ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 ලේකම් 24:4 - Sinhala New Revised Version 2018

ඊතාමාර්ගේ පුත්‍රයන් අතරේ සිටි ප්‍රධාන මනුෂ්‍යයන්ගේ ගණනට වඩා එලෙයාසර්ගේ පුත්‍රයන් අතරේ සිටියෝ ය. එබැවින් මෙලෙස ඔව්හු සංවිධානය කරනු ලැබුවෝ ය. එලෙයාසර්ගේ පුත්‍රයන්ට පිය වංශවල ප්‍රධානීහු දහසයදෙනෙක් ද ඊතාමාර්ගේ පුත්‍රයන්ට ඔවුන්ගේ පිය වංශවල ප්‍රධානීහු අටදෙනෙක් ද සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඊතාමාර්ගේ පුත්‍රයන් අතරේ සිටි ප්‍රධාන මනුෂ්‍යයන්ගේ ගණනට වඩා එලෙයාසර්ගේ පුත්‍රයන් අතරේ සිටියෝ ය. එබැවින් මෙලෙස ඔව්හු සංවිධානය කරනු ලැබුවෝ ය. එලෙයාසර්ගේ පුත්‍රයන්ට පිය වංශවල ප්‍රධානීහු දහසයදෙනෙක් ද ඊතාමාර්ගේ පුත්‍රයන්ට ඔවුන්ගේ පිය වංශවල ප්‍රධානීහු අටදෙනෙක් ද සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඊතාමාර්ගේ පුත්‍රයන් අතරේ සිටි ප්‍රධාන මනුෂ්‍යයන්ගේ ගණනට වඩා එලෙයාසර් පුත්‍රයන් අතරේ සිටියෝය; මෙලෙස ඔව්හු බෙදනු ලැබුවෝය. එලෙයාසර් පුත්‍රයන්ට පිය වංශවල ප්‍රධානීන් දහසය දෙනෙක්ද ඊතාමාර් පුත්‍රයන්ට ඔවුන්ගේ පිය වංශවල ප්‍රධානීන් අට දෙනෙක්ද සිටියෝය.

පරිච්ඡේදය බලන්න



1 ලේකම් 24:4
7 හුවමාරු යොමු  

ඔව්හු තමන්ගේ පිය පෙළපත්වල හැටියට, පිය පෙළපත්වල ප්‍රධානියන් වන විසි අවුරුදු වයසේ පටන් ඉන් ඉහළට එක් කෙනෙකු එක් කෙනෙකු පාසා නම් වශයෙන් ගණන් කරන ලද්දා වූ, සමිඳාණන් වහන්සේගේ මාලිගා සේවයේ වැඩ කළා වූ ලෙවීගේ පුත්‍රයෝ ය.


දාවිත් එලෙයාසර් පුත්‍රයන්ගෙන් ශාදොක් ද ඊතාමාර් පුත්‍රයන්ගෙන් අහිමෙලෙක් ද සමඟ ඔවුන්ගේ මෙහෙයේ නියමයේ ප්‍රකාරයට ඔවුන් සංවිධානය කෙළේ ය.


දෙගොල්ල ගැන ම එකට පස ඇට දමා සංවිධාන කෙළේ ය. මන්ද, ශුද්ධස්ථානයේ අධිපතියෝත්; දෙවියන් වහන්සේගේ අධිපතියෝත් එලෙයාසර්ගේ පුත්‍රයන් අතරේ සහ ඊතාමාර්ගේ පුත්‍රයන් අතරේත් වූ හ.


සලමොන් සියලු ඉශ්රායෙල්වරුන්ට එනම්, සහශ්‍රාධිපතීන්ට හා ශතාධිපතීන්ට ද විනිශ්චයකාරයන්ට ද පිය වංශවල ප්‍රධානීන් වන මුළු ඉශ්රායෙල්හි අධිපතීන් සියල්ලන්ට ද කතා කෙළේ ය.


ජෝයාකීම්ගේ දවස්වල පිය පෙළපත් ප්‍රධානියන් වූ පූජකයෝ නම්: සෙරායාගෙන් මෙරායා ය; ජෙරමියාගෙන් හනනියා ය;