Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



හොෂෙයා 7:1

Sinhala Revised Old Version

මා විසින් ඉශ්‍රායෙල්ට සුවකරන්ට කැමැතිවූ කල එප්‍රායිම්ගේ අයුතුකමද සමාරියේ දුෂ්ටකම්ද එළිදරව්වී තිබේ; මක්නිසාද ඔව්හු බොරුවෙන් ක්‍රියාකරති. සොරාද ඇතුල්වෙයි, කොල්ලකාර සමුදාව පිටත කොල්ලකති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

30 හුවමාරු යොමු  

එප්‍රායිම් බේබද්දන්ගේ උදාරතර ඔටුන්නටත් මුද්‍රිකපානයට වසඟවෙන්නන්ගේ සාරවත් මිටියාවතේ මුදුන මත්තෙහි තිබෙන එහි අලංකාර දීප්තිමත්කම වන පරවෙන මලටත් දුක් වේ!

මක්නිසාද අපේ අපරාධ ඔබවහන්සේ ඉදිරියෙහි වැඩිවී තිබේ. අපේ පව්ද අපට විරුද්ධව සාක්ෂිදෙති. අපේ අපරාධ අප සමඟ තිබේ, අපේ අයුතුකම් අපි දනිමුව.

එනම් ස්වාමීන්වහන්සේට විරුද්ධව අපරාධකිරීමත් බොරුකීමත් අපේ දෙවියන්වහන්සේ වෙතින් අහක්වයාමත් බලාත්කාරයද කැරළිගැසීමද ගැන කථාකිරීමත් බොරු වචන සිතෙන් උපදවා කථාකිරීමත්ය.

යුක්තිය පස්සට හරවාදමනු ලැබීය. ධර්මිෂ්ඨකමද දුරින් තිබේ. මක්නිසාද සැබෑකම වීථියේ වැටුණේය, අවංකකමට ඇතුල්වෙන්ට බැරිය.

අපි බබිලෝනිය සුවකරන්ට උත්සාහකෙළෙමුව, නුමුත් ඈට සුවවෙලා නැත. ඇය අත්හරින්න, අපි එකිනෙකා තම තමාගේ රටට යමු. මක්නිසාද ඇගේ විනිශ්චය අහසට ළංවී වලාකුල් දක්වා නැගුණේය.

නුඹේ වැඩිමල් සහෝදරී නුඹට වමින් වාසයකරන සමාරිය සහ ඇගේ දූවරුය. නුඹේ බාල සහෝදරී නුඹට දකුණෙන් වාසයකරන සොදොම සහ ඇගේ දූවරුය.

ඔවුන්ගේ නාම වනාහි වැඩිමහල් තැනැත්තීවූ ඔහොලා සහ ඇගේ සහෝදරීවූ ඔහොලීබාය. ඔව්හු මා සන්තකවී පුත්‍රයන්ද දූවරුන්ද බිහිකළෝය. ඔවුන්ගේ නම් මෙසේය: සමාරිය වනාහි ඔහොලාය, යෙරුසලම ඔහොලීබාය.

නුඹේ අපවිත්‍රකම දූෂිතය. මක්නිසාද මා විසින් නුඹ පිරිසිදුකරමින් සිටි නුමුත් නුඹේ අපවිත්‍රකමෙන් නුඹ පිරිසිදුවුණේ නැත; මාගේ කෝපය නුඹ කෙරෙහි සංසිඳුවාගන්න තුරු නුඹ තවත් පිරිසිදුකරනු නොලබන්නෙහිය.

සමාරියේ වැසියෝ බෙත්-ආවෙන්හි වස්සන් නිසා භයින් සිටින්නෝය. මක්නිසාද උගේ සෙනඟ ඌ ගැන වැලපෙන්නෝය, උගේ තේජස උගෙන් පහවගිය බැවින් උගේ කපුවෝ ඌ ගැන වෙවුලන්නෝය.

එප්‍රායිම් බොරුවද ඉශ්‍රායෙල් වංශය වංචාවද ඇතුව මා වටකරගන සිටිති; එහෙත් යූදා දෙවියන්වහන්සේ එනම් විශ්වාසවූ ශුද්ධ තැනන්වහන්සේ කෙරෙහි තවම අස්ථිරව සිටියි.

එප්‍රායිම්, මම කෙසේ නුඹ අත්හරින්නෙම්ද? ඉශ්‍රායෙල්, නුඹ කෙසේ පාවාදෙන්නෙම්ද? කෙසේ අද්මාට මෙන් නුඹට කරන්නෙම්ද? කෙසේ නුඹව ශෙබොයිම්ට සමකරන්නෙම්ද? මාගේ සිත මා තුළ හැරී, මාගේ අනුකම්පාව මුළුමනින්ම ඇවිළී තිබේ.

එප්‍රායිම් සුළං කන්නේය, පෙරදිග සුළං පස්සේද එළවාගන යන්නේය. ඔහු බොරු සහ බලාත්කාරකම නිරතුරුම වැඩිකරන්නේය; ඔව්හු අෂූර් සමඟ ගිවිසුමක් කරති, මිසරයට තෙල් ගෙනයති.

