Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 15:14 - Sinhala New Revised Version

14 තවද, නුඹලා සමඟ කලකට වසන විදේශිකයෙක් වේ වා, නිත්‍ය පදිංචිය ඇති කෙනෙක් වේ වා, සුමිහිරි සුවඳක් සහිත පඬුරක් ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට ඔප්පු කරන විට, නුඹලා කරන හැටියට ම ඔහුත් කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 තවද, නුඹලා සමඟ කලකට වසන විදේශිකයෙක් වේ වා, නිත්‍ය පදිංචිය ඇති කෙනෙක් වේ වා, සුමිහිරි සුවඳක් සහිත පඬුරක් ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට ඔප්පු කරන විට, නුඹලා කරන හැටියට ම ඔහුත් කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

14 නුඹලා සමඟ සිටින විදේශියෙක් නුමුත් නුඹලාගේ පරම්පරාවල නුඹලා අතරෙහි සිටින වෙන කවුරු නුමුත් ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් ඇති ගිනි පූජාවක් ඔප්පුකරන විට නුඹලා කරන්නාක්මෙන් ඔහුද කළ යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 15:14
5 හුවමාරු යොමු  

ආරොන්ටත්, ඔහුගේ පුතුන්ටත්, මුළු ඉශ්රායෙල් ජනයාටත් කියන ලෙස මෙසේ වදාළ සේක: “ඉශ්රායෙල් ජනයා අතර යමෙක් වේවා, ඔවුන් අතර වසන විදේශිකයෙක් වේවා, තමන්ගේ බාර හාර ඉටු කරන පිණිස ද ස්වේච්ඡා පූජාවක් සඳහා ද දවන යාග පූජාවක් සමිඳාණන් වහන්සේට ඔප්පු කරන්නේ නම්,


‘ස්වදේශිකයන් සියලු දෙන ම, සුමිහිරි සුවඳක් සහිත පඬුරක් ගින්නෙන් දවා, සමිඳාණන් වහන්සේට ඔප්පු කරන විට, මේ අයුරින් සියල්ල ඉටු කළ යුතු ය.


ඉශ්රායෙල් ජනයා වන නුඹලාටත්, නුඹලා සමඟ කලකට වසන විදේශිකයන්ටත් ඉදිරියට සදහට ම එක ම නියෝගයක් වලංගු වනු ඇත. සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නුඹලා සහ විදේශිකයන් එක සමාන වනු ඇත.


“මෙවැනි සතෙකු නුඹ විදේශිකයෙකුගේ අතින් වත් ගෙන, ආහාර පූජාවක් වශයෙන් සමිඳාණන් වහන්සේට ඔප්පු නොකළ යුතු ය. එවැනි ශාරීරික දෝෂ, කැළැල් වන බැවින් නුඹ උදෙසා උන් නොපිළිගනු ලැබේ.”


එසේ ඔබේ නාමය නිසා දුර දේශයකින් පැමිණි විදේශිකයෙකු මේ මාලිගාව දෙසට හැරී යාච්ඤා කළොත්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්