යූදා පුත්‍රයෝද ඉශ්‍රායෙල් පුත්‍රයෝද එක්ව රැස්වී, තමුන්ට එක ප්‍රධානියෙකු පත්කරගන, (වහල්කමේ) දේශයේ සිට නැගී එන්නෝය. මක්නිසාද යෙස්‍රෙයෙල්හි දවස මහත් වන්නේය.
ඔබගේ පරාක්‍රමයේ දවසේදී ඔබගේ සෙනඟ කැමැත්තෙන් පූජාවෙති. උදය ගර්භයෙන් නිකුත්වූ, ශුද්ධකමේ අලංකාරයෙන් යුක්තවූ ඔබගේ යෞවනකමේ පිනි ඔබට ඇත්තේය.
ඔවුන්ගේ අධිපතියා ඔවුන්ගෙන්ම කෙනෙක් වන්නේය, ඔවුන්ගේ ආණ්ඩුකාරයාද ඔවුන් අතරෙන්ම නික්ම එන්නේය; ඔහු මා වෙතට ළංවන පිණිස ඔහු ළඟට පමුණුවා ගනිමි. මක්නිසාද මා වෙතට ළං වීමට නිර්භීතකම ඇති තැනැත්තා කවුදැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
මක්නිසාද මා විසින් මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල්වරුන්ගෙත් යූදාවරුන්ගෙත් වාල්කම පහකරන දවස් පැමිණෙන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. මම ඔවුන්ගේ පියවරුන්ට දුන් දේශයට ඔවුන් නැවත ගෙනෙන්නෙමි, ඔව්හුද ඒක භුක්තිවිඳින්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
අහෝ! ඒ දවස මහත්ය, ඊට සමානවූ දවසක් නැත. ඒක යාකොබ්ගේ විපත්ති කාලයය; එහෙත් ඔවුන් එයින් ගළවනු ලබනවා ඇත.
නුමුත් ඒ දවස්වලට පසු මා ඉශ්‍රායෙල් වංශය සමඟ කරන ගිවිසුම මේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. මම මාගේ ව්‍යවස්ථාව ඔවුන් තුළම තබා, ඒක ඔවුන්ගේ සිත්වල ලියන්නෙමි; මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි, ඔව්හුද මාගේ සෙනඟ වන්නෝය.
බලව, මාගේ උදහසින්ද මාගේ කෝපයෙන්ද තද අමනාපයෙන්ද මා විසින් ඔවුන් පන්නා දැමූ සියලු රටවලින් ඔවුන් රැස්කරගෙන, නැවත මේ ස්ථානයට පමුණුවා, සුවසේ වාසයකරන්ට සලස්වන්නෙමි.
ඉශ්‍රායෙල් නැවත ඔහුගේ තෘණ බිමට ගෙනෙන්නෙමි, එවිට ඔහු කර්මෙල්හිද බාෂාන්හිද පෝෂ්‍යවෙනවා ඇත, එප්‍රායිම් හෙල් පිටද ගිලියද්හිද ඔහුගේ ප්‍රාණය තෘප්තියට පැමිණෙන්නේය.
එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: දැන් මම යාකොබ්ගේ වහල්කම පහකොට, මුළු ඉශ්‍රායෙල් වංශයට අනුකම්පාකර, මාගේ ශුද්ධවූ නාමය ගැන සලකන්නෙමි.
නුඹලාගේ සහෝදරයන්ට අම්මී කියාද නුඹලාගේ සහෝදරියන්ට රුහාමා කියාද කියන්න.
පසුව ඉශ්‍රායෙල් පුත්‍රයෝ හැරී තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේද තමුන්ගේ රජවූ දාවිත්ද සොයා, මතු දවස්වලදී භයින් යුක්තව ස්වාමීන්වහන්සේ වෙතටත් උන්වහන්සේගේ යහපත්කමටත් පැමිණෙන්නෝය.
මක්නිසාද ඔවුන් අත්හැරදැමීම ලෝකයා සමඟිකිරීම නම්, ඔවුන් පිළිගැනීම මළවුන් කෙරෙන් ජීවනය මිස වෙන කුමක්ද?