නැවතද: ස්වාමිනි, පටන්ගැන්මේදී ඔබ පොළොවේ අත්තිවාරම ලූසේක, ස්වර්ගවල් ඔබගේ හස්තකර්ම වෙති.
පටන්ගැන්මෙහිදී දෙවියන්වහන්සේ අහසත් පොළොවත් මැවූසේක.
අහස දෙවියන්වහන්සේගේ මහිමය ප්‍රකාශකරයි; ගුවන්තලය උන්වහන්සේගේ හස්ත කර්මාන්තය දක්වයි.
මුහුදේ ජලය එහි ඉම පසුකර නේන ලෙස උන්වහන්සේ මායිම් තැබූ කලද, පොළොවේ අත්තිවාරම් ලකුණුකළ කලද,
තමාගේ අල්ලෙන් ජලය මැන්නෙත් අහස වියතින් මැන්නෙත් පොළොවේ පස් මිම්මක දමා බැලුවෙත් තරාදියකින් කඳුද තුලාවලින් හෙල්ද කිරුවෙත් කවුද?
ආකාශ මණ්ඩලය මවා ඒවා දිග ඇරියාවූද, පොළොව සහ එහි සෑදෙන දේ ඇතුරුවාවූද, එහි සෙනඟට හුස්මත් එහි හැසිරෙන්නන්ට ආත්මයත් දෙන්නාවූද දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක.
එසේය, මාගේ හස්තය පොළොව පිහිටෙවුවේය, මාගේ දකුණතද අහස අතුරා තැබුවේය. මා ඒවාට අඬගසන විට ඒවා එක්ව නැගිට සිටින්නෝය.
අහස දිගඇරියාවූ, පොළොව පිහිටෙවුවාවූ ස්වාමීන්වහන්සේ සිහිනැතිකොට, විනාශකිරීමට පීඩාකාරයා සූදානම්වෙන විට, ඔහුගේ කෝපය නිසා නිතරම දවස මුළුල්ලෙහි වෙවුලන්ටද නුඹ කවුද? පීඩාකාරයාගේ කෝපය කොතැනද?
නුඹලාගේ ඇස් අහස දෙසට ඔසවන්න, පහළ තිබෙන පොළොවත් බලන්න. මක්නිසාද අහස දුම මෙන් පහවීයන්නේය, පොළොවද වස්ත්‍රයක් මෙන් පරණවන්නේය, එහි වාසයකරන්නෝද එයාකාරයෙන්ම නසින්නෝය. නුමුත් මාගේ ගැළවීම සදාකාලේටම පවතින්නේය, මාගේ ධර්මිෂ්ඨකමද කඩ නොවන්නේය.
ඉතින් ස්වාමීන්වහන්ස, ඔබ අපේ පියාණෝය, අපි මැටිය. ඔබ අපේ කුම්භකාරයාය; අපි සියල්ලෝ ඔබගේ අතේ කර්මාන්තයය.
අහෝ ස්වාමිවූ දෙවියන්වහන්ස, ඔබගේ මහත් බලයෙන්ද දිගුකළ ඔබගේ හස්තයෙන්ද ඔබ අහසත් පොළොවත් මැවූසේක; ඔබට බැරිවූ කිසි දෙයක් නැත්තේය.
ඉශ්‍රායෙල් ගැන තිබෙන ස්වාමීන්වහන්සේගේ වචනයේ දිව්‍ය ප්‍රකාශනයය. අහස දිගහරින්නාවූ, පොළොවේ අත්තිවාරම තබන්නාවූ, මනුෂ්‍යයා තුළ ඔහුගේ ආත්මය උපදවන්නාවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක:
නුඹේ ඇස් අහස දෙසට ඔසවා ඉර සඳ තාරකා යන සියලු අහස් සේනාව දකින කල මුළු අහසින් යට සිටින සියලු ජාතීන්ට නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කොටස්කර දී තිබෙන ඒ දේවලට නමස්කාරකිරීමටත් සේවය කිරීමටත් ඇදී නොයන හැටියටද හොඳට ප්‍රවේසම් වන්න.
තව වරක්ය කී වචනයෙන් පෙන්වන්නේ නොසෙලවෙන්නාවූ දේවල් පවතින පිණිස සෙලවෙන ඒවා සෑදූ දේවල් මෙන් පහකරන බවය.
තවද ලවොදිකයෙහි සභාවේ දූතයාට මෙසේ ලියන්න: ආමෙන් නමැත්තාවූ, විශ්වාස සැබෑ සාක්ෂිකාරවූ, දෙවියන්වහන්සේගේ මැවිල්ලේ මුලවූ තැනන්වහන්සේ මේ කාරණා කියනසේක.