ඒ නිසා යූදාට විරුද්ධව ස්වාමීන්වහන්සේට පැමිණිල්ලක් ඇත්තේය, උන්වහන්සේ යාකොබ්ට ඔහුගේ මාර්ගවල හැටියට දඬුවම්කරනසේක; ඔහුගේ ක්‍රියාවල හැටියට ඔහුට විපාකදෙනසේක.

එප්‍රායිම් දේවරූපවලට බැඳි සිටියි; ඔහු නිකම් සිටියාවේ.

දෙස් තිබීමද බොරු කීමද මිනීමැරීමද සොරකම්කිරීමද කාමමිථ්‍යාචාරයද මිස වෙන කිසිවක් නැත; ලේ වැගිරවීම පිට ලේ වැගිරවීම වෙයි.

පූජකයෙනි, මෙය අසන්න, ඉශ්‍රායෙල් වංශය, ඇහුම්කන්දෙන්න, රාජ වංශය නුඹලාත් කන්යොමුකරන්න; කුමක් හෙයින්ද නුඹලා මිශ්පායෙහි මලපතක්ව තාබොර් උඩ අතුරාපු දැලක්ව සිටින නිසා මේ විනිශ්චය නුඹලාට විරුද්ධය.

අහෝ එප්‍රායිම්, මම නුඹට කුමක් කරම්ද? අහෝ යූදා, මම නුඹට කුමක් කරම්ද? නුඹලාගේ යහපත්කම උදයේ වලාකුළද ඉක්මනින් පහව යන පිනිද මෙන්ය.

ඔවුන් මාගෙන් පලාගිය නිසා ඔවුන්ට දුක්වේ! ඔවුන් මට විරුද්ධව කැරළිගැසූ නිසා ඔවුන්ට විනාශය පැමිණෙන්නේය! මම ඔවුන් මුදාගන්ට කැමැතිවීමි, නුමුත් ඔව්හු මට විරුද්ධව බොරු කීවෝය.

එම්බා සමාරිය, නුඹේ වස්සා මට පිළිකුළක්ය; මාගේ උදහස ඔවුන්ට විරුද්ධව ඇවිළී තිබේ. ඔවුන් නිදොස් බවට පැමිණෙන්ට කොපමණ කල් යනවා ඇද්ද?

මක්නිසාද ඔව්හු තනියම සිටින වල් කොටළුවෙකු මෙන් අෂූර්ට ගියෝය. එප්‍රායිම් ප්‍රේමවන්තයන් කුලියට ගත්තේය.

මක්නිසාද බලාත්කරකමේ ප්‍රයෝජනද කොල්ලයද තමුන්ගේ මාළිගාවට රැස්කරගන්න තැනැත්තෝ යුතුකම්කරන්ට නොදනිතියි ස්වාමීන්වහන්සේ කියනසේක.

සමාරියේ කඳු උඩ නුඹලා රැස්වී, එය තුළ තිබෙන මහත් කෝලාහලද එය මැද තිබෙන පීඩාද බලන්නය කියමින් අෂ්දොද්හි මාළිගාද මිසර දේශයේ මාළිගාද උඩ සිට ප්‍රකාශකරන්න.

ශෝභන කන්‍යාවෝද තරුණයෝද ඒ කාලයේදී පිපාසායෙන් ක්ලාන්තවී, නැවත නොනැගිටින හැටියට වැටෙන්නෝයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.

මක්නිසාද ඔම්රීගේ නියෝගද ආහාබ්ගේ වංශයේ සියලු ක්‍රියාද පවත්වනු ලැබේ; එසේ මා විසින් නුඹලා පුදුමයක්ද එහි වැසියන් කවටකමක්ද කරන හැටියට නුඹලා ඔවුන්ගේ මන්ත්‍රණවල ප්‍රකාරයට යන්නහුය; මාගේ සෙනඟගේ නින්දාකිරීමද නුඹලා ඉවසනවා ඇත.

අනේ අනාගතවක්තෘවරුන් මරන්නාවූ, නුඹ ළඟට එවූවන්ට ගල්ගසන්නාවූ යෙරුසලම, යෙරුසලම, කිකිළී ඇගේ පැටවුන් පියාපත් යටට එකතුකරගන්නාක්මෙන් නුඹේ දරුවන් එකතුකර ගන්ට මම කී වරක් කැමතිවුණෙම්ද? එහෙත් නුඹලා කැමතිවුණේ නැත.

අනේ! අනාගතවක්තෘවරුන් මරන්නාවූ, නුඹ ලඟට එවූවන්ට ගල් ගසන්නාවූ යෙරුසලම, යෙරුසලම, කිකිළී ඇගේ පැටවුන් පියාපත් යටට එකතුකරගන්නාක්මෙන් නුඹේ දරුවන් එකතුකරගන්ට මම කී වරක් කැමතිවීම්ද! නුමුත් නුඹලා කැමතිවුණේ නැත.

අහෝ නුඹේ සමාදානයට අයිති කාරණා මේ දවසේදීවත් නුඹම දැනගෙන සිටිනවා නම් යහපත! එහෙත් දැන් ඒවා නුඹේ ඇස්වලින් සැඟවී තිබේ.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්