“තවද, ඔබේ සෙනඟ වන ඉශ්රායෙල් ජාතිකයෙකු නොවන යම් විදේශිකයෙකු ඔබේ උතුම් නාමය ද ප්‍රබල බාහුව හා දිගු කළ හස්තය ද ගැන අසනු ඇත.
1 රාජාවලිය 8:42 - Sinhala New Revised Version එසේ ඔබේ නාමය නිසා දුර දේශයකින් පැමිණි විදේශිකයෙකු මේ මාලිගාව දෙසට හැරී යාච්ඤා කළොත්, Sinhala New Revised Version 2018 එසේ ඔබේ නාමය නිසා දුර දේශයකින් පැමිණි විදේශිකයෙකු මේ මාලිගාව දෙසට හැරී යාච්ඤා කළොත්, Sinhala Revised Old Version එසේ ඔබගේ නාමය නිසා දුර දේශයකින් ආවාවූ විදේශියෙක් මේ ගෘහය දෙසට හැරී යාච්ඤාකළොත්, |
“තවද, ඔබේ සෙනඟ වන ඉශ්රායෙල් ජාතිකයෙකු නොවන යම් විදේශිකයෙකු ඔබේ උතුම් නාමය ද ප්‍රබල බාහුව හා දිගු කළ හස්තය ද ගැන අසනු ඇත.
මහා බාහු බලයෙන් මිසර දේශයෙන් නුඹලා ගෙනා සමිඳාණන් වහන්සේ කෙරෙහි ගරුබිය පවත්වා, උන් වහන්සේට ම නමස්කාර කොට උන් වහන්සේට ම පූජා කරන්න.
එබැවින් අපේ දෙවියන් වහන්ස, ඔබ ම, ඔබ පමණක් ම, ස්වාමීන් වන දෙවියන් වහන්සේ බව පොළොවේ සියලු රාජ්‍ය දැනගන්න පිණිස ඔහුගේ අතින් අප ගැළෙව්ව මැනව”යි කී ය.
එසේ වුවත්, දේශයෙහි සිද්ධ වූ ආශ්චර්යය ගැන විභාග කරන්න බබිලෝනියේ අධිපතීන් ඔහු ළඟට තානාපතීන් එවූ කල, ඔහුගේ සිතුම් පැතුම් සියල්ල දැන ගන්න පිණිස දෙවියන් වහන්සේ ඔහු සෝදිසි කිරීමට පමණක් ඔහු අත්හැරිය සේක.
ප්‍රබල බාහුවෙන් ද දිගු කළ හස්තයෙන් ද එසේ කළ තැනැන් වහන්සේට තුති පුදන්න. එතුමන්ගේ තිර පෙම සදහට ම පවත්නේ ය.
‘මේ කුමක් ද’ කියා මතු දවස ඔබේ පුත්‍රයා ඔබෙන් අසන විට ඔබ ද ඔහුට කතා කොට, ‘සමිඳාණන් වහන්සේ සිය බාහු බලය පාමින් වහල්කමේ නිවාසය වන මිසරයෙන් අප පිටතට ගෙනා සේක.
මෝසෙස් සෙනඟට කතා කොට මෙසේ කී ය: “ඔබ, වහල්කමේ නිවාසය වූ මිසරයෙන් පිටතට පැමිණි මේ දවස සිහි කරන්න. මන්ද, සමිඳාණන් වහන්සේ සිය බාහු බලයෙන් ඔබ එතැනින් පිටතට ගෙනා හෙයිනි. එබැවින් ඔබ මුහුන් රොටි නො කෑ යුතු ය.
එබැවින් නුඹ ඉශ්රායෙල් ජනතාවට කතා කොට, ‘මම වනාහි සමිඳාණන් වහන්සේ ය. මිසර වාසීන් නුඹලා පිට පටවා ඇති බරපතල වැඩවලින් නුඹලා මුදා, ඔවුන්ගේ වහල් සේවයෙන් නිදහස් කොට, මාගේ හස්තය දිගු කොට දරුණු ලෙස ඔවුන්ට දඬුවම් දෙමින් මම නුඹලා ගළවාගන්නෙමි.
