එසේය: නුඹේ වංශය ප්‍රකාශවන්නේ ඊසාක්ගෙන්යයි යමෙකුට කියනලද්දේද, ඒ පොරොන්දු සන්තෝෂයෙන් පිළිගත් ඔහු තමාගේ ඒකජාතක පුත්‍රයාව පූජා කරමින් සිටියේය,
දෙවියන්වහන්සේද: සැබවින්ම නුඹේ භාර්යාවවූ සාරා නුඹට පුත්‍රයෙකු බිහිකරන්නීය; නුඹ ඔහුට ඊසාක් යන නම තබන්න. ඔහුගෙන් පසු ඔහුගේ වංශයට සදාකාල ගිවිසුමක් කොට මාගේ ගිවිසුම ඔහු සමඟ පිහිටුවන්නෙමි.
එවිට දෙවියන්වහන්සේ: ළමයා නිසාත් නුඹේ දාසිය නිසාත් කනගාටු නොවන්න; සාරා නුඹට කියන සියල්ල ගැන ඇගේ හඬට කන් දෙන්න; මක්නිසාද නුඹේ වංශය කියවෙන්නේ ඊසාක්ගෙන්ය.
මක්නිසාද ඉශ්‍රායෙල්ගෙන් වූ සියල්ලෝම ඉශ්‍රායෙල්වරු නොවෙති. ඔවුන් ආබ්‍රහම්ගේ වංශය නිසාම සියල්ලෝම දරුවෝද නොවෙති. නුමුත්: නුඹේ වංශය නම්කරනු ලබන්නේ ඊසාක් කෙරෙහියයි (කියා තිබේ.)
දෙවියන්වහන්සේ ආදි කාලයෙහි බොහෝ කොටස්වලින්ද බොහෝ අන්දම්වලින්ද ප්‍රොපේතවරුන් ලවා පියවරුන්ට කථාකරවා,