Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 4:5 - Sinhala Revised Old Version

5 නාතාන්ගේ පුත්‍රවූ අශරියා මූලාදෑනීන්ගේ නායකයාය; නාතාන්ගේ පුත්‍රවූ සාබූද් ඇමතියෙක්ව රජුගේ මිත්‍රයාව සිටියේය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 නාතාන්ගේ පුත් අශරියා ප්‍රාදේශිය ආණ්ඩුකාරයන්ගේ පාලකයා ය; නාතාන්ගේ පුත් පූජක සාබුද් රාජකීය පුරෝහිතයා ව සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 නාතාන්ගේ පුත් අශරියා ප්‍රාදේශිය ආණ්ඩුකාරයන්ගේ පාලකයා ය; නාතාන්ගේ පුත් පූජක සාබුද් රාජකීය පුරෝහිතයා ව සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 4:5
17 හුවමාරු යොමු  

අහිතොපෙල් වනාහි රජුගේ මන්ත්‍රීයාව සිටියේය. අර්කීය හුෂයි රජුගේ මිත්‍රයා විය.


තවද දාවිත්ගේ මිත්‍රයාවූ අර්කීය හූෂයි අබ්සලොම් ළඟට පැමිණුණ විට: රජු සැරදේවා, රජු සැරදේවයි කීවේය.


මෙසේ දාවිත්ගේ මිත්‍රවූ හූෂයි නුවරට ආයේය; අබ්සලොම්ද යෙරුසලමට ආයේය.


මෙසේ: ආබ්‍රහම් දෙවියන්වහන්සේ විශ්වාස කෙළේය, එය ධර්මිෂ්ඨකම කොට ඔහුට ගණන්ගනු ලැබුවේය කියා තිබෙන ලියවිල්ල සම්පූර්ණවුණේය; තවද ඔහු දෙවියන්වහන්සේගේ මිත්‍රයායයි කියනු ලැබුවේය.


යේසුස්වහන්සේගේ ගෝලයන්ගෙන් කෙනෙක්වූ උන්වහන්සේ ප්‍රේමකළ තැනැත්තා මේසයෙහි උන්වහන්සේගේ ළයට හාන්සිවී උන්නේය.


සිතේ පිරිසිදුකමට ඇලුම්වෙන්නාවූ, ප්‍රසන්න තොල් ඇත්තාවූ අයට රජ්ජුරුවෝ මිත්‍රයෙක්ය.


රජුටත් ඔහුගේ ගෘහ වාසීන්ටත් ආහාර සපයන පිණිස සාලමොන්ගේ මුලාදෑනීන් දොළොස්දෙනෙක් මුළු ඉශ්‍රායෙල් කෙරෙහි පත්ව සිටියෝය. එසේ සපයාදීම එකිනෙකාට වැටුණේ අවුරුද්දකට මාසයක් බැගින්ය.


යායිර්හි ඊරාත් දාවිත්ගේ මන්ත්‍රීවරයෙක්ය.


උන්වහන්සේ අනාගතවක්තෘවූ නාතාන් අත කියා හැරියසේක, ස්වාමීන්වහන්සේ නිසා ඔහුට යෙදීදියා යන නම තබන ලද්දේය.


යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායා කෙරෙතිවරුන්ද පෙලෙතිවරුන්ද කෙරෙහි අධිපතියාව සිටියේය; දාවිත්ගේ පුත්‍රයෝද මන්ත්‍රීවරු ව සිටියෝය.


රජ ප්‍රොපේතවූ නාතාන්ට කථාකොට: මෙන්න, මම දැන් කිහිරි ලී ගෙයක වසමි, එහෙත් දෙවියන්වහන්සේගේ පෙට්ටිය තිර ඇතුළේ වාසයකරනවායයි කීවේය.


අහිෂාර් වනාහි රජගෙදර ප්‍රධානියාය. අබ්දාගේ පුත්‍රවූ අදොනිරම් රාජකාරියේ මුලාදෑනියාය.


යෙරුසලමේදී ඔහු නිසා උපන්නවුන්ගේ නම් මේය: ෂම්මුවාද ෂෝබාබ්ද නාතාන්ද සාලමොන්ද,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්