එවිට වේශ්‍යාවකුගේ වස්ත්‍ර ඇඳ සිටි රැවටිලි සිත් ඇති ස්ත්‍රියෙක් ඔහුට මුණගැසුණාය.
සර්පයා වනාහි ස්වාමිවූ දෙවියන්වහන්සේ සෑදූ වනයේ කවර සත්වයෙකුටත් වඩා ප්‍රයෝග සහිත වූයේය. ඌද: ඇත්තටම උයනේ කොයි ගසකින්වත් කන්ට එපාය කියා දෙවියන්වහන්සේ කීවාදැයි ස්ත්‍රියගෙන් ඇසීය.
යෝරාම් යේහු දුටු විට: යේහු, සමාදානයෙන්දැයි ඇසීය. ඔහු උත්තරදෙමින්: නුඹේ මවුවූ යෙසෙබෙල්ගේ වේශ්‍යාකමද ඇගේ මායාද මෙපමණ තිබියදී මොන සමාදානයක්දැයි කීවේය.
යේහු යෙස්‍රෙයෙල්ට ආ කල යෙසෙබෙල් ඒ අසා ඇගේ ඇස්වල අඳුන් ගා හිස සරසාගෙන කවුළුවෙන් බැලුවාය.
එසේය, ඈ කොල්ලකාරයෙකු මෙන් රැකසිට, මනුෂ්‍යයන් අතරේ අවිශ්වාසයන් වැඩිකරන්නීය.
එම්බා මතකනැතිවුණු වේශ්‍යාව, වීණාවක් ගෙන නුවර ඇවිද, නුඹ ගැන මතක්වෙන පිණිස මිහිරි ගී නාද කොට, බොහෝසේ ගී කියන්න.
ඉතින් නුඹ නාස්තිවුණාම කරන්නේ කුමක්ද? නුඹ රතු වස්ත්‍ර පැළඳ ගත්තත් ස්වර්ණාභරණවලින් සැරසුණත් නුඹේ ඇස්වල අඳුන් ගාගත්තත් නුඹේ අලංකාරවීම නිෂ්ඵලවන්නේය; නුඹේ ප්‍රේමවන්තයෝ නුඹ ප්‍රතික්ෂේපකරති, ඔව්හු නුඹේ ප්‍රාණය හානිකරන්ට සොයන්නෝය.
එසේම ස්ත්‍රීන් ලජ්ජාවෙන් සහ විනීත භාවයෙන් යුක්තව, ඔබින වස්ත්‍ර ඇඳ, ඉසකේ ගෙතීමෙන්වත් රනින්වත් මුතුවලින්වත් අනර්ඝ වස්ත්‍රවලින්වත් නොව,