Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 කොරින්ති 6:1 - Sinhala New Revised Version

1 ඔබගේ සහෝදරයා සමඟ ආරාවුලක් හටගත් විට එය විනිශ්චය කිරීමට කිතුනු සෙනඟ ඉදිරියට නොගොස්, කිතුනු නොවන උසාවියක් ඉදිරියට යන්නට භය නැද් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

1 ඔබෙන් යමකුට, තවත් කෙනකුට එරෙහිව යම් ආරවුලක් ඇත්නම්, ශුද්ධවතුන් වෙත නො ව, අධර්මිෂ්ඨයින් වෙත යන්නට බය නැද්ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 ඔබගේ සහෝදරයා සමඟ ආරාවුලක් හටගත් විට එය විනිශ්චය කිරීමට කිතුනු සෙනඟ ඉදිරියට නොගොස්, කිතුනු නොවන උසාවියක් ඉදිරියට යන්නට භය නැද් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 නුඹලාගෙන් යමෙකුට තමාගේ අසල්වාසියාට විරුද්ධව කාරණයක් ඇත්නම්, ඔහු ශුද්ධවන්තයන් ඉදිරියෙහි නොව අධර්මිෂ්ඨයන් ඉදිරියෙහි නඩු කියන්ට භය නැද්ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 කොරින්ති 6:1
11 හුවමාරු යොමු  

මෙසේ ඔබ ස්වර්ගයෙහි වැඩ සිටින ඔබේ පියාණන් වහන්සේගේ පුත්‍රයෝ වන්නහු ය. කුමක් නිසා ද, උන් වහන්සේ දුදනන් හට හා සුදනන් හට තම හිරු එළිය උදා කරවන සේක; දමිටුන් හට හා අදමිටුන් හට වැසි වස්වන සේක.


එසේ හෙයින්, යමෙකුට විරුද්ධ ව දෙමෙත්‍රියස්ගේ ද ඔහු සමඟ සිටින කර්මාන්තකාරයන්ගේ ද පැමිණිල්ලක් ඇත් නම්, නඩු දවස් තිබේ, අධිපතියෝ ද සිටිති. ඔව්හු එකිනෙකාට විරුද්ධ ව පැමිණිලි කරත් වා.


කොරින්තියේ පිහිටා ඇති දෙවියන් වහන්සේගේ සභාව වෙතට ය. එනම්, ඒ සභාවේ ක්‍රිස්තුන් වහන්සේට කැප වූ දෙවියන් වහන්සේගේ සෙනඟ වීමට කැඳවීම ලත් අය ද ඔවුන්ගේත් අපගේත් ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් සෑම තැන්හි අයැදුම් කරන සියල්ලන් ද වෙතට ය.


මන්ද, දෙවියන් වහන්සේ ව්‍යාකූලත්වයේ නොව සාමයේ දෙවියන් වහන්සේ ය. කිතුනුවන්ගේ සෑම සභාවල දී මෙන්


දෙවියන් වහන්සේගේ සෙනඟ උදෙසා කරන සම්මාදම ගැන ගලාතියේ සභාවලට මා නියම කළ දෙය ම ඔබත් කරන්න.


සහෝදරවරුනි, මම ඔබගෙන් ඉල්ලීමක් කරමි. ස්තේපනස්ගේ ගෘහවාසීන් ග්‍රීසියේ දී මුලින් ම හැරුණු අය බව ද ඔවුන් කිතුනු සේවයට සිය කැමැත්තෙන් කැප වූ බව ද ඔබ දන්නහු ය.


සභාවෙන් පිටත වූවන් විනිශ්චය කිරීම මාගේ වැඩක් ද? දෙවියන් වහන්සේ ඔවුන් විනිශ්චය කරන සේක.


මෙය මොන නින්දාවක් ද? ඇත්තට ම සහෝදරයන් අතර ආරාවුලක් විසඳීමට සමත් එක නැණවතෙක් වත් ඔබ අතර නැද් ද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්