Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



හිතෝපදේශ 6:31

Sinhala Revised Old Version

නුමුත් ඔහු අසුවුණොත් සත් ගුණයක් ගෙවන්ට ඕනෑය; තමාගේ ගෙයි මුළු සම්පත වුවත් දෙන්ට ඕනෑය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

8 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේ: ඉදින් යමෙක් කායින් මරන්නේද ඔහුගෙන් සත්වරක් පළිගනු ලබන්නේයයි ඔහුට කීසේක. කායින් සම්බවෙන කිසිවෙක් ඔහුට පහර නොදෙන පිණිස ස්වාමීන්වහන්සේ ඔහුට ලකුණක් නියම කළසේක.

ඔහු මේ ක්‍රියාව කළ බැවින්ද අනුකම්පා නොකළ බැවින්ද ඒ බැටළු වැස්සී වෙනුවට සතරදෙනෙක් දෙන්ට ඕනෑයයි කීවේය.

ඔහු උත්සාහකොට ලබාගත් දේ භුක්ති නොවිඳ ආපසු දෙන්නේය; තමා ලබාගත් සම්පත් ප්‍රමාණයට ප්‍රීති නොවන්නේය.

ස්වාමිනි, අපේ අසල්වාසීන් විසින් ඔබට කළ නින්දාව ඔවුන්ගේ ළයට සත් ගුණයක් කොට හරවාදුන මැනව.

වළ අයිතිකාරයා උගේ අලාභය ගෙවා උන්ගේ අයිතිකාරයාට මිල දිය යුතුය, මළ සතා ඔහුට වන්නේය.

ණය ගෙවන්ට ඔහුට කිසිවක් නොතිබුණු බැවින්, ඔහුගේ ස්වාමියා ඔහුද ඔහුගේ භාර්යාවද දරුවන්ද ඔහු සන්තක සියල්ලද විකුණා ණය ගෙවන්ට ආඥාකෙළේය.

සාකෙවුස් නැගිට සිට: ස්වාමීනි, මා සන්තක දෙයින් දෙකෙන් කොටසක් දිළිඳුන්ට දෙමි; යමෙකුගෙන් අයුත්තේ යමක් ගෙන තිබේ නම්, ඔහුට සතරගුණයක් නැවත දෙමියි ස්වාමීන්වහන්සේට කීවේය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්