ඇදහිල්ලෙන්, ඔහු අන් දේශයක මෙන් පොරොන්දුවේ දේශයෙහි පොරොත්තුවී, එම පොරොන්දුවට උරුමක්කාරයන් වූ ඊසාක් සහ යාකොබ් සමඟ කූඩාරම්වල වාසයකළේය.
ඔහු ඒ ස්ථානයෙන් ගොස් බෙතෙල්ට නැගෙනහිරින් පිහිටි කන්දට පැමිණ බස්නාහිරින් බෙතෙල්ද නැගෙනහිරින් ආයිද ඇතුව තමාගේ කූඩාරම පිහිටුවාගත්තේය. තවද ඔහු එතැන්හි ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනගා ස්වාමීන්වහන්සේගේ නාමය කියා යාච්ඤාකෙළේය.
ආබ්‍රම් තමාගේ කූඩාරම රැගෙන හෙබ්‍රොන්හි තිබෙන මම්රේගේ ආලොන් ගස් ළඟට ඇවිත් වාසයකොට එහි ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනැගුවේය.
ඔහු දකුණු දිශාවේ සිට බෙතෙල් දක්වා ගමන්කරමින් බෙතෙල් සහ ආයි අතරෙහි පළමුවෙන් තමාගේ කූඩාරමද
නුඹ විදේශීව වාසයකරන දේශය වන මුළු කානාන් දේශය නුඹට සහ නුඹෙන් පසුව නුඹේ වංශයටත් සදාකාල උරුමයක් කොට දෙන්නෙමි; මමද ඔවුන්ගේ දෙවියන්වහන්සේව සිටින්නෙමියි කීසේක.
එවිට ආබ්‍රහම් කූඩාරමේ සිටි සාරා වෙතට යුහුව ගොස්: සිහින් පිටි නැළි තුනක් ඉක්මනින් සූදානම්කොට අනා රොටි සාදන්නැයි කීය.
නුඹේ භාර්යාවවූ සාරා කොතැන්හිදැයි ඔව්හු ඔහුගෙන් ඇසුවෝය.
ආබ්‍රහම් පිලිස්තිවරුන්ගේ දේශයෙහි බොහෝ දවස් පොරොත්තුව සිටියේය.
මම නුඹලා අතරෙහි විදේශියෙක් හා ආගන්තුකයෙක්ව සිටිමි. මාගේ මළ තැනැත්තිය මා ඉදිරියෙන් වළලන පිණිස නුඹලා අතරෙහි මට උරුමවන ලෙස සොහොන්පළක් දුනමැනවයි කීය.
දරුවෝ වැඩුණාහ. ඒසව් හපන් දඩයක්කාරයෙක්ව වනයේ මනුෂ්‍යයෙක්ව සිටියේය; යාකොබ් කූඩාරම්වල වසන නිශ්චල මනුෂ්‍යයෙක් විය.
දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට දුන්නාවූ නුඹ විදේශීව සිටින්නාවූ දේශය නුඹට උරුමවෙන පිණිස නුඹටත් නුඹේ වංශයටත් ආබ්‍රහම්ගේ ආශීර්වාදය දෙනසේක්වයි ඔහුට කීවේය.
ලාබන් යාකොබ් ළඟට පැමුණුණේය. යාකොබ් තමාගේ කූඩාරම කන්දේ පිහිටුවාගෙන තිබුණේය. ලාබන්ද තම සහෝදරයන් සමඟ ගිලියාද් කන්දේ කූඩාරම් පිහිටුවාගත්තේය.
යාකොබ් ආබ්‍රහම් සහ ඊසාක් පොරොත්තුව සිටිය මම්රේට එනම් කිරියත්-අර්බාට තමාගේ පියවූ ඊසාක් වෙතට ආයේය. ඒ වනාහි හෙබ්‍රොන්ය.
මක්නිසාද ඔවුන්ට එක්ව වාසයකරන්ට නොහැකි තරමට ඔවුන්ගේ සම්පත් අධිකව තිබුණේය; ඔවුන් පොරොත්තුව සිටි දේශය ඔවුන්ගේ සිව්පාවුන් නිසා ඔවුන්ට ඉඩ මදි විය.
යාකොබ්ද: මාගේ ප්‍රවාස කාලයේ අවුරුදු ගණන එකසිය තිහක්ය. මාගේ ජීවිතයේ අවුරුදු ගණන ස්වල්පව දුක්ඛිතව තිබුණේය, ඒවා මාගේ පියවරුන්ගේ ජීවිතවල ඔවුන්ගේ ප්‍රවාස කාලයේ අවුරුදු ගණනට නොපැමුණුණේයයි ඵාරාවෝට කීයේය.
ඔවුන් ගණනින් ස්වල්පව, එසේය, ඉතා ස්වල්පව, එහි විදේශීව සිටියදී ඔවුන්ට කීසේක.
ගෙයක් ගොඩනගන්ටවත් බීජ වපුරන්ටවත් මිදිවත්තක් වවන්ටවත් අයිතිකරගන්ටවත් එපා. නුඹලා පොරොත්තුව සිටින දේශයෙහි බොහෝ දවස් ජීවත්වන පිණිස නුඹලාගේ සියලුම දවස්වල කූඩාරම්වල වාසයකරන්නැයි කීවේය.
ඒ නිසා දෙවියන්වහන්සේ පොරොන්දුවේ උරුමක්කාරයන්ට තමන්වහන්සේගේ අභිප්‍රාය වෙනස් නොවන බව බොහෝසෙයින්ම පෙන්වන්ට කැමතිව දිවුරුමකින් මැදහත්වූසේක.