Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 4:7 - Sinhala New Revised Version

7 රජුටත්, ඔහුගේ ගෘහවාසීන්ටත් ආහාර සපයන පිණිස සලමොන් රජ නිලධාරීන් දොළොස්දෙනෙකු සියලු ඉශ්රායෙල්වරුන් කෙරෙහි පත් කෙළේ ය. එකිනෙකා අවුරුද්දකට මාසයක් බැගින් එසේ ආහාර සපයා දුන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 රජුටත්, ඔහුගේ ගෘහවාසීන්ටත් ආහාර සපයන පිණිස සලමොන් රජ නිලධාරීන් දොළොස්දෙනෙකු සියලු ඉශ්රායෙල්වරුන් කෙරෙහි පත් කෙළේ ය. එකිනෙකා අවුරුද්දකට මාසයක් බැගින් එසේ ආහාර සපයා දුන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

7 රජුටත් ඔහුගේ ගෘහ වාසීන්ටත් ආහාර සපයන පිණිස සාලමොන්ගේ මුලාදෑනීන් දොළොස්දෙනෙක් මුළු ඉශ්‍රායෙල් කෙරෙහි පත්ව සිටියෝය. එසේ සපයාදීම එකිනෙකාට වැටුණේ අවුරුද්දකට මාසයක් බැගින්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 4:7
6 හුවමාරු යොමු  

නාතාන්ගේ පුත් අශරියා ප්‍රාදේශිය ආණ්ඩුකාරයන්ගේ පාලකයා ය; නාතාන්ගේ පුත් පූජක සාබුද් රාජකීය පුරෝහිතයා ව සිටියේ ය.


අහිෂාර් වනාහි රජ ගෙදර ප්‍රධානියා ය. අබ්දාගේ පුත් අදොනිරාම් රාජකාරියේ මුලාදෑනියා ය.


ඔවුන්ගේ නාම මේ ය; එප්‍රායිම් කඳුකරයේ විසූ බෙන්‍-හුර් ය;


ජෙරොබෝවම් හා මුළු ඉශ්රායෙල් සභාව පැමිණ, රෙහොබෝවම්ට කතා කොට, “ඔබේ පියාණෝ අප පිට බර වියගහක් තැබූ හ. එබැවින් ඔබේ පියාණන් පැවරූ දුෂ්කර සේවය ද ඔහු අප පිට තැබූ බර වියගහ ද සැහැල්ලු කළ මැනව. එවිට අපි ඔබට සේවය කරන්නෙමු”යි කීවෝ‍ ය.


හීරාම් රජ සලමොන්ගේ වචනය අසා ඉතා ප්‍රීති වී, “ඒ ශ්‍රේෂ්ඨ ජාතිය ආණ්ඩු කරන පිණිස ප්‍රඥාවන්ත පුත්‍රයෙකු දාවිත්ට දුන් සමිඳාණන් වහන්සේට අද ප්‍රශංසා වේ වා!”යි කීවේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්