පහතම මහළේ පළල පස් රියනක්ය, මැද එකේ පළල සරියනක්ය, තුන්වෙනි ඒකේ පළල සත්රියනක්ය. මක්නිසාද ගෘහයේ භිත්තිවලට බාල්ක ඇතුල් නොකරන පිණිස පිටින් වටේටම ගෘහයේ භිත්තිවල තැනින්තැන පටුකර සෑදුවේය.
1 රාජාවලිය 6:7 - Sinhala Revised Old Version ගල්වළේදී තීන්දුවට සූදානම්කළ ගල්වලින් ගෘහය ගොඩනැගූ බැවින් ගෘහය ගොඩනැගීමේදී මිටියකවත් පොරවකවත් වෙන කිසි යකඩ ආවුදයකවත් ශබ්දයක් නොඇසුණේය. Sinhala New Revised Version නියම කළ ප්රමාණයට ගල්වළෙහි දී කැපූ ගල්වලින් මාලිගාව ගොඩනැඟුව බැවින් මාලිගාව ගොඩනැඟීමේ දී මිටියක වත්, පොරවක වත්, වෙන කිසි යකඩ ආයුධයක වත් ශබ්දයක් නොඇසිණි. Sinhala New Revised Version 2018 නියම කළ ප්රමාණයට ගල්වළෙහි දී කැපූ ගල්වලින් මාලිගාව ගොඩනැඟුව බැවින් මාලිගාව ගොඩනැඟීමේ දී මිටියක වත්, පොරවක වත්, වෙන කිසි යකඩ ආයුධයක වත් ශබ්දයක් නොඇසිණි. |
පහතම මහළේ පළල පස් රියනක්ය, මැද එකේ පළල සරියනක්ය, තුන්වෙනි ඒකේ පළල සත්රියනක්ය. මක්නිසාද ගෘහයේ භිත්තිවලට බාල්ක ඇතුල් නොකරන පිණිස පිටින් වටේටම ගෘහයේ භිත්තිවල තැනින්තැන පටුකර සෑදුවේය.
මැද කාමරවලට දොර ගෘහයේ දකුණු පැත්තෙහි විය. වටවූ පඩිපෙළකින් මැද මහලටත් මැද මහලෙන් තුන්වෙනි මහලටත් නගින්ට සාදා තිබුණේය.
ගල්වලින් මට පූජාසනයක් සාදන්නෙහි නම් කැපූ ගල්වලින් ඒක ගොඩනොනගව. මක්නිසාද නුඹේ ආවුදය ඒ පිට එසෙවුවෙහිනම් ඒක අපවිත්ර කෙළෙහිය.
මෙසේ මුළු යුදයෙහිද ගලීලයෙහිද සමාරියෙහිද සභාව දියුණුවී, සමාදානය ලැබ, ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇතුව හැසිරෙමින්, ශුද්ධාත්මයාණන්ගේ පිහිටවීමෙන් වර්ධනයවූවාය.
ඉදින් මේ පිණිසම අප පිළියෙළකළේ දෙවියන්වහන්සේය, උන්වහන්සේ ආත්මයාණන් නමැති අත්තිකාරම අපට දුන්සේක.
ආලෝකයේ සිටින ශුද්ධවන්තයන්ගේ උරුමයෙන් කොටසකට අප සුදුස්සන් කළාවූ පියාණන්වහන්සේට ස්තුතිකරමින්ද, නුඹලා ස්වාමීන්වහන්සේට ඔබිනලෙස සියලු ආකාරයෙන් ප්රසන්නව හැසිරෙන ලෙස ඉල්ලමුව.
නුඹලාත් යේසුස් ක්රිස්තුස්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේට ප්රසන්නවූ ආත්මික පූජා ඔප්පුකරන පිණිස ශුද්ධ පූජක සමූහයක් වීමට ආත්මික ගෘහයක් කොට ජීවමාන ගල් මෙන් ගොඩනගනු ලබන්නහුය,