අසන්න, මක්නිසාද මම උතුම් කාරණා කියන්නෙමි; මාගේ තොල්වලින්ද හරි කරුණු නික්මෙන්නේය.
මාගේ මුඛය ඥානය කථාකරන්නේය; මාගේ සිතේ භාවනාකිරීම ප්‍රඥාව ගැන වන්නේය.
එසේය, නුඹේ තොල් හරි දේවල් පවසන විට මාගේ හෘදය පිනායන්නේය.
මක්නිසාද මම යහපත් ඉගැන්වීම නුඹලාට දෙමි; මාගේ උපදෙස් අත් නොහරින්න.
මෙසේ වූයේ– උපමාවලින් මාගේ මුඛය අරින්නෙමි; ලෝකයේ පටන්ගැන්මේ සිට සැඟවී තිබුණු කාරණා ප්‍රකාශකරන්නෙමියි අනාගතවක්තෘහු කරණකොටගෙන කියනලද කාරණා සම්පූර්ණ වන පිණිසය.
දෙවියන්වහන්සේගේ වචනය සම්පූර්ණ කිරීමට, නුඹලා උදෙසා මට දෙනලද උන්වහන්සේගේ ගබඩාකාරකමේ හැටියට, සභාවේ සේවකයෙක් කරනු ලැබීමි.