නුඹේ මුඛයේ කීම්වලින් පටලැවී, නුඹේ මුඛයේ කීම්වලින් අසුවී සිටින්නෙහි නම්,
තොල්වල අපරාධයෙහි දුෂ්ටයාට මලපතක් තිබේ; එහෙත් ධර්මිෂ්ඨයා විපතෙන් මිදෙන්නේය.
අඥානයාගේ මුඛය ඔහුට විනාශයක්ය, ඔහුගේ තොල්ද ඔහුගේ ප්‍රාණයට මලපතක්ය.
මාගේ පුත්‍රය, නුඹේ අසල්වාසියාට නුඹ ඇපවී, අන් කෙනෙකු උදෙසා නුඹේ අත් ගසා,
මාගේ පුත්‍රය, නුඹේ අසල්වාසියා අතට නුඹ අසුවී සිටින නිසා, මෙසේ කොට ගැළවීයන්න: නුඹ ගොස් නුඹේ අසල්වාසියාගේ පාමුල වැටී කන්නලව්කරන්න.
ඔවුන්ගේ දෙවිවරුන්ගේ රූප ගින්නෙන් දවාදමන්න. ඒවායේ තිබෙන රන් රිදීවලට ආශාවී ඒවා නොගන්න, එසේ කළොත් නුඹ මලපතකට අසුවන්නේය. මක්නිසාද ඒවා නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය.