ඔන්ලයින් බයිබලය

දැන්වීම්

මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම


උත්පත්ති 10 - Sinhala Revised Old Version Sinhala Revised Old Version
උත්පත්ති 10

නෝවාගෙන් පැවතාවුන් සහ ඔවුන්ගේ නිවාසස්ථාන

1 ෂෙම්ද හාම්ද යඵෙත්ද යන නෝවාගේ පුත්‍රයන්ගේ පරම්පරාමේය. ජලගැලීමට පසු ඔවුන්ට පුත්‍රයෝ උපන්නෝය.

2 යඵෙත්ගේ පුත්‍රයෝනම්: ගොමෙර්, මාගොග්, මාදයි, යාවාන්, තූබල්, මෙෂෙක් සහ තීරාස්ය.

3 ගොමෙර්ගේ පුත්‍රයෝනම්: අෂ්කෙනස්, රිඵත් සහ තොගර්මාය.

4 යාවාන්ගේ පුත්‍රයෝනම්: එලිෂා, තර්ෂිෂ්, කිත්තිම්වරු සහ දොදානිම්වරුය.

5 මොවුන්ගෙන්, ජාතීන්ගේ ද්වීප වැසියෝ තම තමන්ගේ දේශයන්හි ඔවුනොවුන්ගේ භාෂාවල ප්‍රකාරයටද ඔවුන්ගේ ජාතිවල ඔවුන්ගේ පවුල් ප්‍රකාරයටද බෙදුණෝය.

6 හාම්ගේ පුත්‍රයෝනම්: කූෂ්, මිශ්‍රයිම්, පූට් සහ කානාන්ය.

7 කූෂ්ගේ පුත්‍රයෝ නම්: සෙබා, හවීලා, සබ්තා, රාමා සහ සබ්තෙකාය. රාමාගේ පුත්‍රයෝ නම්: ෂෙබා සහ දෙදාන්ය.

8 කූෂ්ට දාව නිම්රොද් උපන්නේය. ඔහු පොළොවෙහි බලවන්තයෙක් වෙන්ට පටන්ගත්තේය.

9 ඔහු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි බලවත් දඩයක්කාරයෙක් විය. එබැවින්: ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි බලවත් දඩයක්කාරයෙක් වූ නිම්රොද් වාගේයයි කීමක් විය.

10 ඔහුගේ රාජ්‍යයේ පටන්ගැන්ම නම්: ෂිනාර් දේශයෙහි පිහිටි බාබෙල්, එරෙක්, අක්කද් සහ කල්නේය.

11 ඔහු ඒ දේශයෙන් අෂුර්ට පිටත්ව ගොස් නිනිවයද රෙහොබොත්-ඊර්ද කලාද

12 නිනිවය සහ කලා අතරෙහි වූ රෙසෙන්ද ගොඩනැගුවේය.

13 (එය මහත් නුවරය.) මිශ්‍රයිම්ට දාව ලූදිම්වරුද අනාමිම්වරුද ලෙහාබිම්වරුද නප්තුහිම්වරුද

14 පත්රුසිම්වරුද කස්ලුහිම්වරුද (පිලිස්තිවරුන් නික්ම ආවේ මොවුන්ගෙන්ය) කප්තොරිම්වරුද උපන්නෝය.

15 කානාන්ට දාව තමාගේ කුලුඳුලාවූ ශීදොන්ද හෙත්ද

16 යෙබූසිවරුද අමෝරිවරුද ගිර්ගාෂිවරුද

17 හිවීවරුද අර්කිවරුද සිනිවරුද

18 අර්වාදිවරුද ශෙමාරිවරුද හමාතිවරුද උපන්නෝය. ඉන්පසු කානානිවරුන්ගේ ගෝත්‍රයෝ පැතිරගියෝය.

19 කානාන්ගේ සීමාව ශීදොන් පටන් ගෙරාර් පිහිටි අතට ගාශා දක්වාද සොදොම්, ගොමොරා, අද්මා සහ ශෙබොයිම් යන මේවා පිහිටි අතට ලාෂා දක්වාද විය.

20 තමන්ගේ දේශවලද තමන්ගේ ජාතිවලද හැටියටත් තමන්ගේ ගෝත්‍රවලද තමන්ගේ භාෂාවලද ප්‍රකාරයටත් හාම්ගේ පුත්‍රයෝ නම් මොව්හුය.

21 ඒබෙර්ගේ සියලු පුත්‍රයන්ගේ පියාද යඵෙත්ගේ වැඩිමහල් සහෝදරයාද වූ ෂෙම්ටත් පුත්‍රයෝ උපන්නෝය.

22 ෂෙම්ගේ පුත්‍රයෝ නම්: ඒලාම්, අෂුර්, අර්පක්ෂද්, ලුද් සහ අරාම්ය.

23 අරාම්ගේ පුත්‍රයෝනම්: ඌස්, හූල්, ගෙතෙර් සහ මෂ්ය.

24 අර්පක්ෂද්ට දාව ෂෙලා උපන්නේය. ෂෙලාට දාව ඒබෙර් උපන්නේය.

25 ඒබෙර්ට පුත්‍රයෝ දෙදෙනෙක් උපන්නෝය. එක්කෙනෙකුගේ නම පෙලෙග්ය, මක්නිසාද ඔහුගේ දවස්වලදී පොළොව බෙදන්ට යෙදුණේය. ඔහුගේ සහෝදරයාගේ නම යොක්තාන්ය.

26 යොක්තාන්ට දාව ආල්මෝදාද්, ෂෙලෙප්, හශාර්මාවෙත්, යෙරා;

27 හදෝරාම්, ඌසාල්, දික්ලා;

28 ඕබාල්, අබිමායෙල්, ෂෙබා;

29 ඕඵීර්, හවීලා සහ යෝබාබ් උපන්නෝය. මේ සියල්ලෝ යොක්තාන්ගේ පුත්‍රයෝය.

30 ඔවුන්ගේ වාසස්ථානය මේෂා පටන් නැගෙනහිර කන්ද වූ ෂෙඵාර් අතට වූයේය.

31 තමන්ගේ දේශවලද තමන්ගේ ජාතිවලද හැටියටත් තමන්ගේ ගෝත්‍රවලද තමන්ගේ භාෂාවලද ප්‍රකාරයටත් ෂෙම්ගේ පුත්‍රයෝනම් මොව්හුය.

32 තමන්ගේ ජාතිවල තමන්ගේ පරම්පරාවන් ප්‍රකාරයට නෝවාගේ පුත්‍රයන්ගේ ගෝත්‍රවල් නම් මේය. ජලගැලීමට පසු පොළොවෙහි මනුෂ්‍ය ජාතීහු මොවුන්ගෙන් බෙදීගියෝය.

Ceylon Bible Society

Ceylon Bible Society