මක්නිසාද ඉශ්‍රායෙල් පුත්‍රයෝ බොහෝ දවස් රජෙක්වත් අධිපතියෙක්වත් පූජාවක්වත් රූපස්තම්භයක්වත් පූජක සැට්ටයක්වත් තෙරඵීම් රූපවත් නැතුව සිටින්නෝය.
එකල ලාබන් බැටළුවන්ගේ ලෝම කපන පිණිස ගොස් සිටියේය. රාඛෙල් ඇගේ පියාට අයිති දේවතා රූප සොරකම්කරගත්තාය.
රාඛෙල් ඒ දේවතා රූප රැගෙන ඔටු ඇඳුම් යට තබා ඒවා උඩ හිඳගෙන උන්නීය. ලාබන් මුළු කූඩාරම අතගා බැලූ නුමුත් ඒවා සම්බනොවීය.
ෂිලෝ එන තෙක් යූදා කෙරෙන් ජයකොන්තයවත් ඔහුගේ පාද අතරෙන් ආණ්ඩුකාරයාගේ සැරයටියවත් පහනොවන්නේය; මනුෂ්‍ය වර්ගයන්ගේ කීකරුකම ඔහුට වන්නේය.
දාවිත් හණ ඒඵොද් සැට්ටයක් හැඳගන ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි මුළු ශක්තියෙන් නැටුවේය.
තවද ස්වාමීන්වහන්සේගේ ගෘහයේදී පූජකවූ හිල්කියාට සම්බවුණ පොතේ ලියා තිබුණු ව්‍යවස්ථාවේ වචන ඉෂ්ටකරන පිණිස යොෂියා ආත්මබන්ධනකාරයන්ද අනවිනකාරයන්ද දේවතාරූපද පිළිමද යූදා දේශයෙහිත් යෙරුසලමෙහිත් දක්නාලද අනික් සියලු පිළිකුල්ද පහකරදැමුවේය.
ඔහු ආසාගේ පෙරමගට ගොස් කථාකොට: ආසා සහ සියලු යූදාවරුනි, බෙන්යමින්වරුනි, මට ඇහුම්කන්දෙන්න, නුඹලා ස්වාමීන්වහන්සේ සමඟ සිටින තුරු උන්වහන්සේ නුඹලා සමඟ සිටිනසේක; නුඹලා උන්වහන්සේ සොයනවා නම් උන්වහන්සේ නුඹලාට සම්බවෙනවා ඇත. නුඹලා උන්වහන්සේ අත්හැරියොත් උන්වහන්සේද නුඹලා අත්හරිනවා ඇත.
ඔවුන් විසින් සෑදිය යුතු වස්ත්‍ර නම්: ළය වැස්මක්ද ඒඵොද් සැට්ටයක්ද සළුවක්ද විසිතුරු උතුරු සළුවක්ද මකුටයක්ද ඉඟ පටියක්ද යන මේවාය. නුඹේ සහෝදරවූ ආරොන් පූජක තනතුරෙහි මට සේවය කරන පිණිස ඔහුටත් ඔහුගේ පුත්‍රයන්ටත් ශුද්ධ වස්ත්‍ර සාදත්වා.
ඒඵොද් සැට්ටය රනින්ද, නිල්, රත්නිල්, රතු නූල්වලින්ද කටිනලද සිහින් හණ නූලින්ද දක්ෂ කම්කරුවාගේ කර්මාන්තය ලෙස සාදත්වා.
ඇගේ දොරටු පොළොවට ගිලුණේය; උන්වහන්සේ ඇගේ අගුල් නාස්තිකර කඩාදැමූසේක. ඇගේ රජද අධිපතීහුද ජාතීන් අතරේ සිටිති; ව්‍යවස්ථාවක් නැත. එසේය, ඇගේ ප්‍රොපේතවරු ස්වාමීන්වහන්සේගෙන් දර්ශනයක් නොලබති.
ඇගේ අතුවල දඬුවලින් ගිනි නික්ම ඇගේ ඵල දවාදැමුවේය, එහෙයින් ආණ්ඩුකිරීමට ජයකොන්තයක් පිණිස ඈට සවි ඇති කිසි දණ්ඩක් නැත. මේක විලාපයක්ය, විලාපයක් පිණිස වන්නේයයි කීය.
