ජූදස් ඔවුන්ගේ සටන් ශක්තිය දුටු විට මෙලෙස යාච්ඤා කෙළේ ය: “ඉශ්රායෙල්වරුන්ගේ ගැළවුම්කාරයාණෙනි, ඔබ වහන්සේට ප්‍රශංසා වේ වා! ඔබ සේවක දාවිත්ගේ බලය උපයෝගි කොටගෙන ඔබ වහන්සේ පිලිස්තිවරුන්ගේ වීරයාගේ ඔද බිඳ ඔහුගේ බලය සුන් කළ සේක. සාවුල්ගේ පුත් ජොනතන්ගේ සහ ඔහුගේ යුද්ධ සන්නාහය උසුලායන්නන්ගේ බලයට ඔවුන්ගේ කඳවුර, පාවා දුන් සේක.