ඔහු ඒවායේ කෙරුබ්වරුන්ගේ රූප ද තල් ගස් ද පිපුණු මල් ද කපා, ඒ කැටයම් පිට සම ලෙස රත්රන් ගෑවේ ය.
1 රාජාවලිය 6:36 - Sinhala New Revised Version 2018 ඇතුළු මළුව කැපූ ගල් පේළි තුනකින් ද කිහිරි දැව පේළියකින් ද සෑදුවේ ය. Sinhala New Revised Version ඇතුළු මළුව කැපූ ගල් පේළි තුනකින් ද කිහිරි දැව පේළියකින් ද සෑදුවේ ය. Sinhala Revised Old Version ඇතුළු මිදුල කැපූ ගල්පේළි තුනකින්ද කිහිරි දැව පේළියකින්ද සෑදුවේය. |
ඔහු ඒවායේ කෙරුබ්වරුන්ගේ රූප ද තල් ගස් ද පිපුණු මල් ද කපා, ඒ කැටයම් පිට සම ලෙස රත්රන් ගෑවේ ය.
වටකර තිබුණ මහ මළුව කැපූ ගල් පේළි තුනකින් ද කිහිරි දැව පේළියකින් ද සාදන ලද්දේ ය. සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ඇතුළු මළුවත්, මාලිගාවේ ශාලාවත් එලෙස ම විය.
තවද, සලමොන් සමිඳාණන් වහන්සේගේ මාලිගාව ඉදිරිපිට තිබුණු මිදුලේ මැදභාගය විශුද්ධ කෙළේ ය. මන්ද, ඔහු දවන යාග පූජා ද සහභාගිකමේ පූජාවල තෙල ද එහි ඔප්පු කළ බැවිනි. එසේ කෙළේ, සලමොන් සෑදූ ලෝකඩ පූජාසනය දවන යාග පූජාව ද ආහාර පූජාව ද තෙල ද තැබීමට ප්රමාණවත් නොවූ නිසා ය.
මහා ගල් පේළි තුනකුත්, අලුත් ලී පේළියකුත් ඇති ව එය සාදනු ලැබේවා. වියදම ද රාජ භාණ්ඩාගාරයෙන් ගෙවනු ලැබේවා.
එවිට බාරුක් සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි ඉහළ මළුවේ, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ අලුත් දොරටුව ළඟ තිබුණ, ලේකම් වන ෂාපාන්ගේ පුත් ගෙමරියාගේ ඇතුළු ගෙයි සිට ජෙරමියාගේ වචන සෙනඟට ඇසෙන පිණිස පොතෙන් කියෙව්වේ ය.
ඔහු දකුණු දොරටුවෙන් ඇතුළු මළුවට මා පැමිණවී ය. ඔහු දකුණු දොරටුව මැන්නේ ය. දකුණු දොරටුව පෙර දොරටුව ප්රමාණයට තිබිණි.
මාලිගාවෙන් පිටත වූ මළුව විජාතීන්ට දී ඇති බැවින්, එය නොමැන අත් හරින්න. ඔව්හු සතළිස් දෙමාසයක් ශුද්ධ නගරය පයින් පාගා දමන්නෝ ය.