තමා ම මුළු දවසක ගමන් ප්‍රමාණය නිමවමින් පාළුකරයට පිවිස රෝතෙම් නම් ගසක් යට වාඩි වී, තමා මැරෙන ලෙස ඉල්ලමින් “සමිඳාණන් වහන්ස, ඉතින් ඇත, දැන් මාගේ ප්‍රාණය ගත මැනව. මන්ද, මාගේ පියවරුන්ට වඩා මම උතුම් නොවෙමි”යි කී ය.
1 රාජාවලිය 19:5 - Sinhala New Revised Version මෙසේ කියා ඔහු ඒ රෝතෙම් ගස යට වැතිර නිදාගත්තේ ය. එවිට දේව දූතයෙක් ඔහුට අතගසා, “නැඟිට කන්නැ”යි කී හෙයින්, Sinhala New Revised Version 2018 මෙසේ කියා ඔහු ඒ රෝතෙම් ගස යට වැතිර නිදාගත්තේ ය. එවිට දේව දූතයෙක් ඔහුට අතගසා, “නැඟිට කන්නැ”යි කී හෙයින්, Sinhala Revised Old Version ඔහු රෝතෙම් ගසක් යට වැතිර නිදාගත්තේය; එවිට දේවදූතයෙක් ඔහුට අතගසා: නැගිට කන්නැයි ඔහුට කීවේය. |
තමා ම මුළු දවසක ගමන් ප්‍රමාණය නිමවමින් පාළුකරයට පිවිස රෝතෙම් නම් ගසක් යට වාඩි වී, තමා මැරෙන ලෙස ඉල්ලමින් “සමිඳාණන් වහන්ස, ඉතින් ඇත, දැන් මාගේ ප්‍රාණය ගත මැනව. මන්ද, මාගේ පියවරුන්ට වඩා මම උතුම් නොවෙමි”යි කී ය.
ඔහු බැලූ විට තම හිස ළඟ අඟුරු පිට පිළිස්සූ රොටියක් හා වතුර භාජනයක් තිබෙනු දැක කා බී නැවත වැතුරුණේ ය.
ධනපතීහු පවා කෑම නැති ව සාගින්නෙන් පෙළෙති; එහෙත්, හිමි තුමන් සරණ යන අයට යහපත් දෙයින් කිසි අඩුවක් නැත.
“දේව උදහස අවසානයේ දී සිදුවන්නට යන දේ නුඹට දන්වමි. මන්ද, දර්ශනය අදාළ වන්නේ අන්තිම කාලයට ය.
එසේ මා යාච්ඤා පවසමින් සිටිය දී ම, කලින් දර්ශනයෙන් මා දුටු මනුෂ්‍යයා වූ ගාබ්‍රියෙල් ශීඝ්‍රයෙන් පියාසර කර සවස පූජා වේලාවට පමණ මා ළඟට පැමිණියේ ය.
එකෙණෙහි ම සමිඳාණන් වහන්සේගේ දුතයෙක් එහි පහළ විය. ආලෝකයක් හිර ගෙයි බැබළිණි. ඔහු පේදුරුගේ පිටට තට්ටු කර අවදි කරමින්, “වහා ම නැඟිටින්නැ”යි කී ය. ඔහුගේ අත්වලින් දම්වැල් ගැලවී වැටුණේ ය.
එසේ නම් දේව දූතයෝ කවරහු ද? ඔව්හු සියල්ලෝ ම ගැළවීමේ උරුමය ලබන්නට සිටින්නවුන් උදෙසා සේවය පිණිස එවන ලද ආත්මයෝ ය.
ලත් පමණින් සතුටු වන්න, වස්තු තණ්හාවෙන් තොර ව ඉන්න. මන්ද, “මම කිසි සේත් නුඹෙන් අහක් ව නොයමි; කිසි අයුරකින් නුඹ අත් නොහරිමි”යි දෙවියන් වහන්සේ ම වදාරා තිබේ.