මම අත දිගු කොට ඔබට ද ඔබේ සෙනඟට ද ලෙඩ රෝගවලින් පහර දුනිම් නම් ඔබ පොළොවෙන් තුරන් වී යන්නට ඉඩ තිබිණි.
සමිඳුනි, පිබිදෙන්න; අපට පිහිට වන්න. අතීත පරපුරේ සමයයන්හි මෙන් අවදි වන්න. පුරාණයේ දී ඔබ කළාක් මෙන් ඔබේ බලවත් හස්තයෙන් අප ගළවාගන්න. රාහාබ් නම් දිය රකුසා ද මකරා ද කෑලිවලට කැපුවේ ඔබ නොවන සේක් ද?
ඒ කෙසේ ද යත්: “මම මාගේ ඉමහත් බලයෙන් ද පරාක්‍රමවත් බාහුවෙන් ද පොළොව සහ පොළොව මතුපිට සිටින මිනිසුන් ද තිරිසනුන් ද මැවීමි. මා කැමැති කෙනෙකුට මට ඒවා දිය හැකි ය.
“ඉශ්රායෙලය, නුඹ මාගේ දරුවා වශයෙන් පිළිගෙන, ලොවේ ඇති ඉතා ම අලංකාර, ප්‍රියංකර දේශය නුඹට උරුම කොට දෙන්නෙමි. නුඹ මට ‘පියාණෙනි’යි අමතමින් මා වෙතින් ඉවත් ව නොයනු ඇතැ යි මම සිතුවෙමි.
“මහෝත්තම දෙවි ස්වාමීනි! ඔබේ මහත් බලයෙන් ද පරාක්‍රමයෙන් ද ඔබ අහසත් පොළොවත් මැවූ සේක. ඔබට බැරි කිසි දෙයක් නැත්තේ ය.
“මම මාගේ ජීවමාන නාමයෙන් දිවුරමින්, ප්‍රබල බාහුවෙන් ද මාගේ මුළු බලයෙන් ද මාගේ උදහස වැගිරීමෙන් ද නුඹලා කෙරෙහි රජකම් කරන්නෙමි”යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.
එහෙත් ඔවුන් වටකර සිටි ජාතීන් ඉදිරියෙහි මාගේ නාමය නොකෙලෙසන පිණිස මම ක්‍රියා කෙළෙමි. මක්නිසා ද, ඔවුන් මිසර දේශයෙන් පිටතට ගෙනෙන බවට ඒ ජාතීන් ඉදිරියෙහි ඔවුන්ට මා ප්‍රකාශනයක් කළ බැවිනි.
රජතුමා දානියෙල්ට කතා කොට, “නුඹට රහස එළිදරව් කිරීමට හැකි වූයේ, සැබැවින් ම ඔබේ දෙවියන් වහන්සේ දේවාතිදේව රාජාතිරාජ වූ අබිරහස් එළිදරව් කරන දෙවියන් වහන්සේ වන බැවිනි”යි කී ය.
එවිට, නෙබුකද්නෙශර් මෙසේ කීවේ ය: “ෂද්‍රක්ගේත්, මේෂක්ගේ හා අබෙද්නෙගෝගේත් දෙවියන් වහන්සේට ප්‍රශංසා වේ වා! මන්ද, උන් වහන්සේ සිය දූතයා එවා තමන්ගේ මේ සේවකයන් තිදෙනා ගළවාගත් සේක. ඔව්හු රජුගේ නියමයට පිටුපා තමන්ගේ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබූ හ. තමන්ගේ දෙවියන් වහන්සේ හැර අන් දෙවියෙකුට සේවය කරනවාටත්, නමස්කාර කරනවාටත් වඩා ගින්නට ගොදුරුවන්නට ඔව්හු සතුටු වූ හ.
