන්වරුන්ගේ දේශයෙන් ද පැමිණෙති.”


ඉශ්රායෙල්හි සුවිශුද්ධ මහෝත්තම දෙවි ස්වාමීන් සිය සෙනඟට කතා කොට, “ආපසු හැරී අවුත් සන්සුන් ව මා කෙරෙහි අදහාගන්න. එවිට නුඹලා ගැළවී, සුරක්ෂිත ව සිටින්නහු ය”යි වදාරන සේක. එහෙත්, නුඹලා එය ප්‍රතික්ෂේප කළහු ය.


‘මාගේ සෙනඟට යන්න ඉඩ දෙන්නැ’යි උතුරටත්, ‘ඔවුන් නවත්වා නොගන්නැ’යි දකුණටත් මම කියන්නෙමි. මාගේ දූ පුතුන් නමින් කැඳවා, පොළොවේ දුර බැහැර සිට සෑම දිශාවෙන් ඔවුන් ගෙන එන්නෙමි.


සමිඳාණෝ ජාතීන් ඉදිරියේ සියොනට ශුද්ධ බලය පෑ සේක. අපේ දෙවිඳුන්ගේ ගැළවීම ලොවේ සීමාන්තයෝ දකිති.


නුඹේ සමිඳුන් හා දෙවිඳුන් වන, ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ තැනැන් වහන්සේ වන මා නුඹ ගෞරවයට පත් කළ බැවින්, නුඹ නොහැඳින සිටි ජාතීන් කැඳවා, නුඹ අණ කළ පමණින් නුඹ වෙත විගසින් ඇදී එනු ඇත.”


හමු විය හැකි බැවින් සමිඳුන් සොයා යන්න; ළඟ ම සිටිය දී එතුමන් අයැදින්න.


ජාතීන් ඔබේ ආලෝකය වෙතටත්, රජවරුන් උදා වන ඔබේ දීප්තිය දෙසටත් පැමිණෙනු ඇත.


ඔවුන්ගේ ක්‍රියා හා සිතුවිලි මම දනිමි. විවිධ භාෂා කතා කරන සියලු ජාතීන් එක් රැස් කිරීමට මම පැමිණෙන්නෙමි. ඔවුන් රැස් වූ කල මාගේ තේජාලංකාරය කුමක් දැ යි ඔවුන්ට පෙනෙනු ඇත.


ඒ කාලය පැමිණි විට ජුදාහි වැසියෝ ගළවනු ලබන්නෝ ය; ජෙරුසලමේ වැසියෝ ද සුව සේ වාසය කරන්නෝ ය. ඔවුන් සිය දේශයට දෙන නාමය, ‘සමිඳාණන් වහන්සේ අපේ මිදුම්කාරයාණෝ ය’ යනුයි.


“නුඹලා මිසර දේශයෙන් ගෙනා දා සිට ම නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම ය. මා හැර අන් දෙවි කෙනෙකු ඔබ නොදැන සිටියහු ය. මා හැර අන් ගැළවුම්කාරයෙක් නුඹලාට නැත.


එතුමන් පැමිණි විට, සමිඳාණන් වහන්සේගෙන් ලැබෙන ශක්තියෙන් ද දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයේ මහිමයෙන් ද සිය සෙනඟ පෝෂණය කරනු ඇත. පොළෝ තල වැසියන් සියලු දෙනා එතුමන්ගේ පාලනය පිළිගන්න බැවින්, එතුමන්ගේ සෙනඟ ආරක්ෂා සහිත ව සිටින්නෝ ය.


මන්ද, සමිඳාණෝ රජිඳාණෝ ය, ජාතීන්ගේ පාලකයාණෝ ය.


ඔබ තුමාණෝ සවිය යොදා කඳු හෙල් පිහිටෙවු සේක; ඔබ බලපරාක්‍රමය නමැති ඉඟ පටියෙන් සැරසුණු සේක.


මෙහි පැමිණ සිදුවන්න යන දේ ගැන අපට කියන්න. ඒවා සිදු වූ විට අපට දැනගන්න පුළුවන. සිතා බලන පිණිස පසු ගිය දේවල තේරුම අපට කියා දෙන්න.


මම සමිඳාණන් වහන්සේ ය; අන් කෙනෙක් නැත. මා හැර අන් දෙවි කෙනෙක් නැත. නුඹ මා නොදන්න නමුත්, මම නුඹ ශක්තිමත් කරන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්