ඔන්ලයින් බයිබලය

දැන්වීම්

මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම


ගීතාවලිය 47 - Sinhala Revised Old Version Sinhala Revised Old Version
ගීතාවලිය 47

පොළොවේ රජවූ දෙවියන්වහන්සේ

1 සියලු මනුෂ්‍ය වර්ගයෙනි, අත්පොළසන්දෙව්; ජයනාදයෙන් දෙවියන්වහන්සේට හඬනගව්.

2 මක්නිසාද මහෝත්තමවූ ස්වාමීන්වහන්සේ භයංකරය; උන්වහන්සේ මුළු පොළොව කෙරෙහි මහත් රජෙක් වනසේක.

3 උන්වහන්සේ අපට මනුෂ්‍ය වර්ගයන්ද අපේ පාදවලට ජාතීන්ද යටත්කර දෙනසේක.

4 උන්වහන්සේ තමන්ට ප්‍රියවූ යාකොබ්ගේ මහිමය නැමැති අපේ උරුමය අප සඳහා තෝරාදෙනසේක.

5 දෙවියන්වහන්සේ ජයඝෝෂාවක් ඇතුව නැගී ගියසේක, ස්වාමීන්වහන්සේ හොරණෑ ශබ්දයක් ඇතුව නැගී ගියසේක.

6 දෙවියන්වහන්සේට ප්‍රශංසා ගී කියව්, ප්‍රශංසා ගී කියව්. අපේ රජ්ජුරුවන්ට ප්‍රශංසා ගී කියව්, ප්‍රශංසා ගී කියව්.

7 මක්නිසාද දෙවියන්වහන්සේ මුළු පොළොවට රජ්ජුරුවෝය. අර්ථ දැන ප්‍රශංසා ගී කියව්.

8 දෙවියන්වහන්සේ ජාතීන් කෙරෙහි රජකම්කරනසේක. දෙවියන්වහන්සේ ස්වකීය ශුද්ධ සිංහාසනයෙහි වැඩහිඳිනසේක.

9 ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේගේ සෙනඟ වන පිණිස, මනුෂ්‍ය වර්ගයන්ගේ අධිපතීහු රැස්ව සිටිති. මක්නිසාද පොළොවේ පලිස් දෙවියන්වහන්සේට අයිතිය; උන්වහන්සේ අතිශයින් උසස්ව සිටිනසේක.

Ceylon Bible Society

Ceylon Bible Society