එප්‍රායිම්ගේ අපරාධය බැඳ තබා තිබේ; ඔහුගේ පාපය නිදන්කර තිබේ.
මාගේ වරද මල්ලක දමා මුද්‍රාකර තිබේ; ඔබ මාගේ අපරාධය වහලා තබනසේක.
දෙවියන්වහන්සේ ඔහුගේ අපරාධය ඔහුගේ දරුවන්ට රැස්කර තබනසේකැයි නුඹලා කියන්නහුය. ඔහු දැනගන්න පිණිස උන්වහන්සේ ඔහුටම ප්‍රතිඵල පමුණුවනසේක්වා.
නුඹ යවාක්ෂර දියෙන් නුඹම සෝදාගන බොහෝ සබන් ගාගත්තත් නුඹේ අපරාධය මා ඉදිරියෙහි නොමැකී තිබේයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
නුඹේ සිතේ මුරණ්ඩුකමෙන්ද පසුතැවිලි නොවන සිතින්ද දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨවූ විනිශ්චය එළිදරව්වන උදහසේ දවසට නුඹ උදහස රැස්කරගන්නෙහිද?