ඒ දර්ශනය එපමණ භයානකව තිබුණු බැවින් මෝසෙස්ද කථාකොට: මම භයවෙමි, වෙවුලමියි කීය.
ඔබට භයින් මාගේ මාංසය තැති ගනියි; ඔබගේ විනිශ්චයන්ට භයවෙමි.
තුන්වෙනි දින උදය වූ කල ගිගිරුම්ද විදුලිද කන්ද පිට ඝන වලාකුළක්ද ඉතා තද හොරණෑ ශබ්දයක්ද විය; එවිට කඳවුරෙහි සිටිය මුළු සෙනඟ වෙවුලුවෝය.
හොරණෑ ශබ්දය වැඩි වැඩිව පැවතුණු විට මෝසෙස් කථාකෙළේය, දෙවියන්වහන්සේ ශබ්දයකින් ඔහුට උත්තරදුන්සේක.
මේ මාගේ ස්වාමීහුගේ මෙහෙකරුවාට මේ මාගේ ස්වාමීන් සමඟ කථාකරන්ට පුළුවන් කොහොමද? මෙතැන් පටන් මා තුළ නම් කිසි ශක්තියක් නොතිබුණේය, හුස්මද මා තුළ ඉතිරි නොවීයයි කීවෙමි.
මම පමණක් ඉතිරිව සිට, ඒ මහත් දර්ශනය දුටුවෙමි, කිසි ශක්තියක් මා තුළ ඉතිරි නොවීය. මා කෙරෙහි මාගේ ශෝභනකමද අජීවකමට හැරුණේය, කිසි ශක්තියක්ද මා තුළ නොපැවතුණේය.
මක්නිසාද නුඹලා විනාශකිරීමට ස්වාමීන්වහන්සේ නුඹලාට විරුද්ධව උදහස්වී සිටිය උදහසද කෝපයද නිසා භයවීමි. නුමුත් ස්වාමීන්වහන්සේ ඒ වතාවේදීත් මට ඇහුම්කන්දුන්සේක.
විනිශ්චය ගැනත් විරුද්ධකාරයන් දවාදමන්ට යන උදහස් ගින්න ගැනත් භයානක බලාසිටීමක් මිස පව් ගැන තවත් පූජාවක් ඉතිරිව නැත.
මම උන්වහන්සේ දුටු විට මළ කෙනෙකු මෙන් උන්වහන්සේගේ පාමුල වැටුණෙමි. එවිට උන්වහන්සේ තමන් දකුණත මා පිට තබා කියනසේක්: භය නොවන්න; මම පළමුවෙනියා සහ අන්තිමයාය,