යෝසෙප් තමාගේ අන්තිමය ළංවූ කල, ඇදහිල්ලෙන් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ පිටත්ව යැම සඳහන්කොට, තමාගේ ඇට ගැන අණදුන්නේය.
මෝසෙස්ද යෝසෙප්ගේ ඇට තමා සමඟ ගෙනගියෝය. මක්නිසාද යෝසෙප්: සැබවින් දෙවියන්වහන්සේ නුඹලා දෙස බලනසේක; නුඹලා සමඟ මාගේ ඇට මෙතැනින් ගෙනයන්ට ඕනෑයයි ඉශ්‍රායෙල් පුත්‍රයන් තදින් දිවුරවා තිබුණේය.
ඔව්හු තේජසින් යුක්තව පෙනී, උන්වහන්සේ යෙරුසලමේදී සිදුකරන්ට තිබුණු උන්වහන්සේගේ ඉකුත්වීම ගැන කථාකරමින් සිටියෝය.
ඔව්හු ෂෙකෙම් නුවරට ගෙනයනලදුව, ආබ්‍රහම් විසින් ෂෙකෙම්හි හාමොර්ගේ පුත්‍රයන්ගෙන් රිදීමිල ගණනකට ගත් සොහොන්ගෙයි තබන ලද්දෝය.
තවද ඉශ්‍රායෙල් පුත්‍රයෝ මිසරයෙන් ගෙනාවාවූ යෝසෙප්ගේ ඇට ෂෙකෙම්හි, යාකොබ් විසින් ෂෙකෙම්ගේ පියවූ හමොර්ගේ පුත්‍රයන්ගෙන් රිදී සියයකට මිලේටගත් බිම් කොටසෙහි තැන්පත් කළෝය. ඒවා යෝසෙප් පුත්‍රයන්ට උරුමයක් වූයේය.