ඒ බව උන් වහන්සේ දිවැසිවර නාතාන් අත දන්වා හැර, සමිඳාණන් වහන්සේ කී පරිදි, ඔහුට ‘සමිඳුන් ප්‍රේම කළ තැනැත්තා’ යන අර්ථය ඇති ‘ජෙදීදියා’ යන නම තැබී ය.
1 රාජාවලිය 4:5 - Sinhala New Revised Version නාතාන්ගේ පුත් අශරියා ප්‍රාදේශිය ආණ්ඩුකාරයන්ගේ පාලකයා ය; නාතාන්ගේ පුත් පූජක සාබුද් රාජකීය පුරෝහිතයා ව සිටියේ ය. Sinhala New Revised Version 2018 නාතාන්ගේ පුත් අශරියා ප්‍රාදේශිය ආණ්ඩුකාරයන්ගේ පාලකයා ය; නාතාන්ගේ පුත් පූජක සාබුද් රාජකීය පුරෝහිතයා ව සිටියේ ය. Sinhala Revised Old Version නාතාන්ගේ පුත්‍රවූ අශරියා මූලාදෑනීන්ගේ නායකයාය; නාතාන්ගේ පුත්‍රවූ සාබූද් ඇමතියෙක්ව රජුගේ මිත්‍රයාව සිටියේය; |
ඒ බව උන් වහන්සේ දිවැසිවර නාතාන් අත දන්වා හැර, සමිඳාණන් වහන්සේ කී පරිදි, ඔහුට ‘සමිඳුන් ප්‍රේම කළ තැනැත්තා’ යන අර්ථය ඇති ‘ජෙදීදියා’ යන නම තැබී ය.
තවද, දාවිත්ගේ මිතුරා වන අර්කීය ජාතික හූෂයි අබ්සලොම් ළඟට පැමිණි විට, “රජු සැරදේ වා!, සැරදේ වා!”යි කීවේ ය.
එසේ සිටින අතර රජතුමා නාතාන් නම් දිවැසිවරයාට කතා කොට, “මෙන්න, මම දැන් කිහිරි ගෙයක වසමි; එහෙත්, දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව කූඩාරමක් ඇතුළේ තිබේ ය”යි කීවේ ය.
ජෙහෝයාදාගේ පුත් බෙනායා කෙරෙතිවරුන් ද පෙලෙතිවරුන් ද කෙරෙහි අධිපතියා ව සිටියේ ය. දාවිත්ගේ පුත්‍රයෝ පූජකවරුන් ව සිටියහ.
රජුටත්, ඔහුගේ ගෘහවාසීන්ටත් ආහාර සපයන පිණිස සලමොන් රජ නිලධාරීන් දොළොස්දෙනෙකු සියලු ඉශ්රායෙල්වරුන් කෙරෙහි පත් කෙළේ ය. එකිනෙකා අවුරුද්දකට මාසයක් බැගින් එසේ ආහාර සපයා දුන්නෝ ය.
ජේසුස් වහන්සේගේ ශ්‍රාවකයන් අතරෙන් උන් වහන්සේ ප්‍රේම කළ තැනැත්තා උන් වහන්සේගේ ළයට ළං ව හාන්සි වී සිටියේ ය.
මෙසේ: “ආබ්‍රහම් දෙවියන් වහන්සේ අදහාගත්තේ ය. ඒ ඇදහිල්ල ඔහුගේ දමිටුකම හැටියට පිළිගනු ලැබී ය”යි කියන ශුද්ධ ලියවිල්ල ඉටු විය. එපමණකුත් නොව, ඔහු දෙවියන් වහන්සේගේ මිත්‍රයා යයි කියනු ලැබී ය.