ඔන්ලයින් බයිබලය

දැන්වීම්

මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම


යෝබ් 25 - Sinhala Revised Old Version Sinhala Revised Old Version
යෝබ් 25

බිල්දද්ගේ තුන්වෙනි කථාව

1 එවිට ෂූහියවූ බිල්දද් උත්තර දෙමින් කියනුයේ:

2 අධිපතිකමද භයංකරකමද උන්වහන්සේ වෙත තිබේ; උන්වහන්සේ තමන් උස් තැන්වලදී සමාදානය සිදුකරනසේක.

3 උන්වහන්සේගේ හමුදාවලට ගණනක් තිබේද? උන්වහන්සේගේ එළිය නොපායන්නේ කා කෙරෙහිද?

4 එසේනම් මනුෂ්‍යයා දෙවියන්වහන්සේ ඉදිරියෙහි ධර්මිෂ්ඨවන්නේ කොහොමද? නොහොත් ස්ත්‍රියෙකුගෙන් උපන් තැනැත්තා පවිත්‍රවන්නේ කොහොමද?

5 බලව, චන්ද්‍රයා පවා දීප්තිමත් නොවේ; තාරකාද උන්වහන්සේ ඉදිරියෙහි පිරිසිදු නොවෙති.

6 පණුවෙක් වැනිවූ මනුෂ්‍යයාත් පණුවෙක් වැනිවූ මනුෂ්‍ය පුත්‍රයාත් ඊට කොපමණ වැඩියෙන් එසේ නොවන්නේදැයි කීවේය.

Ceylon Bible Society

Ceylon Bible Society