ඇදහිල්ලෙන්, සාරාත් පොරොන්දුව දුන් තැනන්වහන්සේ විශ්වාස කෙනෙකැයි පිළිගත් නිසා, නිසි වයස පසුවෙලාත් ගර්භිණීවෙන්ට බලය ලැබුවාය.
ඒ ස්ත්‍රී ගර්භිණීව එලිෂා ඈට කී හැටියට ඊළඟ අවුරුද්දේ ඒ කාලය පැමිණිවිට පුත්‍රයෙකු බිහිකළාය.
බලව, නුඹට නෑවූ එලිසබෙත් ඇගේ මහලු වයසේදී පුත්‍රයෙකු පිළිසිඳ ඉන්නීය. වඳීයයි කියන ලද ඈට දැනට සවෙනි මාසයය.
එනම්, මාංසයෙන් වූ දරුවෝම දෙවියන්වහන්සේගේ දරුවෝ නොවෙති. නුමුත් වංශයක් ලෙස ගණන්ගනු ලබන්නේ පොරොන්දුවේ දරුවෝය.
නුමුත් දාසියගේ පුත්‍රයා මාංසිකලෙසද නිර්දාසියගේ පුත්‍රයා පොරොන්දුව කරණකොටගෙනද උපන්නේයයි ලියා තිබේ.
අපේ බලාපොරොත්තුවේ ප්‍රකාශකිරීම චංචල නොවන පිණිස එය තදින් අල්ලාගෙන සිටිමු; මක්නිසාද පොරොන්දුව දුන් තැනන්වහන්සේ විශ්වාසවසිටිනසේක.