නුඹලාගේ සිත්වල හටගන්න දේ එනම්: අපි ජාතීන් වන දේශවල වංශ මෙන් ලීවලටත් ගල්වලටත් සේවය කරන්නෙමුයයි නුඹලා කියන එක සිද්ධ වෙන්නේම නැත.
බබිලෝනියේ රජ පේන අහන්ට මාර්ගය බෙදෙන තැන දෙමංසන්ධියේ සිට, ඊගස් සොලවා, තෙරාඵීම් රූප කරණකොටගෙන විභාගකර, අක්මාව බැලුවේය.
මාගේ උදහස නුඹ පිටට වගුරුවා, මාගේ කෝපය නැමති ගින්නෙන් නුඹට පිඹ, රෞද්‍රවූ, විනාශ කිරීමට දක්ෂවූ මනුෂ්‍යයන් අතට නුඹ පාවාදෙන්නෙමි.
ඔහු විසින් නැගුටුවන සේනා පැමිණ, බලකොටුව වන ශුද්ධස්ථානය කෙලහා, දවස්පතා පූජාව පහකොට, පාළුකරන පිළිකුල පිහිටුවනවා ඇත.
දවස්පතා පූජාව පහකර පාළුකරන පිළිකුල පිහිටුවන කාලය පටන් එක්දාස් දෙසිය අනූ දවසක් වන්නේය.
ඔහු සතියකට බොහෝ දෙනෙකු සමඟ ගිවිසුමක් ස්ථිරකොට, සතිය මැදදී යාගයත් ආහාර පූජාවත් නවත්වන්නේය; පාළුකරන්නෙක් පිළිකුල්වල මුදුන පිට එන්නේය; පාළුකරන දේ පිටට නියමවූ තීන්දුව දක්වාම උදහස වගුරුවනු ලබන්නේයයි කීවේය.
ඉතින් නුඹේ රජ කොතනද? ඔහු නුඹේ සියලු නුවරවලදී නුඹ ගළවාවා. නුඹේ විනිශ්චයකාරයෝ (කොතනද)? මක්නිසාද: මට රජෙකු සහ අධිපතීන් දුන මැනවයි නුඹ කීයෙහිය.
මාගේ උදහසින් නුඹට රජෙකු දුන්නෙමි, මාගේ කෝපයෙන් ඔහු පහකෙළෙමි.
ඇගේ සියලු ප්‍රීතියද ඇගේ මංගල්‍යයන්ද ඇගේ අමාවක්ද ඇගේ සබත් දවස්ද ඇගේ සියලු නියම රැස්වීම්ද පහකරන්නෙමි.
ඔහු දික් යට ඇඳුම ඔහුට හඳවා, ඉණපිටිය ඔහුගේ ඉඟටියේ බැඳ, සළුව ඔහුට පළඳවා, ඒඵොද් සැට්ටයද ඔහුට හඳවා, ඒඵොද්හි විසිතුරු ලෙස වියනලද පටිය දමා, එය ඔහුගේ ඉඟටියේ බැන්දේය.
තෙරඵීම් රූප නිෂ්ඵල දේ කථාකළෝය, පේනකියන්නෝ බොරු දේ දුටුවෝය; නිරර්ථක ස්වප්න කියාදුන්නෝය, ඔව්හු නිෂ්ඵලයේ සනසති. එබැවින් ඔව්හු බැටළුවන් මෙන් ගමන්කරමින් එඬේරෙක් නැති නිසා දුකට පැමිණෙති.
තවද ඒ කාලයේදී දේවරූපවල නාමවල් තවත් සිහි නොවෙන හැටියට ඒවා දේශයෙන් සිඳදමන්නෙමි. මම අනාගතවක්තෘවරුන්ද අපවිත්‍රකමේ ආත්මයද දේශයෙන් පහකරන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
ඔව්හු කඩුමුවහතින් වැටෙන්නෝය, සියලු ජාතීන් අතරට වහලුන් මෙන් ගෙනයනු ලබන්නෝය. අන්‍යජාතීන්ගේ කාලවල් සම්පූර්ණ වන තෙක් යෙරුසලම අන්‍යජාතීන් විසින් මඩිනු ලබන්නීය.
එබැවින් ඔව්හු: ඔහු පහකළ මැනව, පහකළ මැනව! කුරුසියෙහි ඇණ ගැසුව මැනව කියා මොරගැසුවෝය. නුඹලාගේ රජ්ජුරුවන් කුරුසියෙහි ඇණගසම්දැයි පිලාත් ඔවුන්ගෙන් ඇසුවේය. නායක පූජකයෝ උත්තරදෙමින්: කායිසර් මිස අපට රජෙක් නැතැයි කීවෝය.