දැන් නෙබුකද්නෙශර් රජු වන මම ස්වර්ගයේ රජ්ජුරුවන් වහන්සේට ප්‍රශංසා කරමි, තුති පුදමි, ගරු කරමි, මන්ද, උන් වහන්සේගේ පොරොන්දු ඉෂ්ට වන්නේ ය. උන් වහන්සේගේ ක්‍රියා මාර්ග සාධාරණ ය. උඩඟුකමින් හැසිරෙන්නන් පහත් කරන්නට උන් වහන්සේට පුළුවන.
ජෙරුසලමට විරුද්ධ ව සටන් කරන සියලු ජාතීන්ගෙන් ඉතිරි ව සිටින සියලු දෙනා සියලු බලැති දෙවියන් වහන්සේට රාජයාණන් වශයෙන් ම නමස්කාර කරන පිණිසත්, කූඩාරම් මංගල්‍යය පවත්වන පිණිසත් වසරක් පාසා වසරක් ජෙරුසලමට පැමිණෙන්නෝ ය.
තවද, නුඹලා සමඟ කලකට වසන විදේශිකයෙක් වේ වා, නිත්‍ය පදිංචිය ඇති කෙනෙක් වේ වා, සුමිහිරි සුවඳක් සහිත පඬුරක් ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට ඔප්පු කරන විට, නුඹලා කරන හැටියට ම ඔහුත් කළ යුතු ය.
ඔහු එහි ගියේ ය. එවිට එතියෝපීය රටවැසියන්ගේ කන්දකී නම් බිසව යටතේ බොහෝ බලය ඇත්තා වූ ද ඇගේ මුළු වස්තුවේ අධිකාරී වූ ද එතියෝපීය නපුංසකයෙක් වන්දනාව පිණිස ජෙරුසලමට ගොස්
‘මහෝත්තම දෙවි ස්වාමීනි, ඔබේ ශ්‍රේෂ්ඨත්වය ද බාහු බලය ද ඔබේ සේවකයා හට පෙන්වීමට ඔබ පටන්ගෙන තිබේ. ඔබ සේ දස්කම් හා විස්කම් අනුව ක්‍රියා පෑමට සමත් අන් කවර දෙවි කෙනෙක් සගලොව හෝ නරලොව හෝ සිටිත් ද?
ඔබ බලා සිටිය දී ම මිසරයේ දී ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට කළ සියල්ල අනුව වෙන කිසියම් දෙවි කෙනෙක්, අභියෝග දක්වා, හාස්කම් සහ අරුමපුදුම දේ පා, යුද්ධයෙන් ද, බාහු බලයෙන් හා දිගු කළ හස්තයෙන් ද මහා බියජනක දේ කර, එක් ජාතියක් තවත් ජාතියක් මධ්‍යයෙන් තෝරාගන්නට වැඩිය සේක් ද?
ඒවා ආරක්ෂා කරමින් පිළිපදින්න. මෙසේ කිරීමෙන් සෙසු ජාතීන් ඉදිරියෙහි ඔබේ පැණවත්කමත්, නැණවත්කමත් කැපී පෙනෙනු ඇත. මේ නීති සියල්ල ගැන ඔවුන්ට සැළ වන විට, ‘මේ ශ්‍රේෂ්ඨ ජාතියට අයිති සෙනඟ කෙතරම් පැණවත් ද නැණවත් ද’ කියා ඔවුන් විස්මපත් වනු ඇත.
උන් වහන්සේ එසේ කෙළේ, මිහි පිට සියල්ලන් සමිඳාණන් වහන්සේගේ හස්තය බලවත් බව දැනගනු පිණිසත්, ඔවුන් දෙවි සමිඳාණන් වහන්සේට සදහට ම ගරුබිය දක්වනු පිණිසත් ය’ කියා දැන්විය යුතු ය”යි කීවේ ය.
කානානිවරුන් ද දේශයේ සියලු වැසියන් ද ඒ අසා අප වටලා අපේ නාමය පොළොවෙන් මකාදමනු ඇත. එවිට ඔබේ ගරු නාමය රැකීමට ඔබ කුමක් කරන සේක් දැ”යි ඇසී ය.