1 රාජාවලිය 22:4 - Sinhala Revised Old Version ඔහු යෙහෝෂාපාට්ට කථාකොට: යුද්ධයට මා සමඟ රාමොත්-ගිලියද්ට යන්නෙහිදැයි ඇසුවේය. යෙහෝෂාපාට්ද: මමත් ඔබ වාගේය, මාගේ සෙනඟත් ඔබගේ සෙනඟ වාගේය, මාගේ අශ්වයොත් ඔබගේ අශ්වයන් වාගේයයි ඉශ්‍රායෙල් රජුට කීවේය. Sinhala New Revised Version ඔහු ජෙහෝෂාපාට්ට කතා කොට, “යුද්ධයට මා සමඟ රාමොත්-ගිලියද්ට යන්නෙහි දැ”යි ඇසී ය. ජෙහෝෂාපාට් ද, “මාත් ඔබ මෙන් ම, මාගේ සෙනඟත් ඔබේ සෙනඟ මෙන් ම, මාගේ අශ්වයොත් ඔබේ අශ්වයන් මෙන් ම සූදානම් ය”යි ඉශ්රායෙල් රජුට කීවේ ය. Sinhala New Revised Version 2018 ඔහු ජෙහෝෂාපාට්ට කතා කොට, “යුද්ධයට මා සමඟ රාමොත්-ගිලියද්ට යන්නෙහි දැ”යි ඇසී ය. ජෙහෝෂාපාට් ද, “මාත් ඔබ මෙන් ම, මාගේ සෙනඟත් ඔබේ සෙනඟ මෙන් ම, මාගේ අශ්වයොත් ඔබේ අශ්වයන් මෙන් ම සූදානම් ය”යි ඉශ්රායෙල් රජුට කීවේ ය. |
රාමොත්-ගිලියද්හි සිටිය බෙන්-ගෙබර්ය. ගිලියද්හි තිබෙන්නාවූ, මනස්සේගේ පුත්‍රවූ යායිර්ගේ නුවරවලුත් පවුරුද පිත්තල අගුල්ද ඇති මහා නුවරවල් හැටක් සහිත බාෂාන්හි අර්ගොබ් පළාතත් ඔහුට වැටුණේය.
තවද ඔහු ගොස් යූදාහි රජවූ යෙහෝෂාපාට් වෙත පණිවිඩයක් යවමින්: මෝවබ්හි රජ මට විරුද්ධව කැරළිගැසුවේය, ඔබ මා සමඟ මෝවබ්වරුන්ට විරුද්ධව යුද්ධයට යන්නෙහිදැයි අසා ඇරියේය. ඔහුද: යන්නෙමි. මම ඔබ වාගේය, මාගේ සෙනඟත් ඔබගේ සෙනඟ වාගේය, මාගේ අශ්වයොත් ඔබගේ අශ්වයන් වාගේයයි කීවේය.
ඉශ්‍රායෙල් රජවූ ආහබ් නැවත යූදාහි රජවූ යෙහෝෂාපාට්ට කථාකොට: ඔබ මා සමඟ රාමොත්-ගිලියද්ට යන්නෙහිදැයි ඇසුවේය. ඔහුද: මමත් ඔබ වාගේය, මාගේ සෙනඟත් ඔබගේ සෙනඟ වාගේය; යුද්ධයේදී අපි ඔබ සමඟ සිටින්නෙමුයයි ඔහුට උත්තරදුන්නේය.
නුමුත් හනානිගේ පුත්‍රවූ යේහු නම් දිවස් ඇත්තා යෙහෝෂාපාට් රජුගේ පෙරමගට පිටත්ව ගොස් ඔහුට කථාකොට: දුෂ්ටයාට උපකාරකිරීමත් ස්වාමීන්වහන්සේට වෛරවෙන්නන්ට ප්‍රේමකිරීමත් නුඹට යුතුද? මේ කාරණය නිසා නුඹ කෙරෙහි ස්වාමීන්වහන්සේගේ උදහස පැමිණ තිබේ.
ඥානවන්තයන් කැටුව යන්න, එවිට නුඹ ඥානවන්තවන්නේය; එහෙත් අඥානයන්ගේ සමාගම්කාරයාට වේදනා සිදුවන්නේය.
ජයගන්නාවූ, කෙළවර දක්වා මාගේ ක්‍රියා පවත්වන්නාවූ තැනැත්තාට නම් මාගේ පියාණන්වහන්සේගෙන් මා ලැබූ ලෙස ජාතීන් කෙරෙහි බලය දෙන්නෙමි.