Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



හොෂෙයා 5:5

Sinhala Revised Old Version

ඉශ්‍රායෙල්ගේ අහංකාරකම [වූ දේවරූප] ඔහුගේ මුහුණ ඉදිරියෙහිම සාක්ෂිදෙයි. ඒ නිසා ඉශ්‍රායෙල් සහ එප්‍රායිම් තමුන්ගේ අයුතුකමෙන් පැකිල වැටෙන්නෝය; යූදාත් ඔවුන් සමඟ වැටෙනවා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

25 හුවමාරු යොමු  

අතට අත එකතුවුණත් දුෂ්ටයා දඬුවම් නොලැබ නොසිටින්නේය; එහෙත් ධර්මිෂ්ඨයන්ගේ වංශය මුදනු ලබන්නේය.

නිර්දෝෂ අයගේ ධර්මිෂ්ඨකම ඔහුගේ මාර්ගය සමතලාකරයි; එහෙත් දුෂ්ටයා තමාගේම දුෂ්ටකමෙන් වැටෙයි.

දුෂ්ටයා තමාගේ නපුරු ක්‍රියාවේදී හෙළාදමනු ලබයි; එහෙත් ධර්මිෂ්ඨයාට මරණයේදී ආරක්ෂාස්ථානයක් ඇත්තේය.

මක්නිසාද ධර්මිෂ්ඨයා සත් වරක් වැටුණත් නැගිටින්නේය; නුමුත් දුෂ්ටයෝ විපත්තිය කරණකොටගෙන වැටීයන්නෝමය.

උදාරම් ඇස්ද උඩුකුරුකරගත් ඇසිපියද ඇති පරම්පරාවක් ඇත්තේය.

මක්නිසාද ස්වාමීන්වහන්සේගේ තේජාන්විත ඇස් උදහස්කරවන පිණිස ඔවුන්ගේ දිවත් ක්‍රියාත් උන්වහන්සේට විරුද්ධව තිබෙන බැවින්, යෙරුසලම නාස්තිවී යූදා වැටී තිබේ.

ඔවුන්ගේ මුහුණේ පෙනීම ඔවුන්ට විරුද්ධව සාක්ෂිදෙයි; සොදොම මෙන් ඔව්හු තමුන්ගේ පාපය නොසඟවා ප්‍රකාශකෙරෙති. ඔවුන්ගේ ආත්මයට දුක් වේ! මක්නිසාද ඔව්හු තමුන්ටම අනතුරුකරගත්තෝය.

රූප සාදන සියල්ලෝම හිස්කමය; ඔවුන්ගේ ප්‍රිය දේවලින් ප්‍රයෝජන නැත. ඔව්හු ඔවුන්ගේම සාක්ෂිකාරයෝය; ඔව්හු නොදකිති, නොදනිති. එබැවින් ඔව්හු ලජ්ජාවට පැමිණෙන්නෝය.

මක්නිසාද අපේ අපරාධ ඔබවහන්සේ ඉදිරියෙහි වැඩිවී තිබේ. අපේ පව්ද අපට විරුද්ධව සාක්ෂිදෙති. අපේ අපරාධ අප සමඟ තිබේ, අපේ අයුතුකම් අපි දනිමුව.

ස්වාමීන්වහන්ස, අපේ අයුතුකම් අපට විරුද්ධව සාක්ෂිදෙන නුමුත් ඔබගේ නාමය නිසා ක්‍රියාකළ මැනව. මක්නිසාද අපේ පසුබටවීම් බොහෝය; අපි ඔබට විරුද්ධව පව්කෙළෙමුව.

නුඹේ දුෂ්ටකම නුඹට දඬුවම්කරන්නේය, නුඹේ පසුබටවීම්ද නුඹට අච්චුකරනවා ඇත. එබැවින් නුඹ විසින් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අත්හැර සිටින කාරණයද මා කෙරෙහි භය නුඹට නැතිකමද නපුරුවූ තික්තවූ දෙයක් බව බලා දැනගන්නැයි සේනාවල ස්වාමිවූ ස්වාමීන්වහන්සේ කියනසේක.

ඉශ්‍රායෙල්, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙතට හැරී එන්න; මක්නිසාද නුඹේ අයුතුකම නිසා නුඹ වැටී ඉන්නෙහිය.

නුඹලා වචන රැගෙන ස්වාමීන්වහන්සේ වෙතට හැරී ඇවිත්, උන්වහන්සේට කථාකොට: අපේ සියලුම අපරාධවලට කමාවී, කරුණාවෙන් අප පිළිගත මැනව. එවිට අපේ තොල්වල පූජා ගොනුන් පූජාකරන්නාක්මෙන් ඔප්පු කරන්නෙමුව.

එබැවින් නුඹ දවාලේ වැටෙනවා ඇත, අනාගතවක්තෘද නුඹ සමඟ රාත්‍රියේදී වැටෙනවා ඇත; නුඹේ මෑණියන්ද නාස්තිකරන්නෙමි.

මක්නිසාද මම එප්‍රායිම්ට සිංහයෙකු මෙන්ය, යූදා වංශයට තරුණ සිංහයෙකු මෙන්ය. මම, මමම, ඉරාදමායන්නෙමි; ගළවන්ට කිසිවෙකුට ඉඩ නොතබා අල්ලාගන යන්නෙමි.

ඉශ්‍රායෙල්ගේ පාරට්ටුවවූ දේවරූප ඔහුගේ මුහුණටම සාක්ෂිදෙයි. මේ සියල්ල මෙසේව තිබෙන නුමුත්, ඔව්හු තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දෙසට හැරී උන්වහන්සේ නොසෙවුවෝය.

තවද ඉශ්‍රායෙල් තමාගේ මැවුම්කාරයා මතකනැතිකොට, මාළිගා ගොඩනගාගන සිටී; යූදාද බලකොටු නුවරවල් වැඩිකරගන සිටී. නුමුත් මම ඔහුගේ නුවරවලට ගින්නක් යවන්නෙමි, එයින් එහි මාළිගා දාලායනවා ඇත.

ඉශ්‍රායෙල් කන්‍යාව වැටුණාය; ඈ තවත් නොනැගිටින්නීය. ඈ නැගුටුවන්ට කිසිවෙක් නැතුව ඇගේ භූමිය පිට ඈ වැටී ඉන්නවාය.

මෙසේ නුඹලා අනාගතවක්තෘවරුන් මැරූවන්ගේ පුත්‍රයෝයයි නුඹලාම සාක්ෂිදෙන්නහුය.

එවිට ඔහු කථාකොට: දුෂ්ටවූ දාසය, නුඹේම කටින් නුඹ විනිශ්චයකරමි. මා නොතිබූ දේ ගන්නාවූ, නොවපුළ දේ කපන්නාවූ, කර්කස කෙනෙක් බව නුඹ දැනගෙන සිටියෙහිය;




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්