මක්නිසාද සැබෑව දැනගැනීම ලැබුවායින් පසු අපි කැමැත්තෙන්ම පව් කරමු නම්,
මීකා නම්වූ මනුෂ්‍යයාට දේවාලයක් තිබුණේය, ඔහු ඒඵොද් සැට්ටයක්ද තෙරඵීම් රූපද සාදා, තමාට පූජකයෙකුව සිටින පිණිස තමාගේ පුත්‍රයෙකු පත්කෙළේය.
එවිට ලායිෂ් රට සෝදිසිකරන්ට ගිය පස්දෙන තමුන්ගේ සහෝදරයන්ට කථාකොට: මේ ගෙවල්හි ඒඵොද් සැට්ටයක්ද තෙරඵීම් රූපද කැපූ රූපයක්ද වාත්තු පිළිමයක්ද තිබෙන බව නුඹලා දන්නවාද? ඉතින් දැන් නුඹලා විසින් කළ යුතු දේ කල්පනාකරන්නැයි කීවෝය.
ගිඩියොන් එයින් ඒඵොද් සැට්ටයක් සාදා ඒක තමාගේ නුවරවූ ඔප්‍රාහි පිහිටෙවුවේය. සියලු ඉශ්‍රායෙල්වරු ඒක අනුව අනාචාරකමින් ගියෝය. ඒක ගිඩියොන්ටත් ඔහුගේ පවුලටත් මලපතක් විය.
ෂීලෝහි ස්වාමීන්වහන්සේගේ පූජකයාව සිටි ඒලීගේ පුත්‍රවූ පීනෙහාස්ගේ පුත්‍රයා වන ඊකාබොද්ගේ සහෝදරවූ අහිතුබ්ගේ පුත්‍රයා වන අහියා එහි ඒඵොද් සැට්ටයක් ඇඳගන සිටියේය. යොනාතාන් ගිය බව සෙනඟ නොදැන සිටියෝය.
මක්නිසාද කැරළිකාරකම පේනකීමේ පාපයටත් මුරණ්ඩුකම දේවතාවන් හා රූප ඇදහීමටත් සමානය. නුඹ ස්වාමීන්වහන්සේගේ වචනය පහකළ නිසා උන්වහන්සේත් නුඹ රජකමෙන් පහකළසේකැයි කීවේය.
එහෙත් ළමයෙක්ව සිටි සාමුවෙල් හණ ඒඵොද් සැට්ටයක් ඇඳගන ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සේවයකෙළේය.
පූජකතෙමේ: නුඹ විසින් ඒලා මිටියාවතේදී මැරූ පිලිස්තියයාවූ ගොලියත්ගේ කඩුව රෙද්දකින් ඔතා ඒඵොද් සැට්ටයට එහායින් තබා තිබේ. ඒක ගන්ට කැමතිනම් අරගන්න. ඒක මිස වෙන එකක් මෙහි නැතැයි කීවේය. ඒ වාගේ වෙන එකක් නැත, ඒක මට දෙන්නැයි දාවිත් කීවේය.
එවිට රජ: නුඹ ළංවී පූජකයන්ට පහරදෙන්නැයි දොවෙග්ට කීවේය. ඒදොමිය දොවෙග් ළංවී පූජකයන්ට පහරදී, සිහින් හණරෙදි ඒඵොද් සැට්ටයක් ඇඳ සිටියාවූ අසූපස් දෙනෙකු ඒ දවසේදී මැරුවේය.
අහිමෙලෙක්ගේ පුත්‍රවූ අබියාතර් කෙයිලාහි දාවිත් ළඟට පලා ආ කල ඔහු තමාගේ අතේ ඒඵොද් සැට්ටයක් ඇතුව ආයේය.
තමාට අන්තරාකරන්ට සාවුල් උපා යොදන බව දාවිත් දැනගත් විට: ඒඵොද් සැට්ටය මෙහි ගෙනෙන්නැයි ඔහු පූජකවූ අබියාතර්ට කීවේය.
ඒඵොද් සැට්ටය මා ළඟට ගෙනෙන්නැයි දාවිත් අහිමෙලෙක්ගේ පුත්‍රවූ අබියාතර් පූජකයාට කීවේය. අබියාතර් ඒඵොද් සැට්ටය දාවිත් ළඟට ගෙනාවේය.