එසේ වී නමුත්, නුඹ ඒ මාලිගාව ගොඩනඟන්නේ නැත; නුඹට දාව ඉපදෙන නුඹේ පුත්‍රයා ම මාගේ නාමයට මාලිගාවක් ගොඩනඟන්නේ ය’යි වදාළ සේක.
1 රාජාවලිය 5:3 - Sinhala New Revised Version “සමිඳාණන් වහන්සේ මාගේ පිය වූ දාවිත්ගේ සතුරන් පරාජය කරන තෙක් හාත්පසින් තිබුණු යුද්ධ නිසා ඔහුගේ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයට මාලිගාවක් ගොඩනඟන්නට ඔහුට බැරි වූ බව ඔබ දන්නෙහි ය. Sinhala New Revised Version 2018 “සමිඳාණන් වහන්සේ මාගේ පිය වූ දාවිත්ගේ සතුරන් පරාජය කරන තෙක් හාත්පසින් තිබුණු යුද්ධ නිසා ඔහුගේ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයට මාලිගාවක් ගොඩනඟන්නට ඔහුට බැරි වූ බව ඔබ දන්නෙහි ය. Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේ මාගේ පියවූ දාවිත්ගේ සතුරන් ඔහුගේ පතුල යට දමන තෙක් ඔහු හාත්පසින් තිබුණු යුද්ධ නිසා ඔහුගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමයට ගෘහයක් ගොඩනගන්ට ඔහුට බැරිවුණු බව ඔබ දන්නෙහිය. |
එසේ වී නමුත්, නුඹ ඒ මාලිගාව ගොඩනඟන්නේ නැත; නුඹට දාව ඉපදෙන නුඹේ පුත්‍රයා ම මාගේ නාමයට මාලිගාවක් ගොඩනඟන්නේ ය’යි වදාළ සේක.
එහෙත්, සමිඳාණන් වහන්සේ මට පණිවුඩයක් ප්‍රකාශ කරමින්, ‘නුඹ බොහෝ සේ ලේ වැගිරීමත්, මහා යුද්ධත් කෙළෙහි ය. එලෙස නුඹ මා ඉදිරියෙහි බොහෝ ලේ බිම වැගිරෙවූ නිසා මාගේ නාමයට මාලිගාවක් ගොඩ නොනඟන්නෙහි ය.
එකල දාවිත් රජු නැඟිට සිට කතා කොට, “මාගේ සහෝදරයෙනි, මාගේ ජනයෙනි, මට සවන් දෙන්න. සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව තබන පිණිස එනම්, අපේ දෙවියන් වහන්සේට වැඩ විසීම පිණිස ස්ථිර නිවාසයක් ගොඩනඟන්න මම අදහස් කෙළෙමි. එය ගොඩනැඟීමට මා විසින් සූදානම් කරනු ලැබ තිබුණේ ය.
එහෙත්, දෙවියන් වහන්සේ මට කතා කොට, ‘නුඹ මාගේ නාමයට මාලිගාවක් ගොඩ නොනඟන්නෙහි ය; මන්ද, නුඹ රණකාමී මනුෂ්‍යයෙකි; නුඹ ලේ වැගිරෙවුවෙහි ය’යි වදාළ සේක.
ඔහුගේ මෙහෙකරුවන්ගේ වාසස්ථාන හා ඔහුගේ ඇමතියන්ගේ සේවය ද ඔවුන්ගේ ඇඳුම් ද ඔහුගේ පානපාත්‍ර දරන්නන් හා ඔවුන්ගේ ඇඳුම් ද ඔහු සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ඔප්පු කළ දවන යාග පූජා ද දුටු කල ෂෙබාහි බිසව තුෂ්ණීම්භූත වූවා ය.
අප අවට විසූ ජාතීන්ගෙන් අප වෙත පැමිණි අය හැර ජුදෙව්වරු සහ නිලධාරීහු එකසිය පණස්දෙනෙක් මාගේ කෑම මේසයෙන් සංග්‍රහ ලැබූ හ.
මා සඳහා දවසකට ගොනෙකුත්, තර බැටළුවෝ හයදෙනෙකුත් පිළියෙළ කරන ලදහ. කුකුළෝ ද මා සඳහා පිළියෙළ කරන ලදහ. දස දවසකට වරක් මුද්‍රික පාන සම් බඳුන් තොග වශයෙන් ගෙනෙන ලදී. එසේ වුව ද, සෙනඟට බොහෝ බර උසුලන්නට තිබුණු නිසා දිශාධිපතියාට හිමි කෑම මම නොඉල්ලුවෙමි.
සමිඳාණෝ මා සමිඳුන්ට කතා කොට, “මා නුඹේ සතුරන් නුඹේ පා යට ලන තෙක් මාගේ දකුණු පස අසුන් ගන්නැ”යි වදාළ සේක.
මා ක්‍රියා කරන්න යන දවසේ දී නුඹලා දුෂ්ටයන් පාගාදමන්නහු ය. ඔව්හු නුඹලාගේ පාද යට ධූලි මෙන් වන්නෝ ය.
මන්ද, දෙවියන් වහන්සේ සියලු සතුරන් උන් වහන්සේගේ පාද යට දමන තුරු ක්‍රිස්තුන් වහන්සේ රජකම් කළ යුතු ම ය.
දෙවියන් වහන්සේ සියලු දේ ක්‍රිස්තුන් වහන්සේගේ පාදවලට යටත් කර, උන් වහන්සේ සභාවේ මහේශාක්‍ය නායකයාණන් කොට පත් කළ සේක.
ඔවුන් ඒ රජුන් ජෝෂුවා වෙත ගෙනා කල, ජෝෂුවා සියලු ඉශ්රායෙල් මිනිසුන් කැඳවා, තමා සමඟ ගිය යුද්ධ භටයන්ගේ අධිපතීන්ට කතා කොට, “ළං වී ඔබේ පාද මේ රජුන්ගේ ගෙල මත තබන්නැ”යි කීවේ ය. ඔව්හු ළං ව තමන්ගේ පාද ඔවුන්ගේ ගෙල මත තැබුවෝ ය.