Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 ලේකම් 24:3 - Sinhala New Revised Version 2018

3 දාවිත් එලෙයාසර් පුත්‍රයන්ගෙන් ශාදොක් ද ඊතාමාර් පුත්‍රයන්ගෙන් අහිමෙලෙක් ද සමඟ ඔවුන්ගේ මෙහෙයේ නියමයේ ප්‍රකාරයට ඔවුන් සංවිධානය කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 දාවිත් එලෙයාසර් පුත්‍රයන්ගෙන් ශාදොක් ද ඊතාමාර් පුත්‍රයන්ගෙන් අහිමෙලෙක් ද සමඟ ඔවුන්ගේ මෙහෙයේ නියමයේ ප්‍රකාරයට ඔවුන් සංවිධානය කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 තවද දාවිත් එලෙයාසර්ගේ පුත්‍රයන්ගෙන් ශාදොක්ද ඊතාමාර් පුත්‍රයන්ගෙන් අහීමෙලෙක්ද සමඟ ඔවුන්ගේ මෙහෙයේ නියමයේ ප්‍රකාරයට ඔවුන් බෙදුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 24:3
15 හුවමාරු යොමු  

ෂෙවා වනාහි ලේකම් ය. ශාදොක් හා අබියාතර් පූජකයෝ ය.


අහිතුබ්ගේ පුත් ශාදොක් හා අබියාතර්ගේ පුත් අහිමෙලෙක් පූජකයන් ව සිටියහ. සෙරායා ලේකම් ව සිටියේ ය.


ඉන්පසු රජ තෙම ඔහු වෙනුවට සේනාවේ අධිපති කොට ජෙහෝයාදාගේ පුත් බෙනායා ද අබියාතර් වෙනුවට පූජක ශාදොක් ද පත් කෙළේ ය.


දාවිත් පූජකයන් වූ ශාදොක්ට සහ අබියාතර්ට ද ලෙවීවරුන් වූ උරියෙල්, ආසායා, ජෝවෙල්, ෂෙමායා, එලීයෙල් සහ අම්මිනාදාබ්ට ද අඬගසා ඔවුන්ට කතා කොට,


පූජක ශාදොක් ද පූජකයන් වන ඔහුගේ සහෝදරයන් ද ගිබියොන්හි ගිරිකුළක තිබෙන සමිඳාණන් වහන්සේගේ මණ්ඩපය ඉදිරියෙහි සිටින්න නියම කෙළේ ය.


අහිතුබ්ගේ පුත් ශාදොක් සහ අබියාතර්ගේ පුත් අබිමෙලෙක් පූජකයන් ව සිටියෝ ය. ෂව්ෂා ලේකම් ව සිටියේ ය.


ඔව්හු ද තමන්ගේ සහෝදරයන් වන ආරොන්ගේ පුත්‍රයන් මෙන් ම දාවිත් රජු ද ශාදොක් ද අහිමෙලෙක් ද පූජකයන්ගේ සහ ලෙවීවරුන්ගේ පිය වංශවල ප්‍රධානීන් ද ඉදිරියෙහි පස ඇට දැමුවෝ ය. පිය වංශවල ප්‍රධානියා තමාගේ බාල සහෝදරයා මෙන් ම පස ඇට දැමුවේ ය.


ඊතාමාර්ගේ පුත්‍රයන් අතරේ සිටි ප්‍රධාන මනුෂ්‍යයන්ගේ ගණනට වඩා එලෙයාසර්ගේ පුත්‍රයන් අතරේ සිටියෝ ය. එබැවින් මෙලෙස ඔව්හු සංවිධානය කරනු ලැබුවෝ ය. එලෙයාසර්ගේ පුත්‍රයන්ට පිය වංශවල ප්‍රධානීහු දහසයදෙනෙක් ද ඊතාමාර්ගේ පුත්‍රයන්ට ඔවුන්ගේ පිය වංශවල ප්‍රධානීහු අටදෙනෙක් ද සිටියෝ ය.


ලෙවී ජාතික වූ නෙතනේල්ගේ පුත් ෂෙමායා නම් ලේකම්, රජු ද අධිපතීන් ද ශාදොක් පූජකයා ද අබියාතර්ගේ පුත් අහිමෙලෙක් ද පූජකයන්ගේ සහ ලෙවීවරුන්ගේ පිය වංශවල ප්‍රධානීන් ද ඉදිරියෙහි ඔවුන්ගේ නාම වාර්තාගත කෙළේ ය. එලෙයාසර්ට එක පිය වංශයක් ද ඊතාමාර්ට එක පිය වංශයක් ද බැගින් පස ඇට දමා තෝරාගන්නා ලද්දේ ය.


තවද, ඔහු තමාගේ පිය වූ දාවිත්ගේ නියෝගය ලෙස පූජක කාණ්ඩ ඔවුන්ගේ සේවයට ද ලෙවීවරුන් එක එක දවසට සුදුසු ලෙස පූජකයන් ඉදිරියෙහි සේවය කිරීමත්, ප්‍රශංසා කිරීමත් යන ඔවුන්ට භාර වූ වැඩට ද දොරටු පාලකයන් ඔවුන්ගේ කාණ්ඩවල හැටියට එක එක දොරටුවට ද නියම කෙළේ ය. මන්ද, දෙවියන් වහන්සේට කැප මනුෂ්‍යයා වූ දාවිත් මෙසේ අණ කර තිබූ බැවිනි.


දාවිත් නොබ්හි අහිමෙලෙක් නම් පූජකයා වෙත පැමිණියේ ය. අහිමෙලෙක් දාවිත් සමුවන්නට වෙවුලමින් අවුත්, “කිසිවෙකු ඔබ සමඟ නැතිව ඔබ මෙහි තනියම ආවේ මන්දැ”යි ඔහුගෙන් ඇසුවේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්