ගොනෙකු මරණයට යන්නාක් මෙන්ද, අඥානයෙකු විලංගුවේ දඬුවමට යන්නාක්මෙන්ද, ඊගසක් ඔහුගේ අක්මාවට වදින තුරු,
ක්ෂයවෙන්නාවූ දිරාගිය දෙයක් මෙන්ද කාවුන් කෑ වස්ත්‍රයක් මෙන්ද වෙම් නමුත්,
ස්ත්‍රියෙකු හා සමඟ කාමමිථ්‍යාචාරය කරන්නා නුවණ නැති කෙනෙක්ය. එය කරන්නා තමාගේම ප්‍රාණය නාස්තිකරන්නේය.
ඇගේ බොහෝ මිහිරි කථාවලින් ඔහු කැමැතිකරවා, ඇගේ තොල්වල ඉච්චාවෙන් ඔහු ඇදගනයයි.
මලපත තම ප්‍රාණය හානිකිරීමට තිබෙන බව නොදැන පක්ෂියෙක් ඊට යුහුව යන්නාක්මෙන්ද, ඔහු එකෙණෙහිම ඇය කැටුව යන්නේය.
අනාගතවක්තෘවූ යෙරෙමියාට ගසා, ස්වාමීන්වහන්සේගේ ගෘහයේ ඉහළ බෙන්යමින් දොරටුවේ තිබෙන දඬුකඳේ ඔහු දඬුගැසුවේය.
නුවර ඉදිරියෙහි පිහිටියාවූ සියුස්ගේ දේවාලයේ පූජක තෙමේ ගොන්ද මල්මාලාද දොරටුව ළඟට ගෙනැවිත්, සමූහයන් සමඟ යාගකරන්ට හැදුවේය.
ඔහු එවැනි අණක් ලැබූ බැවින් ඔවුන් ඇතුල් හිරගෙයි දමා, ඔවුන්ගේ පාද සවිලෙස දඬුගැසුවේය.