පාවරෙන්වත් මිදි පැසෙන්වත් ඔව්හු පෝෂ්‍ය නොවන්නෝය, මිදියුසද එහි නොවන්නේය.
ඔව්හු යොර්දානෙන් එගොඩ පිහිටි ආතාද්ගේ පාවරට පැමුණුණ කල එහිදී ඉතා මහත්වූ තද වැලපීමකින් වැලපුණෝය. ඔහු තම පියාණන් ගැන සත් දවසක් ශෝකවුණේය.
ඇගේ සියලු ප්‍රීතියද ඇගේ මංගල්‍යයන්ද ඇගේ අමාවක්ද ඇගේ සබත් දවස්ද ඇගේ සියලු නියම රැස්වීම්ද පහකරන්නෙමි.
මේවා මාගේ ප්‍රේමවන්තයන් මට දුන් පණයම්යයි ඈ කියන්නාවූ ඇගේ මිදිවැල් සහ අත්තික්කා ගස් මම නාස්තිකර කැලෑවක් කරන්නෙමි, වන මෘගයෝ ඒවා කන්නෝය.
එබැවින් මම නියම කාලයට මාගේ ධාන්‍යද නියම සෘතුවට මාගේ මිදියුසද අහක්කරගන්නෙමි, ඇගේ නග්නභාවය වසන්ට තිබුණු මාගේ ලොම්ද මාගේ හණද උදුරාගන්නෙමි.
එබැවින් නුඹලා දුප්පතා පාගා, ඔහුගෙන් ධාන්‍ය-ඔතු ගන්න නිසා, නුඹලා කැපූ ගල්වලින් ගෙවල් ගොඩනගාගන සිටින නුමුත් නුඹලා ඒවායේ වාසය නොකරන්නහුය; නුඹලා ප්‍රියවූ මිදිවතු වවාගන සිටින නුමුත් එයින් මුද්‍රිකපානය නොබොන්නහුය.
නුඹලා බොහොමයක් ගැන බලාසිටියහුය, නුමුත් ඒවා ස්වල්ප විය; නුඹලා ඒවා ගෙදර ගෙනා කල මම ඒවා පිඹදැමුවෙමි. ඒ මක්නිසාදැයි සේනාවල ස්වාමීන්වහන්සේ අසනසේක. මාගේ ගෘහය පාළුව තිබෙද්දී නුඹලා එකිනෙකා තම තමාගේම ගෙදරට දුවන නිසාය.
යමෙක් මිමි විස්සක් තිබුණු ගොඩක් ළඟට ආකල තිබුණේ මිමි දහයක්ය; යමෙක් පුරා මිමි පනහක් අරගන්ට මුද්‍රික පැස ළඟට ආ කල තිබුණේ විස්සක්ය.