ගිබියාහි දවස්වලදී මෙන් ඔව්හු අධිකලෙස තමුන්ම දූෂ්‍යකරගත්තෝය. උන්වහන්සේ ඔවුන්ගේ අයුතුකම සිහිකර, ඔවුන්ගේ පාපවලට දඬුවම්කරනසේක.
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: යන්න, බැස යන්න; මක්නිසාද නුඹ මිසර දේශයෙන් ගෙනාවාවූ නුඹේ සෙනඟ තමන්ම දූෂ්‍යකර ගෙන,
පොළොවත් එහි වැසියන් නිසා කිලුටුව තිබේ; මක්නිසාද ඔව්හු ව්‍යවස්ථාවන් කඩකොට, නියෝගය වෙනස්කර, සදාකාල ගිවිසුම කඩකළෝය.
එම්බා ඉශ්‍රායෙල් පුත්‍රයෙනි, නුඹලා විසින් බොහෝසෙයින් අත්හරිනු ලැබූ තැනන්වහන්සේ වෙතට හැරෙන්න.
ඔවුන් තමුන්ගේ පාද නවත්වා නොගෙන මුළාවයන්ට මෙපමණ ප්‍රියවූ බැවින් ස්වාමීන්වහන්සේ ඔවුන් කෙරෙහි අප්‍රසන්නවූසේකැයි කියාත් දැන් උන්වහන්සේ ඔවුන්ගේ අපරාධකම සිහි කොට ඔවුන්ගේ පාපවලට දඬුවම්කරනවා ඇත කියාත් ස්වාමීන්වහන්සේ මේ සෙනඟට කියනසේක.
මනුෂ්‍ය පුත්‍රය, නුඹ අනාගතවාක්‍ය කියා, ස්වාමිවූ දෙවියන්වහන්සේ අම්මොන් පුත්‍රයන් ගැනද ඔවුන්ගේ නින්දාකිරීම ගැනද මෙසේ කියනසේකැයි කියන්න:
අහෝ ඉශ්‍රායෙල්, නුඹ ගිබියාහි දවස්වල පටන් පව්කෙළෙහිය. එහි ඔව්හු නැවතී සිටිති; දුෂ්ටකමේ පුත්‍රයන්ට විරුද්ධව පැමිණෙන යුද්ධයට ඔව්හු ගිබියාහිදී අසුනොවන්නෝද?
එබැවින් සෙනඟට මෙන්ම පූජකයාටත් සිද්ධවෙයි. මම ඔවුන්ගේ මාර්ගවල හැටියට ඔවුන්ට දඬුවම්කර, ඔවුන්ගේ ක්‍රියා නිසා ඔවුන්ට ප්‍රතිඵල දෙන්නෙමි.
ගිබියාහි හොරණෑවක්ද රාමාහි නළාවක්ද පිඹින්න. බෙත්-ආවෙන්හි ඝෝෂාකරන්න; අහෝ බෙන්යමින්, [සතුරා] නුඹ පස්සෙන්ය.
ඔවුන්ගේ සියලු දුෂ්ටකම් මට මතක තිබෙන බව ඔව්හු තමුන්ගේ සිත්වලින් කල්පනා නොකරති. දැන් ඔව්හු තමුන්ගේ ක්‍රියාවලින් වටවී සිටිති; ඒවා මාගේ මුහුණ ඉදිරිපිට තිබේ.
මට ඔප්පු කරන පූජාවල් ලෙස ඔව්හු මස් පූජාකොට කති; එහෙත් ස්වාමීන්වහන්සේ ඔවුන් පිළි නොගන්නාසේක. උන්වහන්සේ දැන් ඔවුන්ගේ අයුතුකම සිහිකොට, ඔවුන්ගේ පාපවලට දඬුවම්කරනසේක; ඔවුන් මිසරයට හැරීයනවා ඇත.
එප්‍රායිම් මාගේ දෙවියන්වහන්සේ වෙත රැකවලෙක් විය. ප්‍රොපේත තෙම තමාගේ සියලු මාර්ගවල පක්ෂී වැද්දාගේ මලපතක්ව, තමාගේ දෙවියන්වහන්සේගේ ගෘහයෙහි එදිරිකාරකමක්ව සිටින්නේය.
මා විසින් ඈ ගැන නියමකළ සියල්ල ලෙස ඇගේ වාසස්ථානය සිඳදමනු නොලබන පිණිස: නුඹ මා කෙරෙහිම භයවී අවවාදය පිළිගන්නෙහියයි කීවෙමි. එහෙත් ඔව්හු අලුයම නැගිට තමුන්ගේ සියලු ක්‍රියාවල් දූෂ්‍යකළෝය.
ඔහුගේ ස්වාමියාද: ඉශ්‍රායෙල් පුත්‍රයන්ට අයිති නැති අන්‍යයන්ගේ නුවරට අපි නොගොස් ගිබියාට යමුයයි ඔහුට කීවේය.
නුමුත් මහලු මනුෂ්‍යයෙක් කෙතේ වැඩකර සවස ආවේය; ඒ මනුෂ්‍යයා එප්‍රායිම් කඳු රටේ කෙනෙක්ය, හෙතෙම ගිබියාහි වාසයකෙළේය. එහෙත් ඒ ස්ථානයේ මනුෂ්‍යයෝ බෙන්යමින්වරුය.
ඔවුන් තමුන්ගේ සිත් සන්තෝෂකරගන්න අතර, දුර්ජනයෝව සිටි ඒ නුවර සමහර මනුෂ්‍යයෝ ගේ වටකර සිට, දොරට ගසමින්, ගෙදර ස්වාමියාවූ මහලු මනුෂ්‍යයාට කථාකොට: නුඹේ ගෙදරට ඇවිත් සිටින මනුෂ්‍යයා අප විසින් ඇඳිනගන්නා පිණිස ඔහු පිටතට ගෙනෙන්නැයි කීවෝය.
ඔව්හු බෙන්යමින්වරුන් හැම අතින් වටකරගන, නැගෙනහිරින් ගිබියාට පැමිණෙන තුරු ඔවුන් පස්සේ එළවාගන ගොස්, ඔවුන් නැවතුණ තැනදී ඔවුන් පාගාදැමුවෝය.