1 රාජාවලිය 9:28 - Sinhala New Revised Version 2018 ඔව්හු ඕපීර් නම් දේශයට ගොස් එතැනින් රන් කිලෝග්‍රෑම් දාහතරදාහක් සලමොන් රජු වෙත ගෙනාහ. Sinhala New Revised Version ඔව්හු ඕපීර් නම් දේශයට ගොස් එතැනින් රන් කිලෝග්‍රෑම් දාහතරදාහක් සලමොන් රජු වෙත ගෙනාහ. Sinhala Revised Old Version ඔව්හු ඕපීර්ට ගොස් එතැනින් රන් තලෙන්ත හාරසිය විස්සක් සාලමොන් රජු ළඟට ගෙනාවෝය. |
ඕපීර් දේශයේ සිට රත්රන් ගෙනා හීරාම්ගේ නැව්වලින් හඳුන් ලී මහත් රාශියක් හා මැණික් ගල් ඕපීර් දේශයෙන් ගෙනෙන ලදී.
ජෙහෝෂාපාට් රත්රන් ගෙනෙන පිණිස ඕපීර් නගරයට යෑමට තර්ෂීෂ් නැව් සෑදී ය. එහෙත්, ඒවා එහි ගියේ නැත. මන්ද, ඒ නැව් එශියොන් ගෙබර් නම් ස්ථානයෙහි දී විනාශ වූ බැවිනි.
එකල ආහබ්ගේ පුත් අහසියා, “මාගේ සේවකයෝ ඔබේ සේවකයන් සමඟ නැව්වල යාත්‍රා කරත් වා”යි ජෙහෝෂාපාට්ට කීවේ ය. එහෙත්, ජෙහෝෂාපාට් එකඟ වූයේ නැත.
එනම්, මාලිගාවේ බිත්ති වසාලන පිණිස ද රන් වැඩවලටත්, රිදී වැඩවලටත්, කාර්මිකයන්ගේ සියලු වැඩවලටත් පාවිච්චි කරන පිණිස ද ඕපීර්හි රන් මෙට්‍රික් ටොන් සියයකුත්, පවිත්‍ර කළ රිදී මෙට්‍රික් ටොන් දෙසිය සතළිසකුත් දුන්නෙමි. ඉතින් අද සේවය සඳහා කැමැත්තෙන් ම සමිඳාණන් වහන්සේට පූජා කරන්නේ වෙන කවරෙක් දැ”යි කීවේ ය.
හූරාම් තමාගේ සේවකයන්ගේ මෙහෙයීම යටතේ නැව් ද මුහුදේ තතු දන්න සේවකයන් ද ඔහු වෙත එවුවේ ය. ඔව්හු සලමොන්ගේ සේවකයන් සමඟ ඕපීර් දේශයට ගොස් එතැනින් රන් කිලෝග්‍රෑම් පසළොස්දහසක් සලමොන් රජු වෙත ගෙනාවෝ ය.
ඕපීර් සිට රන් ගෙනා හූරාම්ගේ සේවකයෝ ද සලමොන්ගේ සේවකයෝ ද හඳුන් ලී සහ මැණික් ගල් ගෙනාවෝ ය.
එය ඕපීර් රටේ රනින් වත්, අනගි නඛමාණික්‍යයෙන් වත්, නීල මාණික්‍යයෙන් වත් මිල කළ නොහැකි ය.
දියණියනි, මා වදනට සවන් දෙන්න; ඒවා සිතට ගන්න. ඔබේ ජාතිය, ඔබේ ගම රට සිතින් අමතක කරන්න.
ඔබේ කුලකතුන් අතර රජ කුමරියෝ ඇත. ඕපීර්හි රන් අබරණින් සැරසුණු ඔබේ අග රැජින ඔබ සිහසුනේ දකුණු පසින් වැජඹෙන්නී ය.
මාගේ විජිතයෙහි වූ රාජකීය භාණ්ඩාගාරවලින් රන් රිදී ද වෙන සම්පත් ද රැස් කරගතිමි. ගායක ගායිකාවෝ මට ගී ගැයූ හ. මිනිසෙකුගේ ප්‍රීතිය සපුරාලීමට ඇති පමණ වනිතාවන් මම සපයාගතිමි.