Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



හොෂෙයා 1:9

Sinhala Revised Old Version

ස්වාමීන්වහන්සේ මෙසේ කීසේක: ඔහුට ලෝ-අම්මී යන නම තබන්න. මක්නිසාද නුඹලා මාගේ සෙනඟ නොවේය, මමත් නුඹලාගේ දෙවියන්වහන්සේව නොසිටින්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

5 හුවමාරු යොමු  

එකල ස්වාමීන්වහන්සේ මට මෙසේ කීසේක: මෝසෙස් සහ සාමුවෙල් මා ඉදිරියෙහි සිටියත් මාගේ සිත මේ සෙනඟ දෙසට හැරෙන්නේ නැත. ඔවුන් පිටතට යන පිණිස මා ඉදිරියෙන් හරින්න.

පසුවදා පෂ්හූර් යෙරෙමියා දඬුකඳේන් නිදහස්කළ විට යෙරෙමියා ඔහුට කථාකොට: නුඹට පෂ්හූර් නොව මාගොර්-මිස්සාබිබ්යයි ස්වාමීන්වහන්සේ නම් තබා තිබේ.

එහෙත් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගණන මනින්ටවත් ගණින්ටවත් බැරිවූ මුහුදේ වැලි මෙන් වන්නේය. තවද: නුඹලා මාගේ සෙනඟ නොවේයයි ඔවුන්ට කියන ස්ථානයේ දීම-ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයෝයයි ඔවුන්ට කියනු ලැබේ.

ලෝ-රුහාමා කිරිවැරෙවුවායින් පසු ඈ ගර්භිණීව පුත්‍රයෙකු බිහිකළාය.

මම ඈ දේශයෙහි මට වපුරාගන, කරුණාව නොලත් ඇත්තීට අනුකම්පාකරන්නෙමි; මාගේ සෙනඟ නොවූවන්ට: නුඹ මාගේ සෙනඟයයි කියන්නෙමි; ඒ අයද: ඔබ මාගේ දෙවියන්වහන්සේයයි කියනවා ඇත.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්