ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 කොරින්ති 6:1 - Sinhala New Revised Version 2018

ඔබගේ සහෝදරයා සමඟ ආරාවුලක් හටගත් විට එය විනිශ්චය කිරීමට කිතුනු සෙනඟ ඉදිරියට නොගොස්, කිතුනු නොවන උසාවියක් ඉදිරියට යන්නට භය නැද් ද?

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔබගේ සහෝදරයා සමඟ ආරාවුලක් හටගත් විට එය විනිශ්චය කිරීමට කිතුනු සෙනඟ ඉදිරියට නොගොස්, කිතුනු නොවන උසාවියක් ඉදිරියට යන්නට භය නැද් ද?

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

ඔබෙන් යමකුට, තවත් කෙනකුට එරෙහිව යම් ආරවුලක් ඇත්නම්, ශුද්ධවතුන් වෙත නො ව, අධර්මිෂ්ඨයින් වෙත යන්නට බය නැද්ද?

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නුඹලාගෙන් යමෙකුට තමාගේ අසල්වාසියාට විරුද්ධව කාරණයක් ඇත්නම්, ඔහු ශුද්ධවන්තයන් ඉදිරියෙහි නොව අධර්මිෂ්ඨයන් ඉදිරියෙහි නඩු කියන්ට භය නැද්ද?

පරිච්ඡේදය බලන්න



1 කොරින්ති 6:1
11 හුවමාරු යොමු  

මෙසේ ඔබ ස්වර්ගයෙහි වැඩ සිටින ඔබේ පියාණන් වහන්සේගේ පුත්‍රයෝ වන්නහු ය. කුමක් නිසා ද, උන් වහන්සේ දුදනන් හට හා සුදනන් හට තම හිරු එළිය උදා කරවන සේක; දමිටුන් හට හා අදමිටුන් හට වැසි වස්වන සේක.


එසේ හෙයින්, යමෙකුට විරුද්ධ ව දෙමෙත්‍රියස්ගේ ද ඔහු සමඟ සිටින කර්මාන්තකාරයන්ගේ ද පැමිණිල්ලක් ඇත් නම්, නඩු දවස් තිබේ, අධිපතියෝ ද සිටිති. ඔව්හු එකිනෙකාට විරුද්ධ ව පැමිණිලි කරත් වා.


කොරින්තියේ පිහිටා ඇති දෙවියන් වහන්සේගේ සභාව වෙතට ය. එනම්, ඒ සභාවේ ක්‍රිස්තුන් වහන්සේට කැප වූ දෙවියන් වහන්සේගේ සෙනඟ වීමට කැඳවීම ලත් අය ද ඔවුන්ගේත් අපගේත් ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් සෑම තැන්හි අයැදුම් කරන සියල්ලන් ද වෙතට ය.


මන්ද, දෙවියන් වහන්සේ ව්‍යාකූලත්වයේ නොව සාමයේ දෙවියන් වහන්සේ ය. කිතුනුවන්ගේ සෑම සභාවල දී මෙන්


දෙවියන් වහන්සේගේ සෙනඟ උදෙසා කරන සම්මාදම ගැන ගලාතියේ සභාවලට මා නියම කළ දෙය ම ඔබත් කරන්න.


සහෝදරවරුනි, මම ඔබගෙන් ඉල්ලීමක් කරමි. ස්තේපනස්ගේ ගෘහවාසීන් ග්‍රීසියේ දී මුලින් ම හැරුණු අය බව ද ඔවුන් කිතුනු සේවයට සිය කැමැත්තෙන් කැප වූ බව ද ඔබ දන්නහු ය.


සභාවෙන් පිටත වූවන් විනිශ්චය කිරීම මාගේ වැඩක් ද? දෙවියන් වහන්සේ ඔවුන් විනිශ්චය කරන සේක.


මෙය මොන නින්දාවක් ද? ඇත්තට ම සහෝදරයන් අතර ආරාවුලක් විසඳීමට සමත් එක නැණවතෙක් වත් ඔබ අතර නැද් ද?